Posts

Showing posts with the label ජලය පෞද්ගලීකරණය

ජල කළමනාකරණය ගැන නැවතත් කතාබහ

Image
ආණ්ඩුව ජල කළමනාකරණය සඳහා නැවත වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ.  මෙම කරුණ අරභයා අප විසින් කලකට පෙර ටැබූ සබ්ජෙකට්ස් සමග කරන ලද සංවාදයක් වෙත අපි ඔබගේ අවධානය නැවත යොමු කරමු. එම සංවාදය නැවත කියවන කල බ්ලොග් අවකාශය වර්ණවත් කළ ටැබූ සබ්ජෙක්ට්ස් අද නැතිවීම ගැන සියුම් කණගාටුවක් ඇති වේ. කියවන්න.  ඇමති නිමල් සිරිපාලගේ ගේ පිටුපස ලෝක බැංකුව හොල්මන් කරනවාද? | Is World Bank haunting behind Minister Nimal Siripala?  මෙම ලිපිය පදනම් කරගෙන ඇති වූ සංවාදයක් පිළිබඳ අපෙ අදහස් දැක්වීම පහත දැක්වේ. ජලය වෙළඳ භාණ්ඩයක්ද? | Is water a trade commodity? මේ තවත් සංවාදශීලී ලිපියකට සබඳතා පුරුක:  රජතුමා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා (සහ තවත් අය) ගොනාට ඇන්දූ හැටි | How the king dressed or undressed Taboo Subjects  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

ඉක්වදෝර් රජයේ ජලය පෞද්ගලීකරණය කිරීමේ තැත පරාදයි | Ecuador government's attempt to privatize water defeated

Image
(2010 මැයි 28,  W3Lanka )  ජල සම්පත පෞද්ගලීකරණය කිරීමට හේතු වන බවට ස්වදේශික රතු ඉන්දියානු ජනයාගේ චෝදනාවට පාත්‍ර වූ පනතක් ඉක්වදෝර පාර්ලිමේන්තුවේදී පරාජය වී ඇත.  මෙම පනත සම්මත කර ගැනීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බවට ඉක්වදෝර ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ.  ඉක්වදෝරයේ මධ්‍යස්ථ වාමාංශික රජය පවසන්නේ මෙම යෝජනාව ජල සම්පත පෞද්ගලීකරණයට හේතු නොවන බවයි. එහෙත් ස්වදේශික ජනයාගේ හා ගොවීන්ගේ සංවිධාන එයට එරෙහිව වීදි බැස්සේ එමගින් ආකර කර්මාන්තකරුවන්ට හා ජල බෝතල් සමාගම්වලට ජල සම්පත සම්බන්ධයෙන් සුවිශේෂ වරප්‍රසාදිත තත්වයක් ලබා දෙන බව පවසමිනි.  පනත විසින් ම ජාතික උරුමයක් ලෙස පිළි ගනු ලැබ තිබෙන ගැමියන්ගේ පැරණි ජල කළමනාකරණ ක්‍රමවේදයන් ජාතික ජල ලේකම් කාර්යාලයේ පාලනයට යටත් කිරීම හා ජනාධිපති විසින් පත් කරනු ලබන ප්‍රධානියාට පනතෙන් තීරණාත්මක බලයක් ලැබීම ද ජනතා විරෝධයට තුඩු දුන්නේ ය.