Posts

Showing posts with the label නිශාන්ත වික්‍රමසිංහ

රාජපක්ෂ පවුලේ ශ්‍රීලංකට් ගුවන් සේවය

Image
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සිදු වී තිබෙන දූෂණ, වංචා හා ලිංගික අපචාර රාජපක්ෂ පවුලේ මජරකමේ තරම සංකේතවත් කරයි. අදාළ පරීක්ෂණ වාර්තාව විසින් ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ හා එහි ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ ක්‍රියා හෙළිදරව් කරමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කර තිබේ. හිටපු ජනාධිපති 'ආර්යා' ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ 67 හැවිරිදි ජ්‍යේෂ්ඨ පුරවැසියා ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කර තිබෙන්නේ අන්ත:පුරයක් ලෙස බව වාර්තා වේ. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ද ඉතා පහළ මට්ටමක ඒවා ය. ගුවන් තොටුපළ සමීපයේ ජීවත් විය යුතු බව කියා ඔහු විසින් කුලියට ගන්නා ලද සුවපහසු නිවාස දෙකක් ඔහු විසින් පරිහරණය කර තිබෙන්නේ කාම සම්භෝගය සඳහා බව වාර්තා වේ. කල්බදු පහසුකම් මත සුඛෝ‍පභෝගී වාහන දෙකක් මිළ දී ගැනීම සඳහා නිශාන්ත හා කපිල චන්ද්‍රසේන වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බව පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ. ගුවන් සේවිකාවන් තෝරාගැනීමේ කටයුතු පෞද්ගලිකව ම මෙහෙයවා තිබෙන්නේ මේ මහල්ලා ය. ඒ හා සම්බන්ධ කාර්යයන්හිදී ඔහු ලිංගික අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ. ...

ජාතියේ පළමු මස්සිනාට පුතාලා දුන් තෑගි

Image
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ ගල්කිස්සේ පිහිටි ගෙය සොරු බින්දෝ ය.  නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ රටේ පළමු කාන්තාව වන ශිරන්ති වික්‍රමසිංහ නෝනාගේ සහෝදරයා ය. ඒ කියන්නේ ඔහු ජාතියේ පළමු මස්සිනා ය.  හොරු ගේම දුන්නේ මරු තැනකට ය. ඔවුහු එක්සත් ජනපද ඩොලර් 11,500ක්, ස්ටර්ලිං පවුම් 10,500ක් හා රු. මිලියන හතරක් වටිනා දියමන්ති එබ්බවූ රොලෙක්ස් රන් ඔර්ලෝසුවක් රැගෙන ගිය හ.  මෙච්චර විදේශ විනිමය හා ඔර්ලෝසුව කොහෙන්ද කියා සහ ඒවා නීතිමය ආකාරයෙන් ගිනුම්ගත නො කර ලිබ්බොක්කේ වළලා තිබුණේ ඇයිදැයි විපක්ෂයේ හොරු ඇසූ හ.  උන්ගේ ආච්චිලාගේ ඉහටිය ය.  සල්ලි හා ඔර්ලෝසුව කොහෙන්දැයි දැන් ජාතියේ පළමු මස්සිනා පැහැදිලි කර දී ඇත. මේ වනාහි ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවේ සිටින පුතාලා අලුත් අවුරුද්දට හා උපන් දිනයට දුන් තෑගි ය. දුන්නේ අවුරුද්දට නිසා තාම දින 90 පැන නැත. ඒ නිසා ලිබ්බොක්කේ තබා ගන්නට පුළුවන.  ලංකාවේ මහජනතාව වන බහුතරයක් සිඟන්නන්ට මේවා තේරෙන්නේ නැත. අනුන්ට ඉරිසියා නො කර, තමන්‍‍ගේ දරුවන්ව ද මහන්සි වී ලෝකෙන් උතුම් රටින් ජය භූමියට යවනවා නම් මෙවැනි තෑගි ලබා ගැනීමට කාට ක...