Posts

Showing posts with the label අයවැය

ලබන වසරේ මහා යුද්ධයක්?

Image
( 2010 ඔක්තෝබර් 20,  W3Lanka )   ලබන අවුරුද්දේ මහා යුද්ධයක් ඇති වන බවට හෙට අනිද්දා ම ලංකාවේ ජ්‍යෝතිෂකාරයන්, පේනකාරයන් ආදීන් අනාවැකි කියන්නට පටන් ගත්තොත් පුදුම විය යුතු නැත. හේතුව, 2011 වසර සඳහා රජය විසින් ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය ඇස්තමේන්තුව අනුව ආරක්ෂාව වෙනුවෙන් රු. බිලියන 215කට වඩා වෙන් කර තිබීමයි. 2010 වසරේ ආරක්ෂක වියදම රු. බිලියන 202කි. මහා ම යුද්ධය පැවති 2009 වසර සඳහා ද ආරක්ෂාව වෙනුවෙන් වෙන් කෙරුණේ රු. බිලියන 177කි. ආරක්ෂක වියදම් වැඩි වන අනුපාතයන්ගෙන් සෙසු වියදම් වැඩි වේ ද? 2010 වසරේ සෞඛ්‍ය වියදම රු. බිලියන 53ක් වූ අතර 2010 වසරේ එය රු. බිලියන 62කි. 2010 වසරේ සාමාන්‍ය අධ්‍යාපනයට වියදම රු. බිලියන 27කි. 2011දී එය රු. බිලියන 31කි. යුද්ධය නිමා වීමෙන් පසුව පවා ලංකාවේ ආණ්ඩුව මෙතරම් මුදලක් ආරක්ෂාවට වෙන් කරන්නේ ඇයි? රට අනාරක්ෂිත නිසා ද? පාලකයන් අනාරක්ෂිත නිසා ද?  ආරක්ෂාවට මෙතරම් මුදලක් වෙන් කළත් ගැහැනියකුට, දරුවකුට මේ රටේ ආරක්ෂාවක් තිබේ ද?  Bookmark, remember easily and come again   www.w3lanka.com

අයවැය ගැන W3Lanka ගැඹුරු විශ්ලේෂණය | A deep analysis on Sri Lanka's budget

Image
(2010 ජුනි 30,  W3Lanka )  මල් නො තලා රොන් ගන්නා බඹරුන් මෙන් බදු අය කරමින්, අප පාලනය කරමින්, රට සංවර්ධනය කරන්නට තුනෙන් දෙකකට කිට්ටු ජන වරමක් සහිතව අතින් අරන් පශ්චාත්භාගයෙන් තබා ගන්නා ලද ආණ්ඩුවේ මංගල අයවැය ඊයේ ඉදිරිපත් කරන ලදී. පහත පළ වන්නේ අප විසින් අය වැය පිළිබඳ ඉතා ගැඹුරින් ආර්ථික විද්‍යාත්මකව කරන ලද විශ්ලේෂණයකි. එය කියවා අවබෝධ කර ගන්න. අයවැය පිළිබඳ සාමාන්‍ය විස්තර වෙනත් වෙබ් අඩවිවල පළ වේ . ඇද්ද අ ප ට හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! You may also like to read our English blog   Lanka Polity

අයවැයෙන් ලැබෙන දේ මෙන්න! | What will you receive from budget proposals of Sri Lanka government?

Image
(2010 මැයි 22 -  W3Lanka )  ඡන්දයක් ළඟ නැත. එහෙයින් පසුගිය ඡන්දවලදී දුන් පොරොන්දු ඉටු කරන්නට හෝ ජීවන වියදම නිසා පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සලසන්නට හෝ ආණ්ඩුවට හදිසියක් නැත. මීට අමතරව, පසුගිය ඡන්දවලදී කළ වියදම් යළි ලබා ගැනීමට වැඩපිළිවෙලක් ද දේශපාලනඥයන්ට අවශ්‍ය ය. එහෙයින් ජනතාවනි, පටි තද කර ගැනීමට සූදානම් වන්න! විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික ස්ථායීභාවය ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා, විදේශ සංචිත මට්ටම හොඳින් තිබිය යුතු ය. විදේශ සංචිත වැඩි කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ණය වැදගත් ය. සියයට 1.3ක පමණ සහන පොලියට වාරික අටකින් දෙන ඩොලර් බිලියන 2.6ක් වන මෙම ණයේ තුන්වන වාරිකය වන ඩොලර් මිලියන 326ක මුදලක් ලබා දීම සඳහා ලංකාවේ ආණ්ඩුව අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර තිබේ ද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට දූත පිරිසක් එවී ය. ඉදිරියේදී වෙන්න යන දේ පිළිබඳ ඉඟි කීපයක් ඊයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස විසින් කොළඹදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී හෙළිදරව් විය. රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේදී...

අයවැය වෙනුවට ගෙනෙන අතුරු සම්මත ගිනුම අද පාර්ලිමේන්තුවට

(2009 නොවැම්බර් 03 - W3Lanka ) 2010 වසරේ මුල් මාස 4 සඳහා වූ රුපියල් මිලියන 10,600 අතුරුසම්මත ගිණුම අද (3) අගමැති රත්නසිරි වික්‍රමනායක විසින්පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. ලබන අප්‍රේල් වන විට වර්තමාන පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන නිසා නව පාර්ලිමේන්තුවකට අයවැය ඉදිරිපත් කිරීම සඳහා ඉඩ ලබා දිය යුතු බව කියමින් රජය ගෙන එන මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද(3)හෙට (4) සහ අනිද්දා (5) දිනවල පැවැත්වෙන අතර 5 වැනිදා සවස ඡන්දය විමසීම පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය හා ජවිපෙ අතුරු සම්මත ගිනුමට විරුද්ධව ඡන්දය දෙන බව ප්‍රකාශ කර තිබේ.

අයවැය අතරේ ආණ්ඩුවෙන් විපක්ෂයට කරණම් වළක්වන්න මෙදා පාර අයවැය නෑ

Image
(2009 ඔක්තෝබර්  07 - W3Lanka ) ලබන වසරේ මුල භාගයේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී සන්ධානයෙන් තරග කර ජය ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින, රාජපක්ෂ කල්ලියෙන් කැපී ගිය රජයේ දෙවන පෙළ ඇමතිවරුන් හා මන්ත්‍රීන් අයවැය නිමිත්ත කරගෙන විපක්ෂයට කරණම් ගැසීම වැළැක්වීම සඳහා මෙවර අයවැයක් ඉදිරිපත් නො කර සිටීමට ආණ්ඩුව තීරණය කර ඇති බව දැනගන්නට තිබේ. අය-වැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පතක් මඟින් ලබන වසරේ මුදල් ප්‍රතිපාදන වෙන් නොකර අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කිරීමට ඊයේ (6) ඇඹිලිපිටියේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. සියලු ආණ්ඩු අයවැය යෝජනා සියල්ල ඉටු කිරීමේ වගකීමට ගරු නොකරන නිසාත්, අයවැය ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ පශ්චාත් ඇගයීමක් ජනතාව හමුවේ නො කෙරෙන නිසාත්, අමාත්‍යංශ අයවැයෙන් වෙන් කළ මුදල් වියදම් කර අවසන් කර පරිපූරක ඇස්තමේන්තු මගින් තව තවත් මුදල් ලබා ගැනීම සම්ප්‍රදායක් කරගෙන ඇති නිසාත්, ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගවීම දැන් අවම වී ඇති නිසාත්, රට පාලනය ඇත්තෙන් ම සිදු වන්නේ පාර්ලිමේන්තුවට හොරෙන් නිසාත්, අයවැය ආවත්, නාවත් ජනතාවට හොඳක් හෝ නරකක් වන්නේ නැත. එකම පාඩුව රෑට බත් කන ගමන් රූපවාහිනී ප්‍රවෘත...