Posts

Showing posts with the label යුද අපරාධ

ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණය ගැන ජනාධිපති අතීරණයේ. ඒත්, රවිනාථ ආරියසිංහ නම් සහයෝගය දෙන්නේ නැතිලු

Image
ලංකාවේ අරාජිකත්වය ජාත්‍යන්තර දේශපාලනය දක්වා ම විහිදී තිබෙන ආකාරය ගැන අපූරු නිදසුනක් අද පුවත්වලින් හඳුනාගත හැකි ය. ප්‍රවෘත්තිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වන්නට යනු ලබන ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණය ගැන ය. මේ අද දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තා දෙකකි. පරීක්ෂණයට සහාය දෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුවට බලය දෙනවා - ජනාධිපති කියයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට පත්කර ඇති පුද්ගලයන් හට මෙරටට පැමිණෙන්නට ඉඩ දෙනවාද නැතිද යන්න තීන්දු කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරීමට තීරණය කර තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙරට යුද අපරාධ පිළිබඳ සොයා බලන්නට පත් කර ඇතැයි කියන පුද්ගලයකු මෙහි පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට, පරීක්ෂණ කරන්නට අවසර ඉල්ලා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඊට ඉඩ දෙනවාද නැද්ද යන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තුවෙන් විමසා සිටීමට සූදානම් බවත් ප්‍රකාශ කළේය. (දිනමිණ) පරීක්ෂණ සඳහා කිසිදු සහායක් දෙන්නේ නෑ. නවී පිල්ලේට රවිනාථගෙන් පිළිතුරක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා කිසිඳු සහායක් ලබා නොදෙන බව ශ්‍රී ලංකා රජය ජගත් ම...

දෙපා යටින් වල කපා ගන්නා උදය ගම්මන්පිලගේ නියුරම්බර්ග් යෝජනාව

Image
නියුරම්බර්ග් නඩුවලින් මරණීය දණ්ඩනය ලද හර්මන් ගෝරිං නඩු විභාගය අතරතුර යුද අපරාධ සම්බන්ධයෙන්නියුරම්බර්ග් මාදිලියේ නඩු විභාගයක් පැවැත්විය යුතු බව උදය ගම්මන්පිල යෝජනා කර තිබේ. නියුරම්බර්ග් නඩු වනාහි දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසිවාදීන්ට එරෙහිව මිත්‍ර හමුදා පාර්ශ්වයෙන් අසන ලද නඩු පෙළකි. මෙම නඩු පෙළ අසනු ලැබුවේ ම යුදෙව් සංහාරය ඇතුළු මානව වර්ගයාට එරෙහිව අපරාධ හා යුද අපරාධවලට වගකිව යුතු නාසි නායකයන්ට දඬුවම් කිරීමයි. මෙම නඩු විභාගයට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා යෝජනා කළේ මෙම නාසි නායකයන් නඩු විභාගයකින් තොරව මරා දැමිය යුතු බවයි. එහෙත්, ඇමරිකාව එයට එරෙහි විය. එම මරණීය දණ්ඩන වාර්තාගත සාධාරණ හේතු සහගත නීත්‍යානුකූල ඒවා බවට පත් කිරීමට නියුරම්බර්ග් නඩු විභාගය ඉවහල් විය. එමගින් නාසිවාදයේ පරිච්ඡේදය වසා දමන ලදී. නීතිඥයකු වුව ද උදය ගම්මන්පිලට නියුරම්බර්ග් නඩු විභාග ගැන අවබෝධයක් නැති බව පෙනේ. නියුරම්බර්ග් නඩු විභාගය යනු දේශීය පරීක්ෂණයක් නො වේ. දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වය විසින් කරන ලද ජාත්‍යන්තර නඩු විභාගයකි. ජාත්‍යන්තර අධිකරණය ස්ථාපිත වන්නේ මෙම නඩු විභාගවල ඍජු ප්‍රතිඵලයක් ලෙසයි. එසේම, ජන සංහාර ඇ...

යුද අපරාධ හා අබ්දූල් කදීර් මුල්ලා ඝාතනය

Image
. අබ්දූල් කදීර් මුල්ලා එල්ලා මැරීමෙන් පසු ඉහත පළ වූ එල්ලා මරා දමන ලද මෙම මහළු මිනිසාගේ ඡායාරූපය මා තුළ කම්පනයක් අැති කළේ ය. කුමන අන්දමක ‍හෝ මරණ දඬුවම මම නම් හෙළා දකිමි. මිනිසකු මරා දැමීමේ අයිතිය තවත් මිනිසකුට මෙන් ම ආණ්ඩුවකට ද නැත. ලංකාවේ පාලකයන්, ආරක්ෂක අංශ, අතුරු හමුදා හා කොටි සංවිධානය විසින් යුද අපරාධ කරන ලද බවට චෝදනා එල්ල වේ. එම සියලු අංශ විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහෙත්, මේවා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු වන්නේ ද නැත. මානව වර්ගයාට එරෙහි යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කිරීමට කිසිදු බලවත් පාර්ශ්වයකට ඉඩ නො දිය යුතු ය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් විධිමත්, ස්වාධීන පරීක්ෂණ අවශ්‍ය ය. වැරදිකරුවන්ට දඬුවම් දීම ද අවශ්‍ය ය. මන්ද, අප ජීවත් වන සමාජයේ ශිෂ්ටත්වය පැවතිය හැක්කේ එසේ වන්නේ නම් පමණි. මෙහිදී බලවත් රාජ්‍යයන්, දුබල රාජ්‍යයන් කියා වෙනසක් ද නො තිබිය යුතු ය. ලංකාවේ මෙන් ම ඇමරිකාවේ ද යුද අපරාධ චෝදනා එක සමාන අන්දමින් විභාග කරන ස්වාධීන ජාත්‍යන්තර ව්‍යූහයක් ගොඩනගා ගැනීම සඳහා ලෝකය උත්සාහ කළ යුතු ය. එසේ නොමැති නම් සිදු වන්නේ යුද අපරාධ චෝදනා ද දේශපාලන අතකොලුවක් බ...

ඔන්න ඒ පාර චීනෙත් ..........

Image
ඔන්න ඒ පාර චීනය ද ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම කළ යුතු බව කියා තිබේ. කීවේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්විං ගැං ය. මේ අදහස දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රශ්න ආමන්ත්‍රණය නො කළහොත් ලබන මාර්තු මස වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ බලපෑම් කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් කරන ලද ප්‍රකාශයට අදාළවයි. ජාත්‍යන්තර බලපෑම හමුවේ චීනය ද දිගින් දිගට ම, කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටිනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. මන්ද, චීනයට ලංකාවට වඩා හෝ ලංකාව තරමට ම ඉන්දියාව, බටහිර රටවල්, ඇමරිකාව හා එක්සත් ජාතීන් වැදගත් නිසා ය. චීනය පසුගිය කාලයේ ලංකාවට ණය සැපයූ ප්‍රධාන පාර්ශ්වයයි. එහෙයින්, ශ්‍රී ලංකා ආණ්ඩුවට පහසුවෙන් චීනය නො තකා හැරිය නො හැකි ය. පසුගිය වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඉදිරියේ ලංකාවට එරෙහි යෝජනා සම්මත වෙද්දී චීනය ඒවාට විරුද්ධව ඡන්දය දුන්නා ය. චීනය මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තේරී පත් වුණා ය. මුළු ලෝකය ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝක සම්මතයන්ට අවනත වෙම...

වැලිවේරිය සාක්කි සහිත යුද අපරාධයකි

Image
දුෂ්ට පාලකයන් නො හඳුනන දරු දුක වැලිවේරිය ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු වෙමින් තිබේ. එහෙයින් සිද්ධියේ වගකීමෙන් ආණ්ඩුවට ගැලවෙන්නට බැරි තත්වයක් නිර්මානය වෙමින් තිබේ. වැලිවේරිය ප්‍රහාරයෙන් මිය ගිය දෙදෙනෙක් ම පාසල් සිසුවෝ ය. එක් අයෙක් බාල වයස්කරුවෙකි. හමුදා ප්‍රහාරකයෝ ජීවිතාරක්ෂාව සඳහා ආගමික ස්ථානයක සැඟවී සිටි ජනයා‍ට පවා පහර දුන්හ.  මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇති අන්දමට පුද්ගලයන් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් හා මොට්ට ආයුධවලින් පහර දීමෙනි. වගකීමෙන් ගැලවීම පිණිස, කිසිවකු විසින් ලියා දුන් ප්‍රකාශයක් ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී කියවූයේ කිසිදු හැඟීමකින් තොරව ය. උද්ඝෝෂකයෝ හමුදාවට වෙඩි තැබූ බවක් ඔහු කියවූයේ සභාවෙන් නැඟුණු සිනා හඬක් මධ්‍ය‍යේ ය. ඇමති නිමල් සිරිපාල එම ප්‍රකාශය කියවූ හැඟීම් විරහිත ස්වභාවය ම නායකත්වයේ තීරණ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය පළ කරයි. මේ වන විට මෙම ප්‍රහාරය වෙනුවෙන් පෙනී සිටීමේ විලි ලජ්ජා නැතිකම සහිත කිසිදු ආණ්ඩු ගැත්තකු සොයා ගැනීමට ආණ්ඩුව සමත් වී නැත. ප්‍රහාරයේ බරපතලකම නිසා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිට ද නිවේදනයක් නිකුත් කරන්නට...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් පසු ලංකාව

Image
ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් 32ක් විසින් ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් ගෙන එන ලද යෝජනාව වැඩි ඡන්ද 12කින් සම්මත විය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47කින් 46ක් ඡන්ද විමසීමට සහභාගි වූ අතර එයින් 25ක් පක්ෂවද 13ක් විපක්ෂවද ඡන්දය දෙද්දී 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය දුන්නද, ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ සැර බාල කිරීමට ඉන්දියාව කටයුතු කළේය. මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් උග්‍ර මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලන රැල්ලකට උපකාර කරමින් සිටියදී පවා ලංකාවට පක්ෂව ඡන්දය දුන් හා ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර මුස්ලිම් රටවල් රැසක් තිබීම කැපී පෙනෙන තත්වයකි. රාජපක්ෂ ආණඩුව විසින් උත්තේජනය කර තිබෙන මුස්ලිම් විරෝධී රැල්ල ආපසු නොහැරවුවහොත් මීළඟ සැසිවාරය වන විට මේ සහයෝගය නැති වී යන්නට පුළුවන. මුස්ලිම් විරෝධී දේශපාලන රැල්ල මෙහෙයවන බොදු බල සේනාව හසුරුවන යතුරක් දැන් ආරක්ෂක ලේකම්වරයා අත ඇති නිසා අවශ්‍ය නම් එය පාලනය කරන්නට බැරිකමක්ද නැත. එහෙත්, පිස්සු බල්ලන...

අතුරුදහන් වූවන් වෙනුවෙන් මැදිහත් වන්නැයි කියා ආණ්ඩුව කොළඹ උද්ඝෝෂණ කරවීම

Image
ඡායාරූප දිවයිනෙනි ලංකාවේ ආණ්ඩුව ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සැසිවාරය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අතහැර දමා ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි.  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් සභාවේ ක්‍රියාවලිය පිළිබඳවද අධ්‍යයනය කරනැති බව ඔප්පු වුණේ සැසිවාරයට ආණ්ඩුවේ නියෝජිතයකු සහභාගි නොකිරීමට ගෙන තිබූ තීරණයෙනි. නිලධාරීන් පිරිසක් පමණක් යවන්නට මුලින් අදහස් කරගෙන සිටිමුත්, එසේ කළහොත් සැසිය අමතන්නට ලැබෙන කාලය අඩු බව දැනගැනීමෙන් පසු ඇමති මහින්ද සමරසිංහව ලහිලහියේ එහි පිටත් කර හැරියේය. ඔහු විසින් පවත්වන ලද කතාවද දේශීය සිංහල ජාතිකයන් සතුටු කරන්නට කළ එකක් මිස ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සාර්ථක එකක් නොවේ.  කලින් මානව හිමිකම් සැසිවාරයේදී ඉටු කරන බව කී දේද කරන්නට ලංකාවේ ආණ්ඩුව අසමත් වී ඇති බව ආණ්ඩුවම දනී. දෙමළුන්ට කිසි දෙයක් දෙන්නේ නැත යන අප්‍රසිද්ධියේ ප්‍රකාශිත ස්ථාවරයේ සිටින ආණ්ඩුව යුද්ධයෙන් පසු මුළු ලංකාවේම ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් සීමා කිරීමට කටයුතු කළේය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා අ...

බාලචන්ද්‍රන්

Image
ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් මරා දමන්නට මොහොතකට පෙර ගත් බව කියැවෙන තවත් ඡායාරූප කීපයක් මාධ්‍යයට නිකුත් වී තිබේ. බාලචන්ද්‍රන් බාල දරුවෙකි. අත්අඩංගුවට ගෙන ඔහු මරා දැමුවානම් එය පැහැදිලිවම යුද අපරාධයකි.  කොටි සංවිධානය යුද අපරාධවල නියැලුණ බව කවුරුත් දනිති. කොටින් විසින් කපා කොටා මරා දමන ලද දරුවන්ගේ සිරුරු මේ ලේඛකයා පදවියේදී හා හේරත්හල්මිල්ලෑවේදී සියැසින් දැක තිබේ. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් යොදාගත් බවද සත්‍යයකි.  කොටි සංවිධානයේ නායකයා මේ යුද අපරාධවලට වගකිව යුතුය. එසේම, තවමත් ජීවතුන් අතර සිටින කරුණා අම්මාන්, කේ.පී. හා වෙනත් විදෙස්ගත කොටි නායකයන් මෙම යුද අපරාධ ච ෝදනාවලට වලට පිළිතුරු දිය යුතුය.  එහෙත්, ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ බාලචන්ද්‍රන් බාල දරුවෙකි. ඔහු අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දැමීම යුද නීති, මානව හිමිකම් නීති පමණක් නොව සාමාන්‍ය මිනිස් ගුණධර්මවලටද පටහැනි තුච්ඡ ක්‍රියාවක් බව කිව යුතු නොවේ.  මේ පිළිබඳ කතා කිරීමේදී ප්‍රභාකරන් අච්චර මැරුවා, මෙච්චර මැරුවා ආදී වශයෙන් කීම තේරුමක් නැත. මන්ද බාලචන්ද්‍රන් බාල දරුවෙකි. එ ක් අපරාධයක් විසින් ඇති කරනු ලබන සමා...

යුද අපරාධවලට උදව් කළ බව කියන මාධ්‍යකරුවන්ට රට යාම තහනම් කිරීම / Attempted travel ban on Sri Lankan journalists that promoted war crimes

Image
යුද අපරාධවලට පක්ෂව කටයුතු කළ බව කියන මාධ්‍යකරුවන් පිරිසකට යුරෝපා රටවලට ඇතුළු විය නො හැකි වන පරිදි ගමන් බිමන් සම්බාධක පණවන ලෙස විදේශගත ශ්‍රී ලාංකික මාධ්‍ය සංවිධානයක් ඉල්ලා ඇති බව අද දිනමිණේ විජයානි එදිරිසිංහ වාර්තා කර ඇත.  යුද අපරාධවලට උඩගෙඩි දුන් බව කියන මාධ්‍යකරුවන්ගේ වතගොත සහ ඔවුන් ලියූ වාර්තා පරිවර්තන ද සහිතව ඒ රටවල විදේශ තානාපති අංශවලට යවා ඇති බව වාර්තා වේ.  යුද්ධය සම්බන්ධයෙන් වගකිව යුතු බොහෝ පාර්ශ්ව සිටියත්, දැන් ඔවුන් සියලු දෙනා සද්ද නැතිව බලා ඉන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හා හමුදා නායකයන් පඹණක් එය‍ට වගකිව යුත්තන් කරමිනි.  මෙම යුද්ධය මේ අන්දමින් මෙහෙයවන්නට රාජපක්ෂවරුන් හා හිටපු හමුදාපති සරත් ෆොස්සේකා යොමු කිරීම සඳහා කටයුතු කළ දේශපාලනඥයන් මෙන් ම මාධ්‍යකරුවන් ද ඒ සම්බන්ධයෙන් වග විය යුතු ය.  රාජපක්ෂ පාලනය වනාහි නිශ්චිත හැඩයක් නැති සාදා දෙනු ලබන භාජනයේ හැඩය ගන්නා එකක් බව අපි 2005දී ම කීවෙමු.  ඒ සඳහා කදිම සාක්කියක් මෑතදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගැන පොතක් එළි දක්වන ලද අවස්ථාවේ ජනාධිපතිවරයා ම හෙළිදරව් කළේ ය. කොටි සංවිධානය මාවිල්ආරු වේල්ල වසා යුද්...

ආණ්ඩුවේ හරා-කිරි දේශපාලනය

Image
(2011 ජුනි 19,   W3Lanka )   යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා ඉදිරියේ ලංකාවේ ආණ්ඩුවේ නායකයන් මුහුණ දී සිටින තත්වය ඔවුන්ට අතිශය අයහපත් ය. ඔවුන්ට දුෂ්කර වූ මේ මොහොතේ කතා කරන වචන ගැන දැඩි ලෙස සංවේදී වීම ඔවුන් තමන් වෙනුවෙන් ම වගකීම් සහගත වීමකි.  ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා අතරින් එකක් වන්නේ අත් අඩංගුවට ගත් දෙමළ ඊලාම් විමුක්ති කොටි කැරළිකාර සැකකරුවන් නඩු විභාගයකින් තොරව මරා දැමීමයි. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර යුද නීති අනුව පමණක් නො ව ලංකාවේ සම්මත නීති අනුව ද, අත් අඩංගුවට ගත් සැකකරුවන් හිංසනයට ලක් කිරීම හා නඩු විභාගයකින් තොරව මරා දැමීම බරපතල වරදකි. එසේ ම, ලංකාවේ නීති අනුව ද වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ඔහු වරදකරු බව අධිකරණය හමුවේ ඔප්පු වන තෙක් සැකකරුවෙකු පමණි. සැකකරුවකු ත්‍රස්තවාදියකු යයි හංවඩු ගැසූ පමණින් එම සැකකරුට අදාළ වන ඉහත නීති වෙනස් වන්නේ නැත. මේ නීති හැදුවේ අප නො ව එදා මෙදාතුර රට පාලනය කළ ඔවුන්ගේ වර්ගයා ම විසිනි. නිදසුනක් ලෙස, නිදහසින් පසු ගත වූ පසුගිය 60 වසර තුළ ඩී.එම්. රාජපක්ෂ, ඩි.ඒ. රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, ලක්ෂ්මන් ...

මහින්දගේ පා මුල සිටින මීයෝ යුද අපරාධ චෝදනා සජීවීව තබා ගන්නා හැටි

Image
( 2010 දෙසැම්බර් 07,  W3Lanka )   විකිලීක්ස් වෙබ් අඩවියේ පළ වී ඇති ඇමරිකානු තානාපතිනි පැට්‍රීෂියා බියුටිනිස් ලංකාවේ දෙමළ නායකයන් කීපදෙනෙකු සමග කළ සාකච්ඡාව පිළිබඳ තොරතුරු අනුව, දෙමළ නායකයන්ටත්, ඇමරිකාවටත් ලංකාවේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය අතර ඒ සඳහා දැනට කාලය නො වන නිසා, කල එළඹෙන තෙක් ඒ පිළිබඳ උද්ඝෝෂණය ප්‍රාණවත්ව තබා ගත යුතු ය. දෙමළ ඩයස්පෝරාවේ මේ මොහොතේ ප්‍රධාන දේශපාලන කාර්යය එය වී තිබේ. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය නිසා එක්සත් ජාතික පක්ෂය, ජවිපෙ වැනි විපක්ෂ දේශපාලන පක්ෂ පවා එයට අනියමින් උදව් කිරීමට පෙළඹීම වළක්වා ගත නො හැකි ය. මේ සියල්ලට වඩා රාජපක්ෂලා‍ට භයානක වන්නේ සිය දෙපා ලෙව කමින්, පා මුල ලැග සිටින සතුරන් කරන දේ ය. ඉදිරියට ඒම සඳහා රාජපක්ෂලාගේ කර ද, විනාශය ද ප්‍රාර්ථනා කරන මෙම පිරිස මේ මොහොතේ හැසිරෙන්නේ රාජපක්ෂවරුන් කෙරෙහි අන්ධ භක්තියකින් කටයුතු කරන තොත්ත බබ්බු පිරිසක් ලෙස ය. පාර්ලිමේන්තුවේදී ජයලත් ජයවර්ධනට පහර දීම, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ගොන් පාට්, කරු ජයසූරියට එරෙහිව විශ්වාස භංග ආදී මේ හැමෙකක් ම අවසානයේදී ඉවහල් වන්නේ යුද අපරාධ ...

යුද අපරාධ චෝදනාවෙන් රාජපක්ෂවරුන් ගලවා ගත හැක්කේ කෙසේ ද?

Image
( 2010 දෙසැම්බර් 05,  W3Lanka )  යුද අපරාධ චෝදනා රාජපක්ෂවරුන් පසුපස හඹා ඒම අවසන් නො වන බව ලන්ඩන් ගමන හා ආශ්‍රිත සිදුවීම්වලින් ද විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරන ලද රහසිගත තොරතුරුවලින් ද පෙනේ.  කොටි සංවිධානය විනාශ කර දැමීම පිළිබඳව බටහිර බලවතුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කෘතවේදී වන මුත්, බටහිර විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ එය සිදු නො වීම නිසා එයට වගකීමට රාජපක්ෂවරුන්ට සිදු වී තිබේ. මේ රාමුව බටහිර බලවතුන් විසින් ම ඕනෑ තරම් කඩා බිඳ දමා ඇති මුත් දේවාලයේ මළ පහ කරන්නට පුළුවන් කපුවන්ට පමණක් වීම නිසා ඒ අවස්ථාව ඉල්ලා ලංකාව උද්ඝෝෂණ කරන්නට යාම තේරුමක් නැත.  රාජපක්ෂවරුන් රටේ කලින් සිටි පාලකයන්ගෙන් වෙනස් වන්නේ ඔවුන් ජාත්‍යන්තර දේශපාලනයේ දෙන ලද රාමුව බිඳ ගෙන කොටි සංවිධානය හඹා‍ ගොස් යුද්ධය ජය ගැනීමට සමත් වූ නිසා ය. එය පොතේ නිතිවලින් කළ යුද්ධයක් නො වේ. පොතේ නීති නො තැකූ කොටි සංවිධානයට අවසානයේදී පොතේ නීති නො තකන තමන් වැනි ම වූ සතුරකු මුණ ගැස්වූයේ රාජපක්ෂවරු ය.  රාජපක්ෂවරුන් ද ප්‍රභාකරන් මෙන් ම ඉතිහාසයේ නිර්මානයක් බව අප මීට පෙර ද ලියුවෙ...

සුදු කොඩි කතාව නැවත කරළියට; ලංකාව වගවීමේ අවුලක | White flags and the accountability crisis of Sri Lanka

Image
(2010 ජුලි 04,  W3Lanka )  සුදු කොඩි කතාව නැවතත් කරළියට පැමිණ තිබේ. මෙවර සුදු කොඩි කතාවට නැවතත් සාක්ෂි දරන්නේ ‍ලංකාවට කලක් සාම පහසුකාරිත්වය සැපයූ හිටපු නෝර්වීජියානු ජාත්‍යන්තර සංවර්ධන ඇමති එරික් සෝල්හයිම් ය.  ඔස්ලෝහි සිටින 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ නියෝජිතයකුට සෝල්හයිම් පවසන්නේ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක නඩේසන් සහ සාම ලේකම් කාර්යාල අධ්‍යක්ෂ පුලිදේවන් විසින් යටත් වීම සඳහා 2009 මැයි 17දා  අවසන් මොහොතේ දුරකථන මගින් කරන ලද ඉල්ලීම තමන් ලක් රජය වෙත යොමු කළ බවයි.  ඔවුන් මෙම ඉල්ලීම ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට මෙන් ම එක්සත් ජාතීන් වෙත ද කර තිබුණු බව ද මෙම ඉල්ලීම පැමිණියේ උවමනාවට වඩා ප්‍රමාදව බව තමන් කොටි නායකයන්ට දැනුම් දුන් බව ද ඔහු පවසයි.  යටත් වීමට අවශ්‍ය නම් සුදු කොඩි රැගෙන හමුදාව වෙත එන ලෙස තමන් ඔවුන්ට දැනුම් දුන් බව ද පවසන හේ මෙම යටත් වීමේ කාර්යයේදී ලංකාවේ රජය මෙන් ම සෙසු අය ද සම්බන්ධ වූ බව ද පවසයි. එහෙත් කිසිවකුගේ නම් සඳහන් කිරීම හේ ප්‍රතික්ෂේප කරයි.  යුද්ධය හා සම්බන්ධව ලංකාවේ වගවීමේ කාරණා පිළිබඳව උපදෙස් දීම පිණිස එක්සත් ජාතීන්ග...

චැනල්-4 වීඩියෝව අව්‍යාජ බවට එක්සත් ජාතීන්ට වාර්තාවක්

Image
(2010 ජනවාරි 08 -W3Lanka) ලංකාවේ හමුදා සාමාජිකයන් යයි සැක කරන කීපදෙනෙකු සිංහලෙන් කතා කරමින් දෙමළ යයි සැක කෙරෙන පුද්ගලයකු වෙඩි තබා මරා දමන ආකාරය දැක්වෙන හමුදා සාමාජිකයකු විසින් ම ජංගම දුරකථනයකින් වාර්තාගත කරන ලද්දක් යයි කියැවුණු බ්‍රිතාන්‍යයේ චැනල්-4 රූපවාහිනිය විසින් විකාශය කරන ලද වීඩියෝව අව්‍යාජ එකක් බව නීති ප්‍රකාර නොවන අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක පිලිප්ස් ඇල්ස්ටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසයි. ඒ සඳහා පශ්චාත් මරණ ව්‍යාධිවේද, පශ්චාත් මරණ වීඩියෝ විශ්ලේෂක, ගිනි අවි සාක්ෂි විශේෂඥ උපදෙස් ලබා ගෙන ඇත. එම විශේෂඥ වාර්තා විසින් වීඩියෝව සත්‍ය බවට ප්‍රබල ලෙස යෝජනා කරන බව ඇල්ස්ටන් පවසයි. "I retained three experts: in forensic pathology (Dr Spitz), forensic video analysis ( Mr Spivack), and firearm evidence ( Mr Diaczuk). Together, the reports by these experts strongly suggest that the video is authentic." ශ්‍රී ලංකා හමුදාවට සේවය කළ දෙදෙනෙකු ඇතුළු 'ස්වාධීන' විශේෂඥයන් සිව්දෙනෙකු මගින් ලබා ගන්නා ලද වාර්තා...

ලිබරල් මීයෝ රාජපක්ෂලා පාවා දුන්නා ද?

Image
(2009 දෙසැම්බර් 24 - W3Lanka ) මහින්ද රාජපක්ෂ පාලනය යුද අපරාධ චෝදනා හා රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ගැටළු හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලයේදී හුදකලා වෙමින් සිටියදී සහ ජනාධිපතිවරණයේදී තියුණු තරගයකට මුහුණ දෙමින් සිටියදී ඔවුන්ට එම තත්වය වෙත තල්ලු වීම සඳහා උදව් කළ ලිබරල් ධනවාදී නිලධාරීන් එක එකා අත සෝදා ගනිමින්, කර අරිමින් සහ පාවා දෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.  මෙහි නවතම නිදසුන වන්නේ නීති ප්‍රකාර නොවන අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක පිලිප්ස් ඇල්ස්ටන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා එවන ලද ලිපියට මානව හිමිකම් අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රජීව විජේසිංහ විසින් හැරෙන තැපෑලෙන් පිළිතුරු ලියා මාධ්‍යවලට ද එම පිළිතුර ප්‍රසිද්ධ කිරීමයි.  දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ රැජිනගේ ඉංගිරිසියෙන් ලියන්නට පුළුවන්කම නිසා යුද මෙහෙයුම් කාලයේ සුද්දන්ට ලියුම් ලියන්නට බඳවා ගත් මෙම ලියන ආරච්චි රජය වෙනුවෙන් පිළිතුරු ලියා ඇත්තේ අඩු තරමේ තම ප්‍රධානියා වන මානව හිමිකම් ඇමති මහින්ද සමරසිංහගෙන් පවා නො විමසා බවය...

ෆොන්සේකාගේ කතාව විශාලනය කර පෙන්වන අයගේ අරමුණ රාජපක්ෂලා පන්නා මුල් පුටු සියතට ගැනීම ද?

Image
(2009 දෙසැම්බර් 23 - W3Lanka ) ශ්‍රී ලංකා යුද හමුදාවට යටත්වන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට වෙඩි තබන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් නඟන ලද හා පසුව ඉල්ලා අස් කර ගන්නා ලද චෝදනාව ලංකා ආණ්ඩුවට අපකීර්තියකි. එසේ ම ජනාධිපතිවරණයේදී ආණ්ඩුව වාසි ලබා ගැනීම පිණිස එම ප්‍රකාශය විශාලනය කර ප්‍රදර්ශනය කිරීම ද ඒ තරමට ම හානිකර වී තිබේ.  රාජ්‍ය තාන්ත්‍රිකව කළ යුතු ආකාරයට නීති ප්‍රකාර නොවන අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක පිලිප්ස් ඇල්ස්ටන් විසින් ලංකාවේ රජය වෙත යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිවීමටත් පෙරාතුව ආණ්ඩුව එක්සත් ජාතීන් විසින් රජයට විරුද්ධව යුද අපරාධ නඩු විභාගයක් කරන්නේ යයි ප්‍රචාරය කිරීම රට තුළදී කෙසේ වෙතත්, ජාත්‍යන්තරව නම් ආණ්ඩුවේ ප්‍රධානීන්ට මහත් සේ හානිකර ය.  ආණ්ඩුවේ ඇතැම් ලොක්කන්ගේ ප්‍රකාශ එක්සත් ජාතීන් හා ප්‍රධාන පෙළේ රටවල් විසින් ගත යුතුව තිබෙන ක්‍රියාමාර්ග මේවා යයි පෙන්වා දීමක් වී තිබේ.  නිදසුනක් ලෙස ජාතික ආරක්ෂක උපදේශක හා සේවයේ යෙදී සිටියදී යුද හමුදාපති සරත්...

අනතුරු නො තකා යුද අපරාධ චෝදනා ඡන්දයේදී ආශිර්වාදයක් කර ගන්න රජයෙන් සැලසුම්

Image
(2009 දෙසැම්බර් 22 - W3Lanka ) එ ක්සත් ජාතීන් විසින් රජයට එරෙහිව නඟන යුද අපරාධ චෝදනා ජනාධිපතිවරණයේදී සානුකම්පිත ඡන්ද ලබා ගැනීම සඳහා උපයෝගී කර ගැනීම සඳහා ආණ්ඩුව සැලසුම් කර තිබේ. මෙහිදී විශේෂයෙන් ම එක්සත් ජනපද පුරවැසියකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනතුරුදායක තත්වයකට මුහුණ දී සිටිය ද එය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේදී වාසිදායක වී තිබේ.  මෙම කාර්යය මේ වන විට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට පවරා ඇත. මුලදී ඔහු මතු ආරක්ෂාව පිළිබඳ ගැටළු මතු කර ඇතත්, ඒ පිළිබඳ දැන් කතා නො කර, ආණ්ඩුවෙන් ලැබුණු දේට ප්‍රති උපකාර වශයෙන් විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාට දැඩි ලෙස පහර දෙන ලෙස ද, හමුදාව ඔහුට එරෙහි වන තත්වයක් හා ජනතාව වීදි බැස ඇතැමෙක් සිරුරට ගිනි තබාගෙන මැරෙන තත්වයක් නිර්මානය කරන ලෙස ද ඔහුට උපදෙස් දී තිබෙන බව වාර්තා වේ. ඒ සඳහා වේගවත් කතා හා ප්‍රකාශ කිරීම පිණිස ඔහුට ර‍ජයේ මාධ්‍යවල ඉඩකඩ සම්පූර්ණයෙන් ම වෙන් කර දී තිබේ. කෙසේ වෙතත්, වගකිවයුතු දේශපාලනයන් මේ ප්‍රශ්නයේදී විමල් වීරවංශ මෙන් කටයුතු නො කර රාජ්‍ය තාන්ත්‍රික ලෙස ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කළ යුතු බව රජයේ ඉහළ ම ...

සරත් මදිවට චැනල් ෆෝ; වීඩියෝව සත්‍ය එකක් බව විශේෂඥ පවසයි

Image
(2009 දෙසැම්බර් 16 - W3Lanka ) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සුදු කොඩි රැගෙන භාර වීමට පැමිණි කොටි සාමාජිකයන්ට වෙඩි තබන්නැයි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට අණ කළේ යයි හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය වහත් ආන්දෝලනයක් ඇති කර තිබියදී, පසුගිය අගෝස්තු 04දා චැනල්-4 රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ලංකාවේ හමුදාව යයි සැක කරන සිංහල කතා කරන පිරිසක් විසින් දෙමළ යයි සැක කෙරෙන පුද්ගලයකු වෙඩි තබා මරා දමන දර්ශනය ඇතුළත් වීඩියෝ පටය අව්‍යාජ එකක් බව විශේෂඥයකු විසින් පවසා ඇත.  බ්‍රිතාන්‍යයේ 'ද ‍ටයිම්ස්' පුවත්පත වෙනුවෙන් මෙම පරීක්ෂණය සිදු කර තිබෙන්නේ එක්සත් ජනපද රජයේ FBI පරීක්ෂණ කාර්යාංශයේ උපදේශකවරයකු හා කැනඩාවේ වැන්කුවර් පොලිස් වෝහාරික වීඩියෝ අංශයේ හිටපු ප්‍රධානී ග්‍රාන්ට් ෆ්‍රෙඩ්රික්ස් ය.  ඩිජිටල් වෙනස් කිරීමක්, සංස්කරණයක් හෝ විශේෂ ප්‍රයෝග එකතු කිරීමක් වීඩියෝ පටයෙහි නැති බව ඔහු පවසයි. අවියේ බැරලයෙන් දුම් පිට වීම වැනි නිර්මානය කිරීම දුෂ්කර සත්‍ය වෙඩිතැබීම් හා සම්බන්ධ සියුම් විස්තර වීඩියෝවේ අඩංගු බව ඔහු පවසයි. නළුවන් යොදා ගත් බවට ඇති චෝදනා ප්‍රතික්ෂේප කළ හ...