අන්තර්ජාල වාරණ චීන-ලංකා මෙහෙයුම්වලට ලෝක බැංකු උදව් නැතිලු

(2010 පෙබරවාරි 16-W3Lanka)  ලංකාවේ අන්තර්ජාලය වාරණය කිරීම සඳහා ලෝක බැංකුව ආධාර නො කරන බව එම ආයතනය සඳුදා නිවේදනය කළේය.


ලෝක බැංකුව විසින් විදුලි සංදේශ නියාමන කොමිෂමට ආයතනික් සංවර්ධන ආධාරයක් සපයා ඇත.


ලංකාවේ අන්තර්ජාල වාරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා චීන යුද ඔත්තු ඒකකයේ නිලධාරීන් ඉදිරි සති කීපය තුළ ලංකාවට පැමිණෙන බව පසුගිය ඉරිදා සන්ඩේ ටයිමිස් පුවත්පත වාර්තා කර තිබිණි.


සියලු පුවත් වෙබ් අඩවි විදුලි සංදේශ නියාමන කොමිෂමේ අවසරයට යටත් කිරීමට හා ගූගල් සෙවුම් යන්තය පාලනය කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇති බව පුවත්පත වාර්තා කර තිබිණි.


2009 මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් 162වන නින්දිත ස්ථානයේ සිටින ලංකාවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝකය ඉදිරියේ ඇති චිත්‍රය තවත් දුර්වර්ණ වන මෙම පියවරවලින් රජය තවදුරටත් අපහසුතාවට පත් වීමට ඉඩ ඇති බව ද, යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා ගැනීම වැනි කාරණාවලදී මෙවැනි වාරණයන් අහිතකර ලෙස බල පෑ හැකි බව ද විශ්ලේෂකයෝ පවසති.


රජය මේ වන විටත් ලංකා නිව්ස් වෙබ් හා ටැමිල්නෙට් වැනි ප්‍රවෘත්ති වෙබ් අඩවි කීපයක් ම අනියමින් බාධා කර ඇති මුත් දැන් බොහෝ දෙනා එවැනි අවස්ථාවලදී ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒවා වෙත පිවිසෙන බව ද, බාධා කිරීම හා රජයේ මාධ්‍ය හරහා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම වෙබ් අඩවිවල පාඨක පිරිස වැඩි වන බව ද වාර්තා වේ.

Comments

  1. මේවා වාරණයට වඩා වාරණය කළ යුතු බොහො දේ තියෙනවා. පළමු තොට අනාගත ළමා පරම්පරාව වල්මත් කරවන අසැබ් වෙබ් අඩවි වාරණය කළ යුතුය. ඊට පස්සේ පුළුවන් ශ්‍රී ලංකාවේ ස්වෛරීබාවයට තර්ජන එල්ල කරන අඩවි හොදින් විමසා බලා ඉවත් කරන්න.

    ReplyDelete
  2. නෑ නෑ ඔය සේරටම කලින් තම තමන් ලග තියෙන අර අවයවය කපල අයින් කළොත් හොදයි. මොකද පොඩි උන් දැක්කොත් එහෙම?

    ReplyDelete
  3. ela kiri reply eka bumuturunu . . !!!

    ReplyDelete
  4. චූ කරන්නේ පු*න් වෙන්න ඇති අවයවය කැපුවම

    ReplyDelete
  5. මාරයා:

    දැක්කා නේද ටැබුවාට වෙච්ච දේ? තව ටික දවසකින් තොපේ පාහර බ්ලොග් එකටත් කරන්නේ ඔකම තමයි. වැඩිය පුක නොදී හිටපන් සක්කිලියා. හැමදාම කොටින්ට කැහැලා ජීවිතේ බේරගෙන ඉන්න බෑ. තොටත් වෙන්නේ හැමෝටම වෙච්ච දේ තමයි පකයා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා