Posts

Showing posts with the label වෙසක්

බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු

Image
බොදු බල සේනාව වේවැල්වලින් සන්නද්ධ වීමට තීරණය කර තිබේ. බුදු තෙමඟුල සැමරෙන වෙසක් සමයේ බොදු බල සේනාවේ අය වේවැල් අරගෙන වීදි සරනු ඇති බව දන්වා තිබේ. ඒ උත්සව පවත්වන සමාජය වෙනුවෙන් සමාජ ශෝධක භූමිකාවක් ලෙස පෙන්වමිනි. මේ වේවැල් සෙල්ලම අලුත් දෙයක් නොවේ. වෙසක් කාලයට විකිණෙන භාණ්ඩ අතර වේවැල් ද තිබේ යයි සිතමි. 1992දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ පවත්වන ලද පහන් කූඩු තරගයකට සහභාගි වීම පිණිස නුවර සිට කොළඹට දුම්රියෙන් පැමිණෙද්දී මා දුටු දර්ශනයක් වන්නේ ‍දුම්රියේ පාපුවරුවේ පැමිණි මදාවි කොල්ලන් කීපදෙනෙක් වේවැල්වලින් දුම්රිය මාර්ගය අයිනේ සිටි අයට පහර දීමයි. දුම්රිය අද්දර පාරේ පයින් යන මිනිසකු හිටි හැටියේ හිසට වැදුණු වේවැල් පාරකින් වේදනාවෙන් ඇඹරුණ අයුර ඒ කොල්ලන්ට මහත් විනෝදයක් විය. වේවැල් කසාය තිත්ත ය. ගුරුවරු වැනි වේවැල් කසාය දෙන අය හැමදාමත් එයින් පරපීඩාකාමී සතුටක් ලබති. 2011 වෙසක් දිනයේ අත්දැකීම් කීපයක් ‍අපි එදා ලියා තැබුවෙමු. කියවන්න: ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ඔස්සේ බුදු දහම ක්‍රිස්තිය...

බුදුන්ගේ නමින් බෙල්ල කපා ගන්නා මෙහෙව් රටක්

Image
‍ (2011 ජුලි 05,   W3Lanka )   මහා පහන් කූඩුවක් ලෙස නම් කරන ආගමික ව්‍යාපාරික නිර්මානයක් විකිණීම සමබන්ධ ආරාවුලක් මුල් කර ගෙන ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් පන්නල හෙට්ටිරිප්පුව ප්‍රදේශයේදී ඊයේ (04) සවස ඒ.එම්. ප්‍රගීත් නයන බණ්ඩාර (25) සහ ඩබ්ලිව්. ටී. සුමින්ද පීරිස් (28) නමැති තරුණයින් දෙදෙනකු ගෙල කපා මරා දමා ඇති බව අද දිනමිණ වාර්තා කරයි. මහා පහන් කූඩු යනු ලංකාවේ ප්‍රචණ්ඩ කල්ලි අතට පත් වී තිබෙන ජාවාරමක් වී තිබේ. මීට කලකට ඉහත රත්මලානේ පහන කූඩුව සමබන්ධයෙන් කල්ලි දෙකක් අතර ඇති වූ දිග්ගැසුණු ගැටුම හෙතුවෙන් මිනීමැරුම් මාලාවක් ම සිදු විය. මිනීමැරුම්වලට අමතරව කකුල් කැපීම් රැසක් ද සිදු විය. ඇතැම්හු පොලීසි ගියේ සතුරන්ගේ කැපූ කකුල කර තබාගෙන ය. මෙසේ මිනී මරා ගන්නේ බුදු පුදට යයි කියන නිර්මාන වෙනුවෙන් වීම හාස්‍යජනක ද ඛෙදජනක ද යන්න අපැහැදිලි ය. පහන් කූඩු ජාවාරම සිදු වන්නේ සමාජයේ පාතාල කණ්ඩායම් ආශ්‍රිතව ය. එහෙත්, තවත් ආගමික ජාවාරම් රැසක් බුදුන්ගේ ශ්‍රී නාමය පාවිච්චි කරමින් සමාජය වසා පැතිරී ඇත. විචිත්‍ර ධර්ම කථිකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා භික්ෂූහු බුදුන් දෙසූ බණ නැවත කීමට ගායකයන් සං...

“යාපා පටුනයි දහම් අමාවයි” ආගමික සහජීවනයයි, භීතිය විකිණීමයි | Vesak in Jaffna and opening space to sell fear

Image
(2010 මැයි 30,  W3Lanka )  වසර තිහකට පසුව උතුරු පළාත ද මෙවර වෙසක් සිරියෙන් ඒකාලෝක වූ බැව් සිංහල පුවත්පත් වාර්තා කරයි. මෙතෙක් කාලයකට කිසිම දිනෙක වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් සැරසිලි දක්නට නොලැබුණු කිලිනොච්චියේ හා මුලතිව් වැනි ප්‍රදේශවල ජනතාව යුද හමුදාව සමඟ එක්වී මහත් උනන්දුවෙන් වෙසක් උත්සවයට සැමරූ බව සිළුමිණ පුවත්පත කියයි. යාපනයේ වෙසක් උත්සවය නැරඹීමට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණි බව ද එම පුවත්පතේ ම සඳහන් විය. උතුරු නැ‍ඟෙනහිර මේ මොහොතේ ජීවත් වන මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හමුදාව බව රහසක් නොවේ. හමුදාවේ 99%ක් ම සිංහල බෞද්ධයන් බැවින් ඔවුන් වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පහන්, තොරන් ආදිය තැනීම හා රාත්‍රියට ඒවා ආලෝකවත් කිරීම සාමාන්‍ය දෙයකි. එසේ ම සිංහල, දෙමළ භේදයකින් තොරව, උසස් වින්දනයක් නොදත් ලංකාවේ ජනයා බසයක් පෙරළීම, මිනිහෙකු මරා දැමීම, ගංවතුර, මැජික් යතිවරු බුදු රැස් විහිදීම ආදී ඕනෑ කෙහෙල්මලක් බලන්නට වැල නොකැඩී යන නිසා උතුරේ දුක්බර ජීවිත ගත කරන දෙමළ මිනිසුන් ලයිට් දැමූ පාට පාට වෙසක් කූඩු බලන්නට යාම ද අමුතු දෙයක් නොවේ. දුප්පත් මිනිසුන්ට බඩට යමක් වැටෙන දන්සල් පැවැත්වීම න...