රටින් අඩු මිළ බඩු එනකල් නත්තල කල් දැමීමේ තීරණයක්
( 2010 දෙසැම්බර් 24, W3Lanka ) සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය විසින් නත්තග් උත්සවය වෙනුවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන ලද අඩු මිළ බිත්තර තවම වෙළඳපොළට පැමිණ නැති නිසා කේක් හැදිය නො හැකි බැවින් ද, අඩු මිළට දෙන ඉන්දියන් කුකුළු මස් නත්තල් කෑම මේසයට නැති බැවින් ද, පකිස්තානයෙන් ගෙන්වූ අඩු මිළ ළූනු නැති නිසා අච්චාරු දමන්නට බැරි හෙයින් ද, ඉන්දියාවෙන් ගෙන්වූ ලාභ පොල් නැති නිසා හොදි කන්නට බැරි බැවින් ද මෙවර නත්තල කල් දමා ඇත. පැරණි ක්‍රමයට නත්තල නැවත පැවැත්වෙන දිනය ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් විමසන්න. සිංහල බෞද්ධ ක්‍රමයට නත්තල සමරන හැටි අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ගෙන් විමසා දැනගන්න. Bookmark, remember easily and come again www.w3lanka.com