කොළඹ පාසලේ සිසුවියට මරණය රැගෙන ආවේ ජංගම දුරකථනයද?

(2009 ජුලි 28, W3Lanka) පසුගිය දිනෙක කොළඹ ප්‍රධාන පෙළේ යයි කියාගන්නා පාසලක සිසුවියන් දෙදෙනෙක් සිය දිවි නසා ගැනීමට තැත් කර රෝහල්ගත කරන ලද අතර වැසිකිළියක ටයි පටියකින් ගෙල සිර කරගැනීමට උත්සාහ කළ සිසුවිය පසුව කණගාටුදායක අන්දමින් රෝහලේදී මිය ගියාය.

මෙම සිසුවියන් දෙදෙනා සිය දිවි නසා ගැනීමට තැත් කළේ පාසලේ ශිෂ්‍ය නායිකාවන් විසින් ඔවුන්ගේ බෑග පරීක්ෂා කර ජංගම දුරකථන දෙකක් සොයාගැනීමෙන් පසුව බව වාර්තා වී තිබේ. ජංගම දුරකථනය එක් අතකින් සමාජ ප්‍රශ්නයක් බව සැබෑ ය. එහෙත්, දුර බැහැර සිට කොළඹ පාසලකට එන, පංති යන, ක්‍රීඩා කරන සිසුවකුට, සිසුවියකට එය ආරක්ෂක උපකරණයක් ද වේ.

ජංගම දුරකථනයෙන් කෙල්ලන්‍ට, කොල්ලන්ට ලව් කළ හැකි වීම හා "කාමුක" චිත්‍රපට බලන්නට හැකි වීම පිළිබඳ පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු තැවෙති. ලව් කිරීම සඳහා කොපි පොත පවා පාවිච්චි කළ හැකි ය. ඕනෑ නම් එහි පිටුවල අසභ්‍ය වචන ලිවීමට හෝ පිංතූර ඇඳීමට ද පුළුවන. එසේ නම්, කොපි පොත ද "භයානක" ය.

පිහියෙන් පාං කපන්නත් බෙලි කපන්නත් දෙකම හැකි ය. කරන දේ තීරණය වන්නේ එය අත දරන්නාගේ සිතුවිලිවලිනි. පාසලෙන් විය යුත්තේ දරුවන්ගේ මනස යහපත් ආකාරයට හැඩගැසීමයි. එවිට ඔවුහු නොපණත්කම්වලට නොපෙළඹෙති.

දරුවන් ජීවිත කාලයෙන් පාසලේදී ගත කරන්නේ සතියකට පැය 30ක් පමණ කාලයකි. සතියකට පැය 24 ඒවා හතක් තිබේ. ගෙදරදී, සමාජයේදී, ජනමාධ්‍ය ඉදිරියේදී දරුවා මුහුණ දෙන තත්වයන් ඔහුගේ/ඇයගේ ජීවිතය හැඩගැස්වීමට මහත් සේ ඉවහල් වේ. පාසලට මේ සියල්ල පාලනය කළ නොහැකිය.

අද විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට අවශ්‍ය අනෙක් අයට වඩා තමන් හොඳ හා දක්ෂ බව පෙන්වීමට ය. එහෙයින් ඔවුන් ළමයින් පාසලේ සිටින කාලය තුළ සාන්ත දාන්ත තීන්ත කූඩු ලෙස තබාගැනීම සඳහා විවිධාකාර මර්දනකාරී (අව)නීති හඳුන්වා දෙති. අද දවසේ පාසල් කිසිදු මානව හිමිකමක‍ට ගරු නොකරන, ශිෂ්ටත්වයක් නැති, අමානුෂික හා පරපීඩා කාමුකත්වයෙන් පෙළෙන ඇතැම් ගැහැණුන්ට පිරිමින්ට තෝතැන්නක් වී තිබේ. සමාජයේ මෙන්ම පාසලේ ද අඩුවෙන් ම ඇති දෙයකි, ආදරය.

අද පාසල්වල ඇතැම් විදුහල්පතිවරු, ගුරුවරු පොලිස්කාරයන් හා මස්කඩකාරයන් වැනි යයි අප කියන්නේ ඉහත වෘත්තීන්වල යෙදෙන අය අපහාසයට ලක් කිරීමට නොවේ. කොණ්ඩය මඳක් වැවී ඇති සිසුන්ගේ කොණ්ඩා කැපීමේ පනික්කි වැඩ ද, බෑගයේ පටියේ දිග, කලිසම කමිසයට යට වන ආකාරය ආදී කාරණාවලදී සන්නාලි වැඩ ද තවත් බොහෝ අදාළ නැති දේ ද මොවුන් කරන්නේ තමන්ගේ රස්සාවේ භාරධූරත්වය පිළිබඳ හසරක් නොදැනයි.

වර්තමානයේදී පාසල්වල බොහෝ ශිෂ්‍ය නායක නායිකාවන් වන්නේ ගුරුවරුන්ගේ මෙකී පරපීඩා කාමුකත්වය ඉදිරියට ගෙන යන පිරිසකි.

මෙම විෂය පිළිබඳ තවත් බොහෝ දේ ලිවිය හැකි ය. සිය දිවි නසා ගත් සිසුවිය ඉල්ලා සිටි යුක්තිය කුමක්දැයි අප සිතා බැලිය යුතු ය. සිය දිවි නසා ගැනීමක් යයි තීන්දු වන මෙම මිනීමැරුමේ රුධිරය සමස්ත සමාජයේ ම දෑත් මත තැවරී නැද්ද?




Comments

  1. සම්පූර්ණයෙන් ඇත්ත.

    මේක හරියට ඉස්කෝලවල Facebook තහනම් කරනවා වගේ. අපේ රටේ තියෙන්නෙ වැරදි වලක්වාගැනීමේ ක්‍රමවේදයක් නෙමෙයිනේ. හැකිතාක් දඬුවම් දීමේ හා බාධක දැමීමේ ක්‍රමවේදයක්.

    කවදා මේවා නිවැරදිවෙයිද මංදා.

    ReplyDelete
  2. ඉනාගේ කතාව සම්පූර්ණයෙන්ම අනුමත කරනවා...

    ReplyDelete
  3. "...අද දවසේ පාසල් කිසිදු මානව හිමිකමක‍ට ගරු නොකරන, ශිෂ්ටත්වයක් නැති, අමානුෂික හා පරපීඩා කාමුකත්වයෙන් පෙළෙන ඇතැම් ගැහැණුන්ට පිරිමින්ට තෝතැන්නක් වී තිබේ. ..."
    මේ කියන තත්වයේ සත්‍යයක් තිබේ. 'ශිෂ්ටත්වයක් නැති, අමානුෂික හා පරපීඩා කාමුකත්වයෙන් පෙළෙන ඇතැම් ගැහැණුන්ට පිරිමින්ට තෝතැන්නක් වී තිබේ.' යන්නට එකඟ වෙමි. එහෙත් ඔබ පවසන මානව හිමිකම් මොනවාද යන්න පැහැදිලි නොවේ. ඒ ගැන ටිකක් විස්තර කළොත්..!

    ReplyDelete
  4. සිසුවා යනු සෙසු සියලු පුරවැසියන්ට හිමි මානව හිමිකම් සහ ළමා අයිතිවාසිකම් ද ඇති පුද්ගලයෙකි. පුද්ගල නිදහස පිළිබඳ සිසුවාට ද සමාන අයිගියක් ඇත. විශේෂයෙන් ම ශාරීරික, මානසික හිංසනයෙන් ආරක්ෂා වීම දරුවාගේ අනුල්ලංඝනීය අයිතිවාසිකමකි. ශික්ෂණයේදී හෙවත් චරිත හැඩගැස්වීමේදී ගුරුවරුන් මේ පිළිබඳ සැලකිල්ලට නොගෙන ළමයින් "මකලා හදන්න" යාම අනුවණ ක්‍රියාවකි.

    මෙම ශිෂ්‍ය දක්ෂ ශිෂ්‍යාවක් බව අපට දැනගන්නට ලැබිණි. ඇගේ ජීවිතය අකාලයේ මිලාන වී ගියේ මව්පියන්, ගුරුවරුන් සබුද්ධිකව කටයුතු නොකළ නිසා ය.

    ReplyDelete
  5. 100% ඇත්ත කතාවක්. අද ලෝකයට ගැලපෙන විදියට පාසලත් වෙනස් වෙන්න ඔනේ. නව යව්වනයන්ට ආදරේ තහනම් කරන්න කාටවත් බෑ. මෙහෙම කිව්වම සමහරු කියයි මේ ඇමරිකාව නෙවෙ කියලා. ඒත් ඉතාම නීති ගරුක රටක් වෙන ජපානෙත් මෙ වගෙ නිදහස් ලෝකයක් තියෙනවා. මන් නන් කියන්නේ තව ඉස්සරහට මෙවා කොහමත් වෙනස් වෙයි. එත් ඒ වෙනකන් සිසුන් ගුරුවරුන්ට බයෙ හැසිරෙන්න ඔනෙ නෑ. නීතියට අනුව ගුරුවරයකුට ගොඩක් සීමා තියෙනවා. දඩුවමකට පහරදෙනවා නන් පහර දිය හැක්කෙ වෙවැලක් මැනික් කටුව ගාවින් නවලා විතරයි. අත දිග ඇරල පහර දෙන්න අයිතියක් නෑ. අතින් පහර දෙන්න අයිතියකුත් නෑ. අනික නව යව්වන කාලෙට කාටත් ආදරය දැනෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමන්ගේ ඒවාගේ පව්ද්ගලික හැගිම් යම් විදියකින් පව්ලේ අය හරි , වෙන මොකෙක් හරි දැන ගත්තා කියලා බය වෙන්න එපා.මොකාටත් වඩා තමන් වැදගත් කියලා හිතන්න. එක නිසා කිසිම විදියකින් තමන්ට කරදරයක් කර ගන්න එපා ඔය වගෙ දෙයකදි. අනිත් අයටත් පාඩමක් වෙන්න නීර්බීතව මුහුන දෙන්න. පාසල් වල ලමයින්ට වඩා ගුරුවරු වැරදි කරනවා. ඔවුන් නීතියට අනුව නෙවෙ ලමයි පාලනය කරන්නේ. ගොඩක් උන් හිතන්නෙ ලමයි කියන්නෙ උන්ගේ යටතේ, උන් මොක කරත් කර බාගෙන ඉන්න ඔනෙ කියලා. මන් නන් කියන්නෙ ඔය වගෙ උන්ට ලමයිම ගහලා පන්නන්න ඔනෙ.මොකද ලන්කවෙ රජ්ජුරුවොන්ටවත් සගයන්ටවත් ඔනෙ කමක් නෑ උන් කරන වැරදි නවත්තලා වර්තමානයට ගැලපෙන විදියට පාසල වෙනස් කරන්න.උන් දන්නෙ මොකක් හරි ගොන් විදියකට වෙනස් කරන්න විතරයි.
    තව දෙයක් කියන්න ඔනෙ. සෙx කියන්නෙත් ඔය වගෙම නව යොවුන් කාලෙ ඉදලා දැනෙන දෙයක්. සෙx මොකක් හරි අහු වුනා කියලත් ඔයාල ලොකුවට බය වෙන්න ඔන නෑ. එක කුතුහලෙත් එක්ක එන දෙයක්.අහු වුනොත් බය නැතිව මුහුන දෙන්න.

    ඇත්තටම හිතට මාර වෙදනාවක් දැනෙනවා අහින්සක ඉස්කෝලේ නන්ගි කෙනෙක් මෙ විදියට මිය ගීයාම.
    නන්ගි ඔබට නිවන් සුව !!!

    ReplyDelete
  6. ඕක සම්පූර්නයෙන්ම පාසල හා අවට සමාජය විසින් හදන දෙයක්. කොළඹ තව පාසලක් තියනවා එකේ 11 ශ්‍රේණියෙ පන්තියක ලමයි තුන්දෙක් ගැබ් ගත්තා. ඒත් තාම ඒ ලමයි යහතින් ජීවත් වෙනවා. නමුත් අ'පුරේ පෙම්වතියට යවපු උපන්දින සුභපැතුම්පත අහුවුනයි කියලා කනේරු ඇට කනවා. මෙක වෙන්නෙ රටේ අධ්‍යාපනයෙ ඇති හොඳකම නිසා. ලමයින්ට ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න බෑ. එක්කො දන්නෙ නෑ.

    ReplyDelete
  7. හැමෝම පාසලට වරද යොමු කලාට,මේ සිද්දියේ පැති 2ක් තියනවා නේද?
    මේ ගෑනු ලමයි ඉගනගන්න අය, උසස් පෙල මට්ටමේ, ජීවිතේ වටිනාකම නොදැන වෙන්න බැහැ නේද? ඒ ලමයි වරදක් නොකලා නම් , ඒ දුරකතන වල නොගැලපෙන දෙයක් නොතිබුනා වෙන්නත් බැහැ නේද?
    වරද කාගෙද කියන 1ක නෙමෙයි වැදගත්? උන වරද නැවත නොවෙන්න වග බලාගන්න 1ක නේද වැදගත්ම?

    ReplyDelete
  8. අයියෝ මම මේ Museus එකේ incident එක ගැන හොඳ පොස්ට් එකක් ලියන්න හිටියේ.. කමක් නෑ.. මමත් ලියන්නම් කෝ..

    ReplyDelete
  9. කාලකන්නි ඉස්කේලයක් මචන්...hell of the country... shit... what a Fu...ing Principal... teachers and foolish class monitors...hell.... shit.... shame....yak...fools

    ReplyDelete
  10. If it happened to my sun-doter... I promise U all... i will kill the 2-3 buggers of the school...

    ReplyDelete
  11. පාසැල් දරැවන්ගේ පෞරැෂය වර්ධනය ඉතාම පහල මට්ටමක පවතිනවා නම් එයට වගකියන්න ඕන එවැනිම දුර්වල පෞරැෂයකින් හෙබි ගුරැවරැ පරම්පරාවයි.

    දැන් දැන් පාසැල්වල රැකියා ලෙස හෝ ජීවන වෘතියක් ලෙස ගුරැකම රැකියාවක් කර ගත් අයවලුන් ගෙන් බොහෝ විට සමන්විත වන බැවින් [එයටද වරදක් කිව නොහැකිය ‍මේ ක්‍රමය තුල] මේ අයට සිය ජීවත් වීමේ අවශ්‍යතා හැර වෙන අන් කිසිවක් ගැන මෙලෝ අවධානයක් හෝ හැදෑරීමක් හෝ දැනුමින් කාලීනව සමහන් වීමක් නැති හෙයින් මේ අයට තමන් සිසු දරැවන් සමග ගොඩනැගිය යුතු සම්බන්ධතාවයන් කුමන ආකාරයේ විය යුතුද යන්නක් ගැන වගවිභාගයක් නැත්තේය. කොටින්ම සමස්ථ සමාජයම මෙන්ම මෙම ගුරැභවතුන්ගේ තත්වයද අතිශය දුර්වලය.

    එහෙයින් පාසැල් දරැවන් කෙසේ ගොඩනැගිය යුතුදැයි අවබෝධයක් අපගේ පාසැල් පද්ධතියේ ඇත්දැයි සැක සහිතය. ඒවා කෙසේ වුවත් අපොස සාපෙ සහ උපෙ විශය ධාරාවන් ගෙන් ඉහලටම කටපාඩම් කර විභාගයෙන් ලකුණු ලබා මෙරට හෝ පිටරට විශ්ව විද්‍යාලයකට ඇතුල් වීමෙන් සියල්ල ගොඩ යන්නේ යැයි යන මිථ්‍යාව වපුරමින් තම මඩි තර කර ගන්නා ගුරැපරම්පරාවක් දැන් නිර්මාණය වී ඇත්තේය. ඔවුන් සිසු දරැවන් වෙත යෞවනෝදය ගැන කියා දෙන්නට තියා ඔවුනගේ රැචි අරැචිකම් පිළබ ඳව හෝ යම් අවබෝධයක් ඇත්දැයි සැක කටයුතුය. ඔවුනගේ මූලික අධ්‍යාශය සිසු දරැවන්ට අවශ්‍ය විභාග සමත් වීම දඩමීමා කරගෙන සිය මඩිය තරකර ගැනීමය.

    මීට වෙනස් ගුරැවරැ කීප දෙනෙක් ඇත්නම් ඒ අල්පයට මෙය අදාල නොවේ.

    වර්තමාන සිසු දරැවන් මුහුණ දෙන අභියෝගය ගුරැවරැන් ලෙස වෙස්වලා සිටින මුදලාලි ලා ගෙන් සිය අධ්‍යාපන අවශ්‍යතා ඉටුකර ගැනීමය. ඔවුනගේ මොබයිල් ගැන හෝ අන්තර්ජාල කටයුතු ගැන ඔවුනට වගේවගක් නැති වග මෙවැනි සිදුවීම් සාක්ෂි සපයයි.

    දරැවන් තාක්ෂණික මෙවලම් පාවිච්චි ක‍ළ යුතුමුත් ඒවායේ අසමමිතික ව්‍යාප්තිය හේතුවෙන් යම් යම් කොන්දේසි මත මෙවැනි බාලවයස්කාරයන් එබඳු තමන් උපයා නොගෙන පරිභෝජනය කරන දෑ සම්බන්ධව බල පැවැත්විය යුතු බව මගේ හැඟීමයි.

    කෙසේ වුවද අප ර‍ටේ ඇති අධ්‍යාපනික අර්බූදය හුදෙක් මොබයිල් අරභයා හෝ අන්තර්ජාල භාවිතා අරභයා පමණක් ඔඩුදුවන ගැටළුවක් නොවේ.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. yes hakuna.
    I also do the same to prefects responsible in this case if it happened to my someone. This doesn't mean I'm not sorry for the dead girl. Why they can't understand the feelings of same age girls or they just wanted to out-stand through embarrassing the two sisters. This prefects should be killed secretly by the relations of this girl.

    ReplyDelete
  14. [said:author]
    ජංගම දුරකථනයෙන් කෙල්ලන්‍ට, කොල්ලන්ට ලව් කළ හැකි වීම හා "කාමුක" චිත්‍රපට බලන්නට හැකි වීම පිළිබඳ පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු තැවෙති.
    [/said]
    සරලව, ඒක වරදක් ද ?

    ReplyDelete
  15. හත් ඉලව්වේ තව ටිකෙන් ටයි පටිත් තහනම් කරනවා, මොකද ටයි පටියෙන්නේ එල්ලුනේ

    ReplyDelete
  16. මුළුමනින්ම එකඟයි. අපේ රටේ බලධාරීන් කරන මේ මෝඩ වැඩ වලට හිනා වෙන්නද අඬන්නද කියල හිතාගන්න බෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා