Posts

Showing posts with the label රජයේ සේවය

වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණය කරන රජයේ සේවකයන්ට ආදර්ශයක්

Image
රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණය කරති.  රජයේ සේවකයන්ට ජීවත් වීමට තරම් වැටුපක් නැති බවට ඔවුහු කෙඳරිගාති.  මේවා පිළිගත නො හැකි කරුණු ය.  තමන්ගේ වැටුප අරපිරිමැස්මෙන් පරිහරණය කළහොත් ලබන ආත්මයත් මේ ලෝකෙන් උතුම් රටේ ම ඉපදී සැප විඳීමට හේතු වාසනා වන අන්දමේ පින්කම් කර ගත හැකි ය.  රජයේ සේවකයන් ආදර්ශයට ගත යුත්තේ අපේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා ය. නැති බැරිකම් කියමින් නො සිට එතුමා සිය 63වන උපන් දිනය සැමරුවේ මහා දානමය පිංකමකිනි.  එය ද සුළුපටු දානයක් නො වේ. කෝට්ටේ ඊයම්පෝරුවේ රජ මහා විහාරයේ භික්ෂූන්ට පිරිනමන ලද දෙමහල් සංඝාවාසයකි. ඒ 101 නමක් විෂයෙහි දුන් සංඝගත දක්ෂිණාවට, 1000කට බෙදා දුන් වියළි ආහාර මුල්වලට, 1000ක් ඇස් කන්නාඩිවලට, 200ක් ස්පර්ශක කාචවලට හා 20ක් රෝද පුටුවලට අමතරව ය.  හිත ඇත්නම් පත කුඩා ද?  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සෞඛ්‍ය ඇමතිගේ ගමේ රෝහලේ කාමරේ පොරේ

Image
(2011 අප්‍රේල් 27,   W3Lanka )  සෞඛ්‍ය ඇමතිතුමාගේ ගම වන පොළොන්නරුවේ මහ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක ය. වෛද්‍යවරුන්ගේ විවේක කාමරය හෙද පාලිකාවට දුන්නාට දොස්තරලා රණ්ඩු කරති. කාමරය ආපසු දොස්තරලාට දුන්නොත් හෙදියන් රණ්ඩු කරනු ඇත. හෙදියන් වර්ජනය කළත් පාඩුව රෝගීන්ට ම ය. ‍මෙතැන අභිමානය පිළිබද ප්‍රශ්නයක් ද ඇත. ඇමති මෛත්‍රීපාල සෞඛ්‍ය ඇමතිකමට පත් වූ හැටියේ මුලින් ම කළේ පොළොන්නරුව රෝහල මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමයි. ඒත්, වෛද්‍යවරුන්ට විවේක කාමරයක් ලබා දීම හා හෙද පාලිකාවට නිල කාමරයක් ලබා දීම වැනි සරළ ප්‍රශ්නයක් විසඳීම‍ට හෝ ඇමතිවරයා සමත් වී නැති බවා පෙනේ. මේ කාමරේ පොරේ ඒ නිසා ය. (ජේ. එම්. මෝර්ටන් නම් ඉංගී‍්‍රසි නාට්‍ය රචකයා ගේ ‘බොක්ස් ඇන්ඩ් කොක්ස්’(Box and Cox) නමැති විකට නාටකයේ අනුවර්තනයක් ලෙස 1960 දී දයානන්ද ගුණවර්ධනයෝ ‘කාමරේ පොරේ’ නමින් නාට්‍යයක් කළේ ය.) ඇත්තෙන් ම, ලංකාවේ ප්‍රධාන රෝහල්වල දැඩි ඉඩකඩ හිඟයක් ඇත. බොහෝ ප්‍රධාන රෝහල්වල සායන පැවැත්වෙන කුඩා කුටි ඇඟිල්ලක් ගහන්නට තරම් හෝ ඉඩ නැති ඉරිදා පොළවල් වැනි ය. වාතාශ්‍රය පවා නැති මෙම සායන ඇත්තෙන් ම රෝග පතුරුවා හරින මධ්‍යස්ථාන ය. රෝහල් ...

රජයේ සේවකයා කම්කරුවෙක්ද?

Image
(2010 ජුලි 21,  W3Lanka )  පසුගිය දිනෙක අප රජයේ සේවකයන්ගේ රු. 2500 වැටුප් සටන ගැන ලියන ලද  2500 වැටුප් වැඩි වීම, අලුත් බදු, රජයේ සේවක කම්කරුවෝ හා හම්පඩ වෘත්තීය සමිති   නම් ලිපිය පිළිබඳ උරණ වූ වෘත්තීය සමිති නායකයකු විසින් අසන ලද ප්‍රශ්නයක් නම් රජයේ සේවකයන් කම්කරුවන් නො වන්නේ ද යන්නයි.  කම්කරුවා යනු යම් මිළකට ශ්‍රමය විකුණන්නකු ලෙස නිර්වචනය කරන්නේ නම් ලංකාවේ රජයේ සේවකයෝ ද කම්කරුවෝ වෙති. එහෙත්, බොහෝ රජයේ සේවකයන් ශ්‍රමය වගුරුවන්නේ සුළු වශයෙන් වන බැවින් ඔවුන් ශ්‍රමයට ඉහළ මිළක් ලබා ගන්නා කම්කරු පිරිසකි.  ඔවුන්ට මෙසේ සිය ශ්‍රමයට ඉහළ මිළක් ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන්නේ ඔවුන්ට වැටුප් ගෙවන රජය මහජනයාගෙන් සූරා කන බදු ආදායමින් සැලකිය යුතු පංගුවක් නිර්ලෝභී ලෙස ඔවුන් වෙනුවෙන් විසි කරන නිසා ය. රජය අසාධාරණ අන්දමින් අය කරන බදුවලින් ලබන ආදායමේ කටු ලෙවකන්නන් වන මෙම අතරමැදි පංතික පීඩක සමාජ ස්ථරය ඒ වෙනුවෙන් කටු කන බල්ලන් සේ මේ ධනේශ්වර රාජ්‍යය රැක ගනියි.  නිදසුනක් ලෙස, පසුගිය මැතිවරණවලදී ඒ වෙනුවෙන් සිය ආණ්ඩුවට නිසි ලෙස කළගුණ සැලකුවේ මේ වෘත්තීය සමිති නායකයන්ට කොකා ...

විදේශ ශ්‍රමිකයිනි, ඔබේ වටිනා ඡන්දය මේ ආණ්ඩුවට දී ඔබ දුක සේ උපයා එවූ මුදලින් මේ දේශපාලන හා රජයේ සේවක පරපෝෂිතයන් නඩත්තු කරනවාද? | Expatriate workers, will you maintain these parasites further with your hard earned remittances?

Image
(2010 මාර්තු 24- W3Lanka )  විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස්.සිරිසේන පවසන පරිදි විදේශ රැකියාවල යෙදෙන ලාංකිකයන් ඇමරිකන් ඩොලර් බිලියන 3.3ක හෙවත් රුපියල් කෝටි 33000ක විදේශ විනිමය 2009දී ලංකාවට එවා තිබේ. ඒ අනුව, 2009දී ලංකාවේ ප්‍රධාන වදේශ විනිමය උත්පාදන මාර්ගය වී ඇත්තේ විදේශ රැකියායි. ආණ්ඩුවේ දේශපාලකයන් විදේශ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයන්ගෙන් ආරම්භයේදී ම සැලකිය යුතු මුදලක් ගසා කති. මෙම විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ආණ්ඩුව කරන එකම වැදගත් සේවය වන්නේ යම් පුද්ගලයකු එතෙරදී මිය ගියහොත් මාස ගණනක් පමා වී හෝ මිනිය මෙරටට ගෙන්වා දීමයි. ‍සේවයේ යෙදී සිටින හෝ ආපසු මෙරටට පැමිණි විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ඵලදායී සුබසාධන සේවයක් සපයන්නේ නැත. මේ මිනිසුන් එතෙරදී දහ දුක් විඳ උපයාගෙන එන මුදලින් ආණ්ඩුව කරන්නේ තමන් ඇතුළු පරපෝෂිතයන් රොත්තක් නඩත්තු කිරීමයි. දේශපාලකයන් සහ රජයේ සේවකයන් නම් වන මෙම පරපෝෂිතයන්ට නිකම් සිට වැටුප් ගැනීමට හා මැරෙන තෙක් විශ්‍රාම ලැබීමට ද පහසුකම් රජය විසින් සපයා තිබේ. රටට විදේශ විනිමය ගෙන එන විදේශගත ශ්‍රමිකයන්ට මේ කිසිවක් නැත....

ඇමති මණ්ඩලය 20ට බැස්සුවොත් රු. 10,000කින් වැටුප් වැඩි කරන්න පුළුවන් -ලාල් කාන්ත

Image
පඩි වැඩි නො වුණත් ඇමති මණ්ඩලය අඩු වෙන එක සහනයක් (2009 දෙසැම්බර් 14 - W3Lanka ) රජයේ සේවක වැටුප් රු. 10,000කින් වැඩි කරන බවට විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් කරන ලද ප්‍රකාශය දැන් රජයට පක්ෂපාත දේශපාලනඥයන්ගේ බරපතල විවේචනයට ලක් වී තිබේ. එහෙත්, එම ප්‍රකාශය ආරක්ෂා කරමින් ජවිපෙ වෘත්තීය සමිති නායක ලාල් කාන්ත පවසන්නේ එකසිය දහයක්‌ වන රජයේ ඇමැති මණ්‌ඩලය විස්‌සක්‌ දක්‌වා අඩු කිරීමෙන් හා රජය විසින් අසීමිත ලෙස සිදු කරනු ලබන අනවශ්‍ය වියදම් කපාහැරීමෙන් ඉතිරි වන මුදලින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළ හැකි බවයි.  සිංහලෙන් ලියාගෙන විවිධ භාෂාවලින් කතා පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගනු ලබන ටෙලිප්‍රොම්ප්ටරය නොමැතිව විපක්ෂ අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු ඔහුට සහාය දෙන පක්‍ෂවල නායකයෝ ඊයේ (13 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ...

මල්ලිට අයියා වෙනුවෙන් එළිපිට මැතිවරණ ව්‍යාපාර බැහැ. මල්ලි රජයේ සේවකයෙක්නේ

Image
(2009 දෙසැම්බර් 12 - W3Lanka ) ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයාවන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ රජයේ සේවකයකු වන බැවින් ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලීම වළක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර මැතිවරණ කොමසාරස්වරයාගෙන් ඉල්ලා සිටීමට යන බව වාර්තා වේ.  අධිකරණ නිලධාරීන්, සන්නද්ධ සේවාවල නිලධාරීන්, පොලිස්‌ නිලධාරීන්, ග්‍රාමසේවා ඇතුළු සාම නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, රජයේ සේවයේ නියුක්‌ත මාණ්‌ඩලික හෝ අධීක්‍ෂණ නිලධාරීන් හා මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් භුක්‌ති විඳීමට හිමිකමක්‌ නැති බව චක්‍රලේඛයක්‌ නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සඳහන් කරයි. "දේශපාලන අයිතිවාසිකම් භුක්‌ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියකුට තහනම් කටයුතු" මැයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයා වෙනුවෙන් එහි නියෝජ්‍ය කොමසාරිස්‌ ඒ. ඊ. සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. මෙම නිලධාරීන්ට මැතිවරණවලට සහභාගි වීම මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට මොනයම් ආකාරයකින් හෝ ආධාර කිරීම...

රජයේ සේවක ජීවන වියදම් දීමනාව වැඩි කිරීම ප්‍රෝඩාවක්

(2009 නොවැම්බර් 20 - W3Lanka ) මාස හයෙන් හය ජීවන වියදම් දීමනාව ගණනය කරන රජයේ ක්‍රමවේදය අනුව මේ වන විට රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 3150කින් වැඩි විය යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු පෙන්වා දෙයි.  ඔහු පවසන්නේ රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 750කින් වැඩි කිරීම ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන කරන ප්‍රෝඩාවක් බවයි. එසේම, වසර ගණනාවක සිට ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට හා අදාළ හිඟ වැටුප් ලබා දීමට රජය වෙන් ක ඇත්තේ රු. කෝටි 40ක් පමණක් බව ද, ඒ අනුව දෙලක්ෂයකට වඩා සිටින ගුරුවරුන්ට රු. 2000කවත් හිඟ වැටුප් ලබා දීමට නො හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

නො ගෙවූ ජීවන වියදම් දීමනාව හා වැටුප් වැඩි වීම් ඉල්ලා රජයේ සේවකයෝ වීදි බසිති

(2009 නොවැම්බර් 18 - W3Lanka ) පසුගිය කාලයේ රජය විසින් නො ගෙවා ඇති රු. 3157ක ජීවන වියදම් දීමනාව හා වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් රැසක් පෙරදැරි කරගෙන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති රැසක් එක්ව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. එහි පළමු පියවර ලෙස අද සවස 3ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පිකටිං ව්‍යාපාරයක් පැවැත්වේ. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මෙහෙයවන රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන වෘත්තීය සමිති කමිටුව රාජ්‍ය සේවයේ දුම්රිය, තැපැල්, සෞඛ්‍ය, අධ්‍යාපන හා මුද්‍රණ ඇතුළු අංශ රැසක වෘත්තීය සමිති එකතුවකි.

උපාධිධාරීන්ට බොරු රැකියා මවා මහජන මුදලින් පඩි දෙනවාට එරෙහි වනු!

Image
(2009 නොවැම්බර් 13 - W3Lanka )  ජනසභා ලේකම්වරුන් වශයෙන් උපාධිධාරීන් 14000 ක්‌ බඳවා ගනු ඇති බව රජය පවසයි. වයස අවුරුදු 22 ත් 35 ත් අතර රැකියා විරහිත උපාධිධාරීන් මේ සඳහා බඳවා ගැනෙන බවත්, රුපියල් 15,215 ත් රුපියල් 25,960 ත් අතර ඉතා හොඳ වැටුප් තලයක්‌ මේ අයට හිමි බවත් මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා  නොවැම්බර් 11 දා මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. ඵලදායී ශ්‍රම මෙහෙවරක යෙදී ජීවත් වීමට සරි ලන වැටුපක් ලබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකමකි. රජයේ රැකියා ඉල්ලා විරෝධය දක්වන  සටහන් පාඩම් කර උපාධි ලබා ගත්, කුසලතා නැති බහුතරයක් උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳීම ඒ ප්‍රශ්නයට වග කිව යුත්තන් වන පවත්නා මුග්ධ අධ්‍යාපන ක්‍රමය රකින දේශපාලකයන්ගේ වැඩකි.  එහෙත්, මෙහි ඇති ප්‍රශ්නය වන්නේ රාජ්‍ය සේවයේ මධ්‍යම පංතික පරපෝෂිත හැතිකරය අතරට එකතු වන තවත් 14,000ක් නිකමුන් පිරිසකගේ බර කර ගැසීමට මේ රටේ දුප්පත් වැඩ කරන ජනයාට සිදු වීමයි....

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සාක්කුවට තට්ටු

Image
(2009 සැප්තැම්බර් 19 - W3Lanka) මේ වන විට රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු, සංස්ථා, සමුපකාර හා සමාගම් ආදියේ සේවකයන්ට වැටුප් ගෙවීමේ බරපතල ප්‍රශ්නයකට රජය මුහුණ දෙමින් සිටින බව ආයතන රාශියකින් ලැබෙන වාර්තා පවසයි.  බොහෝ ආයතනවල අතිකාල සේවා සීමා කර තිබෙන අතර, දීමනා හා වැටුප් වර්ධක නොගෙවීම, ආපදා ණය ලබා නොදීම, විශ්‍රාම ලබන්නන්ගේ පාරිතෝෂික නොගෙවීම ආදී ගැටළු රැසක් පැන නැඟී තිබේ. මේ අතර බොහෝ ආයතනවල සේවක අර්ථ සාධක අරමුදලට කරන බැර කිරීම් පවා කර නොමැත. බැංකු ණය වාරික බැර නොකිරීම නිසා අමතර පොලී ගෙවීමට ද සිදු වී තිබේ.

රාජ්‍ය සේවක සංඛ්‍යාව වැඩි වේ; එහෙත් සේවය දිනෙන් දින පිරිහේ

Image
(2009 සැප්තැම්බර් 14 - W3Lanka) එක්සත් ජාතික පක්‍ෂය ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර මෙරට රජයේ සේවකයන් ලක්‍ෂ 06 දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබුණද, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රජයේ සේවකයන් ලක්‍ෂ 12 දක්වා වැඩි කිරීමට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කෙළේය. මෙරට ජනගහණයෙන් පුද්ගලයන් 17 දෙනෙකුගෙන් එක් අයෙකු රජයේ සේවකයකු බවද ජනාධිපති වරයා කීවේය. දිනමිණ (2009 සැප්තැම්බර් 14) රජයේ සේවා අතරින් ප්‍රධානතම අංශ දෙක වන අධ්‍යාපනය හා සෞඛ්‍යය දෙස මොහොතකට බලන්න. ප්‍රධාන රෝහල්වල අධික තදබදයක් තිබියදී ග්‍රාමීය රෝහල් රෝගීන් නැතිව වේලෙයි. පාසල් දස දහසක් අතරින් තුන්සියයකට පමණ ඇතුල් වන්නට මහ පොරයක් පවතින අතර සෙසු පාසල්වල සිසුන් අඩු වේ. අවුරුදු පතා පාසල් සිය ගණනක් සිසුන් නැතිව වැසී යයි.රෝගීහු චැනල් මධ්‍යස්ථානවලද, සිසුහු ටියුෂන කඩවලද රස්තියාදු වෙති. රජයේ කාර්යාලයකින් සේවාවක් ලබා ගැනීමට අයදුම් කළ විට එම අයදුම්පත ලැබුණු බවට ලිපියක්වත් නොලැබෙන අවස්ථා එමටය. ගමේ ග්‍රාමසේවා නිලධාරිවරයා හමු වීම සඳහා ඔහු සොයා ඔහුගේ නිවසට, කඩපිල්වලට මෙන්ම ඇතැම් විට හොර සුරා පොළවලටද බඩ ගෑ යුතුය. සමෘද්ධි නියාමක, කෘෂි නිය...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟ වූ ආකාරයට රජය රාජ්‍ය සේවය කප්පාදු කිරීම අරඹයි

Image
(2009 අගෝස්තු 06 - W3Lanka) අයවැය පරතරය අඩු කිරීම සඳහා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟ වී තිබෙන කොන්දේසි ප්‍රකාරව කටයුතු කරමින් රාජ්‍ය සේවය කප්පාදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු රජය විසින් ගනු ලබමින් තිබේ. ඒ අනුව, සේවකයන් විශ්‍රාම ගැනීම හා තවත් හේතු නිසා පුරප්පාඩු වී තිබෙන තනතුරු සඳහා බඳවාගැනීමි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.  2010 වසරේ අයවැය සඳහා රජයේ එදිනෙදා වියදම් (පුනරාවර්තන වියදම්) ඇස්‌තමේන්තු කිරීමේදී දැනට පුරප්පාඩු වී ඇති තනතුරු පිරවීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොකරන්නැයි මුදල් අමාත්‍යාංශය සියලු රජයේ අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත. මේ අනුව ඉකුත් ජුනි 30 වැනි දිනට සිටින නිත්‍ය සේවක සංඛ්‍යාව පදනම් කරගෙන තම ආයතනවල පුද්ගල පඩි නඩි ගණනය කළ යුතු බවටද මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අතිකාල දීමනා සඳහා ප්‍රතිපාදන ඇතුළත් කිරීමේදී අතිකාල සේවයේ යෙදවිය යුතු විශේෂිත කාර්යයන් කුමක්‌දැයි පැහැදිලිව හඳුනාගත යුතු බවද, විශේෂිත අවස්‌ථාවකදී හැර අතිකාල දීමනා සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොකළ යුතු බවද මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.