ජාතියේ පළමු මස්සිනාට පුතාලා දුන් තෑගි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ ගල්කිස්සේ පිහිටි ගෙය සොරු බින්දෝ ය. 


නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ රටේ පළමු කාන්තාව වන ශිරන්ති වික්‍රමසිංහ නෝනාගේ සහෝදරයා ය. ඒ කියන්නේ ඔහු ජාතියේ පළමු මස්සිනා ය. 


හොරු ගේම දුන්නේ මරු තැනකට ය. ඔවුහු එක්සත් ජනපද ඩොලර් 11,500ක්, ස්ටර්ලිං පවුම් 10,500ක් හා රු. මිලියන හතරක් වටිනා දියමන්ති එබ්බවූ රොලෙක්ස් රන් ඔර්ලෝසුවක් රැගෙන ගිය හ. 


මෙච්චර විදේශ විනිමය හා ඔර්ලෝසුව කොහෙන්ද කියා සහ ඒවා නීතිමය ආකාරයෙන් ගිනුම්ගත නො කර ලිබ්බොක්කේ වළලා තිබුණේ ඇයිදැයි විපක්ෂයේ හොරු ඇසූ හ. 


උන්ගේ ආච්චිලාගේ ඉහටිය ය. 


සල්ලි හා ඔර්ලෝසුව කොහෙන්දැයි දැන් ජාතියේ පළමු මස්සිනා පැහැදිලි කර දී ඇත. මේ වනාහි ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවේ සිටින පුතාලා අලුත් අවුරුද්දට හා උපන් දිනයට දුන් තෑගි ය. දුන්නේ අවුරුද්දට නිසා තාම දින 90 පැන නැත. ඒ නිසා ලිබ්බොක්කේ තබා ගන්නට පුළුවන. 


ලංකාවේ මහජනතාව වන බහුතරයක් සිඟන්නන්ට මේවා තේරෙන්නේ නැත. අනුන්ට ඉරිසියා නො කර, තමන්‍‍ගේ දරුවන්ව ද මහන්සි වී ලෝකෙන් උතුම් රටින් ජය භූමියට යවනවා නම් මෙවැනි තෑගි ලබා ගැනීමට කාට කාටත් බැරි නැත. 


තාත්තලාට සරොං කෑලි තෑග්ගට දෙන හිඟන නොට්ටිගේ පුතාලා දැන ගත යුතු කාරණය වන්නේ දෙනවා නම් දිය යුත්තේ මෙවැනි තෑගි බවයි. 


මේ වාසනාව ය. ශ්‍රීලංකන් පාඩු ලබන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ අවාසනාව නිසා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. නියම කතා ටික. patta

    ReplyDelete
  2. ජාතියේ පළමු මස්සිනා ළඟ රෝලෙක්ස් ඔරලෝසුවක් එහෙම නොතිබුනානම් මුළු රටටමනේ අවනම්බුව. ගුවන් සේවය යකාට ගියාවේ මොකද ඕවගේ අපි යනවා කියලය.

    ReplyDelete
  3. හොදට හිනාවෙලා ලේ පිරිසිදු කරගමු. අපිට තියෙන්නෙ එච්චරයි......

    ReplyDelete
  4. මාත් මගේ තාත්තාට දීලා තියෙනවා රුපියල් ම දෙදාහක් විතර වටින ඔරලෝසුවක්!

    ReplyDelete
  5. මේ සිද්ධිය පවුලේ ඇකුලේ කචල් එකක්. මහින්දයාගෙ කොටු පැනිලිවල ෆොටෝ වගයක් ශිරන්තියාට මාට්ටු වෙලා..එයා ඒවා අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න තියාගන්න මස්සිනාගේ ගෙදර හංගලා. ඒක මහින්දයාට දැනගන්න ලැබුනට පස්සෙ ඒක ගොඨාගේ සෙට් එකක් ලව්වා ඉස්සෙව්වා. මේකට මල පැන්න ශිරන්ති මස්සිනාට කිව්ව වටිනා බඩුමුට්ටු ලිස්ට් එකක් නැතිවෙලා කියලා පැමිණිල්ලක් දාන්න කියලා. ඒ බූරුවාත් වැඩිය හිතන්න නැතිව ඒක කොළා.

    ReplyDelete
  6. කාටද ආඩම්බර !!!! පින්බර තාත්තලාගේ පින්බර පුත්තු !!!

    ReplyDelete
  7. මේ කියන කතාවත් හරි... අපි ඉරිසියා නොකර ඉන්න ඕන ඕවට...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා