ඒගොල්ලන්ගේ සිහින දේශයට ඒගොල්ලන්ගේ ම මාධ්‍ය ගැන කේන්ති ගිහින්

(2010 පෙබරවාරි 18-W3Lanka)  පෙබරවාරි 14 දින ඒෂියන් ට්‍රිබ්යූන් නම් විදෙස් රටක සිට කරන ආණ්ඩුවේ ප්‍රචාරක උපකරණයක් වන වෙබ් අඩවියේ Shocking revelation of what Fonseka did in U.S නම් පුවතක් පළවීමෙන් අනතුරුව රජයේ මාධ්‍යවලද පළවූ  ප්‍රවෘත්තියක සඳහන් කර ඇති කරුණු ඇමෙරිකානු තානාපති කාඊයාලය කෝප ගැන්වීමට සමත් වී ඇත.


ඇමරිකා එක්සත් ජනපදය යනු ප්‍රධාන රාජපක්ෂ සහෝදරයින් දෙදෙනෙකුගේ හා සරත් ෆොන්සේකාගේ ද සිහින දේශයයි.


එකී ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකානු තානාපති කාඊයාලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ: 
ඇමෙරිකානු තානාපති කාඊයාලය විසින් නොයෙකුත් අවස්ථාවලදී ප‍්‍රසිද්ධියේ හා පෞද්ගලිකව අවධාරණය කළ පරිදි ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගය ශී‍්‍ර ලංකා ජනාධිපතිවරණය සඳහා තරග වැදුනූ කිසිදු අපේක්‍ෂකයකු සඳහා වත් ලබාදී නොමැත. අප එසේ කළායයි පැවසෙන චෝදනා සාවද්‍ය ඒවා වේ. එබැවින් ඇමරිකාව විසින් ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාට හෝ ඔහුගේ රජයට විරුද්ධව කුමන්ත‍්‍රණය කරන ලදැයි කර ඇති පදනම් විරහිත චෝදනා ගැන අපි කණස්සල්ලට පත්වීමු.

මේ අසත්‍ය ප‍්‍රකාශ පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ප‍්‍රකාශයක් කිරීමට ඉඩ නොතබමින් රජයේ මාධ්‍ය හරහා පදනම් විරහිත එමෙන්ම කුපිත කරවන සුළු මෙවැනි ප‍්‍රවෘත්තියක් විකාශනය කිරීමට අදහස් කිරීම ගැන අපි කණගාටු වෙමු. 

ඇමෙරිකා - ශී‍්‍ර ලංකා මිත‍්‍රත්වය දිගු කලක් තිස්සේ පැවත එන්නකි. සිය නිදහස ලැබූදා පටන් පැවති සියලුම ලාංකීය රජයන් සමග කටයුතු කළ ආකාරයටම වර්තමාන රජය සමගද කටයුතු කිරීමට හැකි වන ලෙස මෙම මිත‍්‍රත්වය තව දියුණු වන බව අමෙරිකාවේ බලාපොරොත්තුව වේ. ඒ සමගම ලංකාවාසීන්ගේ සිවිල් හා මානව අයිතීන් වලට ගරුකරන්නාවූ එක්සත් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි ශී‍්‍ර ලංකාවේ සාමය හා සෞභාග්‍යය සඳහා දායක වීමට අපට ඉඩ සැලසෙනු ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා