වෛද්‍ය පර්යේෂණායතනයේ ජංගම දුරකථන මයිටාවන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර මොනවා ද?

ලංකාවේ තිබෙන රූපවාහිනී සේවාවන් වැඩි හරියක ප්‍රවෘත්ති ලෙස විකාශය කරන්නේ ඕපාදූප ය.


මාධ්‍ය සදාචාරය අඩු ම තුට්ටු දෙකේ ජාවාරමක් වූ ස්වර්ණවාහිනිය නම් රූපවාහිනිය ප්‍රවෘත්ති හිඟ පසුගිය දිනවල නිර්මානය කළ මොබයිල් ෆෝන් මයිටි කතාව බොරු බව කියමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කර තිබේ.


ඒ මෙසේ ය:
ජංගම දුරකථන ආශ්‍රිතව මයිටා වර්ගයේ කෘමියකු බෝවී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.

සිද්ධියට මුල්වී ඇති ජංගම දුරකථනයට මයිටාව ඇතුළුවී ඇත්තේ බාහිරින් බවත්, එම සතා කිසිසේත්ම ජංගම දුරකථනයෙහි ඇතිවූවකු නොවන බවත් අමාත්‍යංශය පවසයි.

එසේම දූවිලි සහිත ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු වියහැකි බවද පෙන්වා දෙයි.

වෛද්‍ය පර්යේෂණායතනයේ සේවකයකුගේ දුරකථනයෙන් හමුවූ මයිටාවා ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු තැනක භාවිතාවන ජංගම දුරකථනයකින් මෙතෙක් සොයාගෙන නැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.


මෙම ‍සොයා ගැනීම සිදු කළ ජංගම දුරකථනය හිමියා අපිරිසිදු පුද්ගලයකු විය යුතු ය. මහත්තයකු ලෙස ඇඳ සිටින පෙරේතයකු වෛද්‍ය පර්යේසණායතනයේ සිටින බව හා ඔහුගේ ජංගම දුරකථනය පරපෝෂිත ගබඩාවක් බවත් ස්වර්ණවාහිනියේ ප්‍රචාරය කළා නම් එය සත්‍ය පුවතක් වන්නට ඉඩ තිබිණි.


ස්වර්ණවාහිනිය මේ පුවත ප්‍රසිද්ධ කළේ හරියට ලුවී පාස්චර් කළා වගේ සොයාගැනීමක් ස්වරණවාහිනිය ම කළ අන්දමිනි.


එක පැත්තකින් මේ දවස් ප්‍රවෘත්ති හිඟ වී මාධ්‍යවලට මාන්දම හැදී තිබුණු දවස් ය. අනෙක් පැත්තෙන් මේ 'සොයා ගැනීම' කළ පුද්ගලයෝ ද රූපවාහිනියෙන් මූනත්තහඩුව පෙන්වා ගැනීම පිණිස ලංකාවේ වැඩි ම හරක් ගතිගුණ ඇති රූපවාහිනී චැනලය තෝරා ගත් හ.


වෛද්‍ය පර්යේෂණ ආයතනය වනාහි රජයේ ආයතනයකි. අවිද්‍යාත්මක බොරු ප්‍රචාර සිදු කර, මිනිසුන් නො මඟ යැවීම සඳහා එවැනි මහජන මුදලින් නඩත්තු වන ආයතනවල සේවයේ යෙදෙන අය සම්බන්ධ වෙනවා නම් හා ‍උපකරණ පාවිච්චි කරනවා නම් වහාම එය වැළැක්විය යුතුව තිබේ.


මෙවැනි 'සොයා ගැනීමක්' කළා නම් මෙවැනි ආයතනවල අය ඒ පිළිබඳ වාර්තා කළ යුතුව ඇත්තේ ආයතනයේ ඉහළ බලධාරීන්ට මිස ජනමාධ්‍යවලට නො වේ.


ඒවා ජනමාධ්‍යවලට ආ යුතු පිළිවෙලක් තිබිය යුතු ය.


මේ අසත්‍ය ප්‍රචාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත යුතුව ඇත.



මෙන්න ස්වරණවාහිනිය ප්‍රවෘත්තිය නිර්මානය කළ හැටි:


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දුෂාන්June 2, 2012 at 11:03 AM

    දුප්පතුන්ගේ මරණ විකුණන් කන ස්වර්ණවාහිනිය ගැන අසන විටත් ඔක්කාරයට එනව.

    ReplyDelete
  2. මෙවන් දේ වලින් පෙනෙන්නේ එම ආයතන වල වගකීම් විරහිත බව පමණක් නොව ප්‍රේක්ෂක අපගේ ප්‍රඥා විරහිත බවයි.

    ReplyDelete
  3. ප්‍රාමාණික විද්වතෙකු, මහාචාර්ය වරයෙකු, උගතෙකු, මනෝ විද්‍යාඥයකු, බුද්ධිමතෙකු ලෙස මාත් අදහස් දක්වන්නම් පින්වතුනි. මේ මයිටාවන් කතාව ජාත්‍යන්තර ක්රුමන්ත්රනයක් වෙන්න බැරි නැහැ නේද? මහාචාර්ය විජිත් ප්‍රියශාන්ත හේවාගේ

    ReplyDelete
  4. අපෝ ඕකුන් තාමත් ලජ්ජා නැතුව අර කට්ටඩියව live@8 එකේ promot කරනවා නේ... :/

    ReplyDelete
  5. මේකෙ ඇත්ත රටට හරියට හෙලි කළ යුතුයි.ගොඩක් අය මේ මයිටාවන් ගැන බයෙන් ඉන්නේ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා