ජී.එස්.පී ප්ලස් අහිමි වීමෙන් ලංකාවේ බයිසිකල් කර්මාන්තයත් අනතුරේ | Sri Lanka bicycle industry too is at peril with the loss of GSP Plus

(2010 පෙබරවාරි 24-W3Lanka)  යුරෝපා සංගමය විසින් සපයනු ලබන ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වීම නිසා සිදු වන හානි අතරින් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ ඇගලුම් කර්මාන්තයටයි. බොත්තම දක්වා ඇඟලුම් කර්මාන්තයේ සියලු යෙදවුම් ආනයනය කරනමුත් දෙලක්ෂයක් පමණ ජනයා ශ්‍රමිකයන් ලෙස ඍජුව ම සම්බන්ධ වන කර්මාන්තයක් බැවින් එයින් සිදු වන හානිය කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම සාධාරණය. 


ඇඟලුම් හැර තවත් භාණ්ඩ වර්ග 6500කට අධික ප්‍රමාණයකට මෙම බදු සහනය හේතුවෙන් යුරෝපා සංගමය තුළ  හොඳ වෙළඳපලක් ලබා ගැනීමට හැකි  වී තිබේ. එම භාණ්ඩ ආශ්‍රිත කර්මානතවලට ද ජී.එස්.පී ප්ලස් අහිමි වීම නිසා දැඩි වෙළඳ තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු වේ. 


සියයට සියයක් ම දේශීය අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කෙරෙන පෝසිලේන් කර්මාන්තය මෙහි විශේෂ අංශයකි. 


තවත් කර්මාන්තයක් වන්නේ බයිසිකල් හා බයිසිකල් කොටස් නිෂ්පාදන කර්මාන්තයයි. 2008 වසරේදී යුරෝපා සංගමයේ බයිසිකල් සැපයුම්කරුවන් අතරින් සිව්වන ස්ථානයේ සිටි ලංකාව බයිසිකල් 700,000ක් එරටට යැවූ බව බයිසිකල් වෘත්තිකයන්ගේ වෙබ් අඩවියක් වන බයික් යුරොප් පවසයි. එසේම ප්‍රධාන වශයෙන් බයිසිකල් ටයර් ඇතුළු බයිසිකල් උපාංග රාශියක් ලංකාව යුරෝපයට යවයි. 


යුරෝපා සංගමයේ තීරණය අනුව ලංකාවෙන් යුරෝපා සංගමයට යවන බයිසිකල් සඳහා 2010 අගෝස්තු 15 සිට 14%ක බද්දක් ද බයිසිකල් උපාංග සඳහා 4.7%ක බද්දක් ද අය කෙරේ. 


ලංකාව යුරෝපා සංගමයට කරන අපනයනවලින් 2008දී යුරෝ බිලියන 1.24ක ආදායමක් ලැබූ අතර කර්මාන්ත සංවර්ධනය සඳහා ජි.එස්.පී. ප්ලස් බදු සහනය මහත් ආශිර්වාදයක් විය.

Comments

  1. බය වෙන්න දෙයක් නෑ,යුරෝපයට යවන භාණ්ඩ ප්‍රමාණය අඩු වුනාට ඒ ඔක්කොම හම්බන්තොට කියන රටෙන් මිලදි ගනිවි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා