Posts

Showing posts with the label ජංගම දුරකථන

වෛද්‍ය පර්යේෂණායතනයේ ජංගම දුරකථන මයිටාවන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර මොනවා ද?

Image
ලංකාවේ තිබෙන රූපවාහිනී සේවාවන් වැඩි හරියක ප්‍රවෘත්ති ලෙස විකාශය කරන්නේ ඕපාදූප ය. මාධ්‍ය සදාචාරය අඩු ම තුට්ටු දෙකේ ජාවාරමක් වූ ස්වර්ණවාහිනිය නම් රූපවාහිනිය ප්‍රවෘත්ති හිඟ පසුගිය දිනවල නිර්මානය කළ මොබයිල් ෆෝන් මයිටි කතාව බොරු බව කියමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මෙසේ ය: ජංගම දුරකථන ආශ්‍රිතව මයිටා වර්ගයේ කෘමියකු බෝවී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි. සිද්ධියට මුල්වී ඇති ජංගම දුරකථනයට මයිටාව ඇතුළුවී ඇත්තේ බාහිරින් බවත්, එම සතා කිසිසේත්ම ජංගම දුරකථනයෙහි ඇතිවූවකු නොවන බවත් අමාත්‍යංශය පවසයි. එසේම දූවිලි සහිත ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු වියහැකි බවද පෙන්වා දෙයි. වෛද්‍ය පර්යේෂණායතනයේ සේවකයකුගේ දුරකථනයෙන් හමුවූ මයිටාවා ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු තැනක භාවිතාවන ජංගම දුරකථනයකින් මෙතෙක් සොයාගෙන නැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. මෙම ‍සොයා ගැනීම සිදු කළ ජංගම දුරකථනය හිමියා අපිරිසිදු පුද්ගලයකු විය යුතු ය. මහත්තයකු ලෙස ඇඳ...

ජංගම දුරකථනයක් මිළ දී ගැනීමේදී අහු නොවී ඉන්න එක ක්‍රමයක්

Image
(පාරිභෝගිකයන් ලෙස ආරක්ෂා වීමේ වැදගත්කම වෙනුවෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක් ඇසුරෙන් සැකසිණි.)  ජංගම දුරකතනයක් මිල දී ගැනීමේ දී එහි තත්ත්වය පිළිබඳ ව පාරිභෝගිකයින්ට අවබෝධයක් ලබා ගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබේ.  මෙහි දී ජංගම දුරකතනයක් මිල දී ගැනීමට ප්‍රථම දුරකතන පෙට්ටියේ සහ දුරකතනයේ අංක 15කින් යුතු ඉමි අංකය (IMEI) සමඟ අදාළ දුරකතනයේ අංක පුවරුවෙන් *#06# ඇතුළත් කොට ලැබෙන අංකය සසඳා ඉමි අංකය තහවුරු කර ගත හැකි වේ. අදාළ ඉමි අංකය , IMEI හිස්තැනක් දුරකතනයේ ඉමි අංකය යොදා 1909 වෙත SMS පණිවිඩයක් එවීමෙන් තත්පර 30ක් ඇතුළත දුරකතනයේ නීතිමය ආවරණය පිළිබඳ ව පාරිභෝගිකයා වෙත තොරතුරු ලබා ගත හැකි වන බව ඔහු පවසයි.  මේ මගින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය එම දුරකතනය වෙත හිමි වී ඇති බව තහවුරු කර ගත හැකි වන බවත් එම අනුමැතිය කොමිෂන් සභාව මගින් ලබාදෙනුයේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය ලබා දෙන සහතිකය මත බවත් ඔහු...