දේශපාලන කටුවනක් වූ ලංකාව

"අහවලා කළා කියලා රජයට විරුද්ධව ඔය චෝදනාව කරන්න පුළුවන්. ඒත් ඒ ගැන හරි හැටි ඔප්පු කර පෙන්විය යුතුයි. පොලිස්‌ පරීක්‍ෂණවලටත් එය පහසුවක්‌. ඒත් බොරුවට චෝදනා කරලා පලක්‌ නැහැ."


කටුවන ජවිපෙ සාමාජිකයන් ඝාතනය ගැන මෙසේ කියන්නේ ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලයි.


ඒ කියන්නේ දැන් යම් සිද්ධියක් පිළිබඳ ආණ්ඩුවේ පුද්ගලයකුට විරුද්ධව පැමිණිලි කරනවා නම් එය කළ යුත්තේ චෝදනාව ඔප්පු කරලා ය.


චෝදනා ඔප්පු කරන්නේ අධිකරණයේ ය. මිනීමැරුමක් නම් ඒ පිළිබඳ පැමිණිල්ල මෙහෙයවන්නේ මිය ගිය පුද්ගලයා නොව පොලිසියයි. පොලිසිය එසේ කළ යුත්තේ මහජනතාව පොලිසිය නඩත්තු කරන්නේ ඒ වෙනුවෙන් වන බැවිනි.


ලංකාවේ අපරාධ රැල්ල දැන් දේශපාලන මෙහෙයුමෙන් මිදී පාලනය කළ නො හැකි තත්වයට පත්ව ඇති බව පෙනේ. 


පසුගිය දිනෙක පළාත් සභා මන්ත්‍රීවරයකු කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන යමින් සිටියදී ඇමති ජීවන් කුමාරතුංග ඔහු බේරා ගත්තේ ජනාධිපතිට හැ ආරක්ෂක ලේකම්ට කතා කරලා ය. සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ නැත. 


කටුගෙය බිඳ පුරා වස්තු සොරකම් කර දැන් මාස ගණනකි. සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ නැත. 


තවත් මෙවැනි සිදිධි බොහෝ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා!!!

    ReplyDelete
  2. ලංකාවේ බස්නාහිර පළාත හැරුණු කොට පවතින දරුණුම පාතාලය දකුණේය.කොටින්ම හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි. මේ අද ඊයේ නොව මීට දශක දෙකකටත් පෙර සිටය.අද විපක්ෂයේ සිටින ඇත්තන්ද අද ආණ්ඩුවේ ඉහල පුටුවල සිටින ඇත්තන්ද මේ පාතාලයට අවශ්‍ය දේශපාලන රැකවරණය නොඅඩුව ලබා දුනි. කටුවන සිද්ධියද මේ කතාවේම එක කොටසක් පමණි.හම්බන්තොට සාමාන්‍ය මිනිහාට මෙය අරුමයක්ද නොවේ.කාලයක් සුරියවැව නගරය සම්පුර්ණයෙන්ම දකුණේ පාතාල සොහොදරයින් කීප දෙනෙකු විසින් පාලනය කෙරුණි.එහෙම බැලුවාම මේවා බොහොම ටොයිස් සිදුවීම්ය.අද ඇල් වතුරත් නිවල බොන එදා මේ පාතාලයට දේශපාලන රැකවරණ දුන් උතුමන් තමන්ගේ දේශපාලන මාර්ගය පාදා ගැනීමට යොදාගත් පාතාල නායකයින් එකා පිට එකා වල කජ්ජ ගැස්සවුහ .ඉතිරි වූ චන්ඩින් ඉඳහිට තම මැරකම් වලට ලැබෙන සහයෝගයට මෙලෙස ප්‍රති උපකාර දක්වති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා