ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉදිරි ණය දෙනවාද තීරණය කරන්න දූත පිරිසක්

(2010 පෙබරවාරි 17-W3Lanka)  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකාවේ විදේශ සංචිත අර්බුදය විසඳා ගැනීම සඳහා ලබා දෙන ලද ඩොලර් බිලියන 2.4ක ණය හා අදාළ ඉදිරි වාරික ලබා දෙන්නේ ද යන්න තීරණය කිරීම පිණිස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දූත පිරිසක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත ය.


ලංකාව දැනට එහි ණය වාරික දෙකක් ලබාගෙන ඇත. මෙම ණය ලබා ගැනීම සඳහා ලංකාව 2009දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක මට්ටමක පවත්වාගෙන ගොස් 2011 වන විට එය 5% දක්වා අඩු කළ යුතු ය.


එහෙත් 2009දී ලංකාව මෙම ඉලක්ක සපුර ගැනීමට අසමත් වූ අතර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක පමණ මට්ටමක පැවතුණ බව විශ්වාස කෙරේ. මේ පිළිබද නිවැරදි දත්ත ලබා දෙන මහ බැංකු වාර්තාව නිකුත් වනු ඇත්තේ මාර්තු හෝ අප්‍රේල් හෝ බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා