ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදෙලන් ණය ගන්න කොන්දේසිවලට එකඟ වෙයි

(ජුලි 21, 2009 -W3Lanka) විදේශ වත්කම් හිඟ වීම පිළිබඳ හදිසි අර්බුදය පියමං කර තිබුණත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 1.9ක ණයක් ලබාගැනීම සදහා යටත් වන කොන්දේසි මාලාව ඇතුළත් 'අභිප්‍රාය ලියුම' ලංකාව විසින් අත්සන් කර තිබෙන බව මහ බැංකුව විසින් නිවේදනය කරන ලදී.


පසුගිය මාර්තු වන විට ඩොලර් බිලියන 1.44ක් දක්වාද, මැයි වන විට ඩොලර් බිලියන 1.27 දක්වාද අඩු වි තිබුණු ලංකාවේ විදේශ වත්කම් සංචිතය මේ වන විට ඩොලර් බිලියන 1.7 දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.


එහෙත්, විදේශ ණය ගෙවීම සදහාත් ආර්ථිකය නැවත ගොඩනැඟීම සඳහාත් අවශ්‍ය මුදල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණයක් ලෙස ලබාගැනීමට ශ්‍රී ලංකාව අදහස් කරයි.


මෙම ණය ලබාගැනීම සඳහා එකග වී තිබෙන අභිප්‍රායන් රට අනුගමනය කරමින් සිටින මහේක්ෂ ආර්ථික ප්‍රතිපත්තිවලට අනුකූල බව මහ බැංකු අධිපතිවරයා බ්ලූම්බර්ග් පුවත් සේවයට දුරකථනය ඔස්සේ ප්‍රකාශ කර ඇත.


එහෙත්, එකඟ වී තිබෙන කොන්දේසි මොනවාද යන්න හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීමට මහ බැංකු අධිපතිවරයා පරිස්සම් වී තිබේ. වෙයි

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා