Posts

Showing posts with the label Henry Steel Olcott

පියුමි බොතේජුගේ පන්සලේ විවාහය හා සැබෑ බුදු දහම | Piyumi Boteju's wedding in the temple and true Buddhism

Image
ළා දළු බෝ පත් සෙමින් සැලෙන සේ  (2010 මැයි 12 -  W3Lanka )  පියුමි බොතේජු නිළියකි. සුන්දර කාන්තාවකි. ඇය හර්ෂ බුලත්සිංහල සමග විවාහ වන බවට කට කතා පැතිරිණි. එහෙත් පසුගිය දිනෙක ඇය විවාහ වුණේ වෙනත් අයකු සමගයි.  අප ඇය පිළිබඳව කතා කරන්නේ මේ කිසිවක් නිසා නොව, ඇය විවාහ වුණේ කොළඹ ගංගාරාම පන්සලේදී නිසා ය. එහෙත්, පන්සලකදී විවාහ වූ පළමු යුවල ඔවුහු නොවෙති. නළුවකු වන අමිත්ත වීරසිංහ විවාහ වුණේ ජනාධිපති මන්දිරයේදී ය. එවකට පැවති ආරක්ෂක තත්වය නිසා ඔහු වැනි පුද්ගලයෙකුගේ විවාහ මංගල්‍යයට පැමිණීම අනතුරුදායක බැවින් 'උඹ මෙහේදි බැඳපන් කොල්ලෝ' යයි ජනාධිපතිතුමා යෝජනා කරන්නට ඇත.  රෙජිස්ට්‍රාර් සහ සාක්ෂිකරුවන් සිටිත් නම් හා වයස නිසි නම් ද, කලින් බැන්ද කසාදයක් තවමත් නීත්‍යනුකූල නැතිනම් ද යුවලකට ඕනෑ නම් අතුරක් උඩදී වුව කසා ද බැඳීමේ තහනමක් නැත.  පන්සලේදී කසාද බැඳීම පිළිබඳ අපේ කිසිදු වි‍රෝධයක් නැත. අද කාලේ ඇතැම් පන්සල්වල සිදු වන දේ දෙස බැලූ විට යුවලක් විවාහ වීම සඳහා පන්සල තෝරා ගැනීම අහිංසක ක්‍රියාවකි. එහෙත්, මෙවැනි දේ සිදු වන වාතාවරණය සැකසෙන්නේ කුමන අන්දමින්දැයි විමසා බැලීම ර...