ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන හැටි ආණ්ඩුව කිව යුතුයි

(2010 පෙබරවාරි 23-W3Lanka)  ඉදිරි මහ මැතිවරණය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මාස හයක්‌ ඇතුළත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට රජය කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම ඊයේ (22 වැනිදා) මහවැලි කේන්ද්‍රයේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.


මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම හොඳ දෙයකි. ඒ සඳහා අවශ්‍ය නම් ජනතාවගේ තුනෙන් දෙකක් නොව තුනම වුව ඉල්ලා සිටීම නරක නැත. මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියකු කිරීම හා පිරිමියකු ගැහැනියක කිරීම පමණකැයි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන පැවසීය. ඒ අනුව ගත් කල ජනතාවට තුනෙන් එකකින්වත් ඇති වැඩක් නැත. තුන ම ජනාධිපතිට දී දැම්මා ම අහවරය.


එහෙත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කෙසේද යන්න ආණ්ඩුව පැහැදිලිව පැවසිය යුතුය. පසුගිය ජනාධීපතිවරණ සමයේ විපක්ෂය පමණක් නොව ආණ්ඩුව පවා කීවේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවයි. එය කරන්නේ කෙසේද?


විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. ලංකාවේ ප්‍රශ්න අතරින් මූලික ම ප්‍රශ්නයක් වන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයයි. එය විසඳීම සඳහා ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා ගන්නට බලාපොරොත්තු වන පියවර මොනවාද?


මේවා පැහැදිලිව කියා ඒ සඳහා ජනවරම ලබා ගත යුතුය. එවිට කාටවත් පසුව මේවාට විරුද්ධ වීමට හේතුවක් නැත.

Comments

  1. Clearly it hasn't been finalised yet. There's no reason for the government to detail what the changes are just yet. I'm sure that it would be put to a national referendum once the government is ready, and it will be approved by more than 58% of the people. You will have nothing to hold on to but kompiyuter jilmart.

    ReplyDelete
  2. Govt. is asking 2/3 for constitutional changes, but they may not reveale them what it is, No one will give up their power , instead of that they will grab more power. As in 1978 nobody knows what was in the constitution, except power hungry politicians. This time people should not do the same mistake, ask them to put forward their proposals for the constitution changes

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා