Posts

Showing posts with the label ඒෂියන් ට්‍රිබියුන්

ඒගොල්ලන්ගේ සිහින දේශයට ඒගොල්ලන්ගේ ම මාධ්‍ය ගැන කේන්ති ගිහින්

Image
(2010 පෙබරවාරි 18- W3Lanka )   පෙබරවාරි 14 දින ඒෂියන් ට්‍රිබ්යූන් නම් විදෙස් රටක සිට කරන ආණ්ඩුවේ ප්‍රචාරක උපකරණයක් වන වෙබ් අඩවියේ Shocking revelation of what Fonseka did in U.S නම් පුවතක් පළවීමෙන් අනතුරුව රජයේ මාධ්‍යවලද පළවූ  ප්‍රවෘත්තියක සඳහන් කර ඇති කරුණු ඇමෙරිකානු තානාපති කාඊයාලය කෝප ගැන්වීමට සමත් වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය යනු ප්‍රධාන රාජපක්ෂ සහෝදරයින් දෙදෙනෙකුගේ හා සරත් ෆොන්සේකාගේ ද සිහින දේශයයි. එකී ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකානු තානාපති කාඊයාලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ:  ඇමෙරිකානු තානාපති කාඊයාලය විසින් නොයෙකුත් අවස්ථාවලදී ප‍්‍රසිද්ධියේ හා පෞද්ගලිකව අවධාරණය කළ පරිදි ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගය ශී‍්‍ර ලංකා ජනාධිපතිවරණය සඳහා තරග වැදුනූ කිසිදු අපේක්‍ෂකයකු සඳහා වත් ලබාදී නොමැත. අප එසේ කළායයි පැවසෙන චෝදනා සාවද්‍ය ඒවා වේ. එබැවින් ඇමරිකාව විසින් ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාට හෝ ඔහුගේ රජයට විරුද්ධව කුමන්ත‍්‍රණය කරන ලදැයි කර ඇති පදනම් විරහිත චෝදනා ගැන අපි කණස්සල්ලට පත්වීමු. මේ අසත්‍ය ප‍්‍රකාශ පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ප‍...