ආණ්ඩුව මංගල රැළිය සඳහා අනුරාධපුරයටත්, විපක්ෂය මහනුවරටත් යන්නේ ඇයි?
(2009 දෙසැම්බර් 17 - W3Lanka ) එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මංගල රැළිය හෙට (18) සවස 2.00 ට අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ාම් අතර, එක්සත් ජාතික පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයෙන් ජනාධිපතිවරණය තරග කරන සරත් ෆොන්සේකාගේ මංගල රැළිය හෙට මහනුවරදී පැවැත්වේ. අනුරාධපුරය වනාහි 19වන සියවසේදී ඉංග්‍රීසි පුරා විද්‍යාඥයන් විසින් ගොඩ ගන්නා ලද ක්‍රි.ව. 1000 පමණ දක්වා පැවති පැරණි රාජධානියක අග නගරයයි. සිංහල මූලික රාජ්‍ය ආධිපත්‍යය මූලික හරය කර ගත් පශ්චාත් යටත් විජිත සිංහල ජාතික ව්‍යාපාරය විසින් සිය පරමාදර්ශී නගරය ලෙස තෝරාගෙන ඇත්තේ අනුරාධපුරයයි. මහනුවර ලංකාවේ පූර්ව යටත් විජිත යුගයේ අවසන් රාජධානියේ අගනගරයයි. එය ඉංග්‍රීසීන් අතට පත් වූයේ 1815දී ය. බෞද්ධයන්ට ශ්‍රී මහා බෝධිය පිහිටි අනුරාධපුරය මෙන් ම දන්ත ධාතුව තිබෙන මහනුවර ද එක ලෙස වැද ගත් වේ. දෙමළ ජාතිකවාදී කැරළිකරුවෝ මේ නගර දෙකට ම පහර දී මිනිස් ඝාතන සිදු කළ හ. ආණ්ඩුව හා විපක්ෂය සිය මංගල රැළි සඳහා අන් සියලු කටයුතු සඳහා කේන්ද්‍රස්ථානය වන කොළඹ තෝරා නො ගෙන ම...