වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණය කරන රජයේ සේවකයන්ට ආදර්ශයක්

රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණය කරති. 


රජයේ සේවකයන්ට ජීවත් වීමට තරම් වැටුපක් නැති බවට ඔවුහු කෙඳරිගාති. 


මේවා පිළිගත නො හැකි කරුණු ය. 


තමන්ගේ වැටුප අරපිරිමැස්මෙන් පරිහරණය කළහොත් ලබන ආත්මයත් මේ ලෝකෙන් උතුම් රටේ ම ඉපදී සැප විඳීමට හේතු වාසනා වන අන්දමේ පින්කම් කර ගත හැකි ය. 


රජයේ සේවකයන් ආදර්ශයට ගත යුත්තේ අපේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා ය. නැති බැරිකම් කියමින් නො සිට එතුමා සිය 63වන උපන් දිනය සැමරුවේ මහා දානමය පිංකමකිනි. 


එය ද සුළුපටු දානයක් නො වේ. කෝට්ටේ ඊයම්පෝරුවේ රජ මහා විහාරයේ භික්ෂූන්ට පිරිනමන ලද දෙමහල් සංඝාවාසයකි. ඒ 101 නමක් විෂයෙහි දුන් සංඝගත දක්ෂිණාවට, 1000කට බෙදා දුන් වියළි ආහාර මුල්වලට, 1000ක් ඇස් කන්නාඩිවලට, 200ක් ස්පර්ශක කාචවලට හා 20ක් රෝද පුටුවලට අමතරව ය. 


හිත ඇත්නම් පත කුඩා ද? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. උඹ ඔය කියන්න තටමන්නේ මක්කෙයි කියල අපිට හොදට තේරෙනවා.... අපිට අපේ සල්ලි වලින් දානේ දෙන්න බැරි එකේ උන්නාසේලාවත් අපේ සල්ලි වලින් දානේ දුන්නම මක්කෙයි වෙන්නේ.....

    ReplyDelete
  2. සාධු සාධු.......එපින් බලයෙන් මෙපින් බිමේ නැවත නැවත ඉපදේවා.

    ReplyDelete
  3. අනේ ඉතින් එතුමා ඇමෙරිකාවේදී අමාරුවෙන් හරි හම්බු කරපුවයින් වෙන්නැති ...නැත්නම් අර ජාතියේ පළමු මස්සිනාට වගේ පිට රට ඉන්න ළමෝ ලපටි තෑගි දුන්නුවද කවුද දන්නේ...මොනවා උනත් පින්බර රටක පින්බර නායකයෝ එහෙමයි....පෙර කරුම වලට දුක් විඳින ජහමනය මේවට හුල්ලලා මක්කැයි ? ලබන ආත්මෙදිවත් මෙපින්බිමේ රජ පවුලක උපදින්න පතනවා හොඳයි.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා