Posts

Showing posts with the label Cars

ඔබේ කාරයේ වීදුරු අඳුරු නම්..... | If your car's window glasses are tinted.....

Image
(2010 මැයි 23 -  W3Lanka )   මහත්වරුනි, ඔබේ රියේ වීදුරු අඳුරු කර ඇත්නම් ඔබේ රියදුරු බලපත්‍රය රථවාහන පොලිසියට දී රිසිට් පතක් ලබා ගැනීමේ අවස්ථාව දැන් ඔබට ලැබී ඇත. රියදුරු බලපත්‍රය ආපසු අවශ්‍ය නම් හා උසාවි ගොස් දඩ කන්නට අවශ්‍ය නැතිනම්, දින 14ක් ඇතුළත ඔබේ රිය වීදුරු එළි කරගෙන පොලිසියට ගොස් පෙන්වන්න. ඔබේ ආදරණීය ආණ්ඩුව ඔබට එසේ කරන්නේ ඔබ සංවිධානගත අපරාධ කල්ලියකට සම්බන්ධ වී අඳුරු වීදුරු ඇතුළේ දුෂ්ඨ ක්‍රියාවල යෙදීමට ඉඩ ඇති බැවිනි. ඔබේ වාහනයේ වායු සමීකරණයට ඇතුළත සීතල කිරීමට වැඩිපුර ඉන්ධන වැය වුණාට කමක් නැත. අපි දැන් දියුණු රටක් නිසා වැඩිපුර තෙල් පිච්චිය යුතු ය. පරිසර දූෂණය කළ යුතු ය. නැතිනම් අපේ දියුණුව ලෝකයට පෙනෙන්නේ නැත. වීදුරු අඳුරු කර ගන්නට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්න.