කොටි යටත් වෙන්න ඉල්ලුවා - එක්සත් ජාතීන්ගේ සංවිධානය
(2009 දෙසැම්බර් 15 - W3Lanka ) හිටපු හමුදාපති හා වත්මන් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය පදනම් කරගෙන ජාත්‍යන්තර දේශපාලනයේ සිදු වෙමින් ඇති චලනයේ අලුත් ම පුවත වන්නේ යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. නිලධාරීන් යටත් වන ආකාරය අධීක්ෂණය කිරීමට එක්සත් ජාතීන් එකඟ වුණ මුත් එම ස්ථානයට යාමට අවසර හා කාලය නො තිබුණු බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෝන් හෝම්ස් CNN වෙත පැවසීමයි. කොටි සංවිධානය විසින් යටත් වීම සඳහා කරන ලද ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබුණ් බවත්, එය අදාළ නිලධාරීන් වෙත සන්නිවේදනය කළ බවත් පවසන හෝම්ස් යුද්ධයේ අවසන් අදියර ක්ෂණිකව අවසන් වීම නිසා එක්සත් ජාතීන්ට මැදිහත් වීමට කාලය නො තිබුණු බව පවසයි. කොටි සංවිධානයට එරෙහි යුද්ධයේඅවසන් අදියරේදී භාර වීමට සුදු කොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක බී. නඩේසන් සහ එස්. පුලිදේවන් ඇතුළු පිරිස මරා දමන්නට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අණ දුන් බව හිටපු හමුදාපති සහ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසූ බව සන්ඩේ ලීඩර් පුවත්පත ඉරිදා වාර්තා කළේය. ...