ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද? දිනමිණ කතුවැකිය ගැන වැකියක්

ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද? 

මේ අද දිනමිණේ කතුවැකියයි. 

මෙහෙම අසන්නට සිදු වී ඇත්තේ ආණ්ඩුවේ වීරයන්ගේ මහ ලොකු අධිරාජ්‍ය විරෝධය සමග මේ රැජිනගේ දෙපතුල් ලෙව කෑම නො ගැලපේ යයි ආණ්ඩුවේ අය ම සිතන නිසා විය යුතු ය. 


එහෙම සිතිය යුතු නැත. එංගලන්තයේ මහ රැජින හා පොදු රාජ්‍ය මණ්ඩලය බවට අද පත්ව ඇති ඉංගිරිසි හිරු නො බසින අධිරාජ්‍යය යනු ඇත්තෙන් ම අපේ පාලකයන්ගේ ඇති යටත් විජිත මානසිකත්වයේ සංකේතයි. රැජිනගේ ගෙදර පාටියකට ගොස් එන්නට ඇත්නම් ඔවුන්ට වෙන චූන් එකක් නැත.එහෙම නැති පාලකයන් අපේ රටේ කවදාවත් සිට නැත. 


රැජිනගෙන් ආරාධනාවක් ලැබුණා නම් පපුව කීං නො ගාන අධිරාජ්‍ය විරෝධීන් මේ රටේ ප්‍රසිද්ධ අධිරාජ්‍යවාදීන් අතර නම් නැත. තද ම අධිරාජ්‍ය විරෝධීන් වන මාක්ස්වාදීන් යයි තමන් හඳුන්වා ගන්නා අයට මෙවැනි ආරාධනාවක් ලැබුණා නම් ඔවුන් එහි යනු ඇත්තේ හතර ගාතෙන් ය. ඇවිත් කතා කරන්නේ අපි අධිරාජ්‍යය ඇතුළින් වටලන්නට ගියා කියා ය. මේ අය මහ නායක හිමිවරුන් හමු වන්නට ගොස් කාටත් වාඩි වන්නට දෙන මිටි පුටුවල හෝ වාඩි නොවී බල්ලන් ලගින කාපට් මත වාඩි වූ හැටි ඔබට මතකද?


දිනමිණට කතුවැකි ලියන්නට සිදු වන්නේ මේ ඇත්ත සුදු රෙද්දෙන් වසන්නට බැරි නිසා ය.


ජනාධිපතිතුමා කොටින්ට ඊලාම් ප්‍රචාරයක් සඳහා අවස්ථාව විවර කර දෙමින්, තමන් ද හොඳ හෝ නරක ප්‍රචාරයක් මේ චාරිකාව ඔස්සේ ලබා ගත් බව ඇත්ත ය. දැන් ලංකාවේ ආණ්ඩුවේ දේශපාලකයන්ට මෙවැනි මඟුල් ගෙවල් මිස යුරෝපා රටවලින් වෙනත් ආරාධනා නො ලැබෙන නිසා ලැබුණු එක භාර ගත්තා ම කාටවත් මොකද? යුරෝපා රටකට යන්නට ලැබෙන පොඩි අවස්ථාවක් හෝ ජනාධිපතිතුමා මග හරින්නේ නැත. 


චාරිකාවලදී එතුමා මනා පෞරුෂයක් ප්‍රදර්ශනය කරන බව ද බොරුවක් නො වේ. තමන්ගේ රටින් පළා ගොස් සිටින ජන ප්‍රජාවක් එතෙරදී තමන්ට ප්‍රචණ්ඩ ලෙස විරෝධය දක්වද්දී ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකුට එතරම් තැන්පත් ලෙස කටයුතු කළ හැකි ද යන්න ඇත්තෙන් ම සැක සහිත ය. 


ඇත්තෙන් ම මේ වනාහි රට අධිරාජ්‍යවාදීන්ට අවල කෙළි කෙළින්නට පාවා දුන්නත් දෙමළුන්ට නම් කිසිදු බලයක් නො දෙන්නේ යයි සපථ කර තිබෙන සිංහල ජාතිවාදයේ ජවයේ ප්‍රදර්ශනයකි. 


ඔන්න දිනමිණ ශුද්ධ වූ බයිබලයෙන් ද හොඳ කෑල්ලක් උපුටා දක්වා තිබේ. රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නො වෙති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නො වී සිටින්නට කැමැත්තෙහි ද? එසේ නම්; යහපත කරන්න! එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසා ලැබෙනු ඇත. මන් ද? ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වන්නේ ය. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ammapa aththata , maru kathawa

    ReplyDelete
  2. // මේ අය මහ නායක හිමිවරුන් හමු වන්නට ගොස් කාටත් වාඩි වන්නට දෙන මිටි පුටුවල හෝ වාඩි නොවී බල්ලන් ලගින කාපට් මත වාඩි වූ හැටි ඔබට මතකද?
    //

    කවදද?
    දාන්නකෝ ලින්ක් එකක්!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා