කියුබාව සම්බාධක රහිත යුගයකට
2013 වසරේ පැවැත්වුණු නෙල්සන් මැන්ඩෙලා සමරු මෙහෙය අවස්ථාවේ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හා කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ දකුණු අප්‍රිකාවේදී ප්‍රසිද්ධියේ අතට අත දුන්නා. ඊට දින කීපයකට පසුව, තමන් අතර පවතින විෂමතාවයන්ට ගරු කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර ශිෂ්ඨ සම්පන්න සම්බන්ධතා ඇති කර ගත යුතු බව ාවුල් කස්ත්‍රෝ පැවසුවා. "ඇමෙරිකාව තමන්ගේ දේශපාලන හෝ සමාජයීය ක්‍රමය වෙනස් කළ යුතුයි කියල අපි ඉල්ලන්නේ නෑ වගේම අපේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ සාකච්ඡා අපි පිළිගන්නේ නැහැ. අපිට අපේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉදිරියට ගෙන යාමේ සැබෑ අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අපි අප අතර පවතින වෙනස්කම්වලට ගරු කිරීමට ඉගෙන ගෙන සාමකාමී සහජීවනයකට හුරු පුරුදු විය යුතුයි." ඇමරිකන් ගැති ආඥාදායකයකු වූ බැටිස්‌ටාගේ නායකත්වයෙන් යුත් ධනපති පාලනය පලවා හරිමින් ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් 1961දී කරන ලද කියුබානු විප්ලවයෙන් පසුව එක්සත් ජනපදය කියුබාව සමග සම්බන්ධතා අත්හිටවූවා පමණක් නොව එරටට එරෙහිව ආර්ථික සම්බාධකද පනවා තිබෙනවා. ඇමරිකාව පාමුල බිහි වූ මෙම කොමියුනිස්ට් රාජ්‍යය ආක්‍රමණය කර පරාජය කිරීමට නො හැකි වූ තැ...