ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද? දිනමිණ කතුවැකිය ගැන වැකියක්
ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද? මේ අද දිනමිණේ කතුවැකියයි. මෙහෙම අසන්නට සිදු වී ඇත්තේ ආණ්ඩුවේ වීරයන්ගේ මහ ලොකු අධිරාජ්ය විරෝධය සමග මේ රැජිනගේ දෙපතුල් ලෙව කෑම නො ගැලපේ යයි ආණ්ඩුවේ අය ම සිතන නිසා විය යුතු ය. එහෙම සිතිය යුතු නැත. එංගලන්තයේ මහ රැජින හා පොදු රාජ්ය මණ්ඩලය බවට අද පත්ව ඇති ඉංගිරිසි හිරු නො බසින අධිරාජ්යය යනු ඇත්තෙන් ම අපේ පාලකයන්ගේ ඇති යටත් විජිත මානසිකත්වයේ සංකේතයි. රැජිනගේ ගෙදර පාටියකට ගොස් එන්නට ඇත්නම් ඔවුන්ට වෙන චූන් එකක් නැත.එහෙම නැති පාලකයන් අපේ රටේ කවදාවත් සිට නැත. රැජිනගෙන් ආරාධනාවක් ලැබුණා නම් පපුව කීං නො ගාන අධිරාජ්ය විරෝධීන් මේ රටේ ප්රසිද්ධ අධිරාජ්යවාදීන් අතර නම් නැත. තද ම අධිරාජ්ය විරෝධීන් වන මාක්ස්වාදීන් යයි තමන් හඳුන්වා ගන්නා අයට මෙවැනි ආරාධනාවක් ලැබුණා නම් ඔවුන් එහි යනු ඇත්තේ හතර ගාතෙන් ය. ඇවිත් කතා කරන්නේ අපි අධිරාජ්යය ඇතුළින් වටලන්නට ගියා කියා ය. මේ අය මහ නායක හිමිවරුන් හමු වන්නට ගොස් කාටත් වාඩි වන්නට දෙන මිටි පුටුවල හෝ වාඩි නොවී බල්ලන් ලගින කාපට් මත වාඩි වූ හැටි ඔබට මතකද? දිනමිණට කතුවැකි ලියන්නට සිදු වන්නේ මේ ඇත්ත සුදු ...