Posts

Showing posts with the label අන්තර්ජාල වාරණය

වෙබ් අඩවිකාරයිනි, දෑත් ඔසවා යටත් වී රෙජිස්ටර් වෙනු!

Image
ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවි ජනමාධ්‍යයේ 'පිළිගත් සදාචාරාත්මක ප්‍රමිතීන්ට සහ මෙරට පවතින නිතීයට ' අනුකූලව පවත්වාගෙන යන ලෙස ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය ඉල්ලා සිටී. සියලුම වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචි කරගැනීමට ක්‍රියාකරන ලෙසද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින ඉල්ලා සිටී. ලියාපදිංචි නොවුණොත් වන දෙය කියා නැත. ලියාපදිංචි වන්නට පුළුවන. ඒත්, අර මෙරට පවතින නීතිය අනුව වෙබ් සයිට් කොරන හැටි නම් අපට නො තේරේ. කොටින් ම කියනවා නම් මෙරට පවතින නීතිය මොකක්ද කියා මෙම ලේඛකයාට තේරෙන්නේ නැත. නූගත්කම නිසා ය.  පිටරට සිට ලංකාව ගැන ලියන එවුන්ට ද මේ අනුව පරිස්සම් වන්නට සිදු විය හැකි ය. සමහර විට ආණ්ඩුව අන්තර්ජාලය හරහා ඒ රටවල්වලට ඇතුල් වී එම වෙබ් අඩවිවල කර්තෘන් අන්තර්ජාලය හරහා කණෙන් ඇදගෙන මෙහි ගෙන එනු ඇත. කොහොමද ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීරව අන්තර්ජාලය හරහා කණෙන් ඇදගෙන ලංකාවට ගෙන ඇවිත් ආරක්ෂක අමාත්‍යංශයේ කොම්පියුටරයකින් එළියට ඇදලා අර ගන්න ලස්සන? සඳරුවන් දැන් ටිකක් ඩයට් කරනවා නම් හොඳයි නැතිනම් අන්තර්ජාලය හරහා ඇද...

ආණ්ඩුවට චැලෙන්ජ් කරමු; ප්‍රොක්සිවලින් නිව්ස් බලමු

Image
පතුල පුවත් හසුන විසින් අප වෙත එවන ලද, ආණ්ඩුව විසින් වාරණය කරන ලද වෙබ් අඩවි බැලීම සඳහා භාවිතා කළ හැකි ප්‍රොක්සි වෙබ් අඩවි ලැයිස්තුවක් මේ සමග පළ වේ.  www.123hideip.eu www.ipbuzz.net www.litelium.com    www.linkmetube.com www.proxfree.com www.proxite.info www.miniprox.net www.world-unblock.com www.vobas.com www.hide-beautifulgirl.info www.proxyxom.info www.assignmentsecuresurf.info www.voiceanonymous.info www.thalauk.info www.securecont.info www.page015.info www.savemoneymarketweb.info     www.uksafeprox.info www.squeesprox.info www.surfhostingsecure.info www.sopatient.info www.forex-proxy.info www.visithostingunblock.info www.onlyholyblood-ip.info www.proxygenerator.info www.unblockca.info www.armbrowsing.info www.proceedproxy.info මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අන්තර්ජාල වාරණ චීන-ලංකා මෙහෙයුම්වලට ලෝක බැංකු උදව් නැතිලු

Image
(2010 පෙබරවාරි 16- W3Lanka )   ලංකාවේ අන්තර්ජාලය වාරණය කිරීම සඳහා ලෝක බැංකුව ආධාර නො කරන බව එම ආයතනය සඳුදා නිවේදනය කළේය. ලෝක බැංකුව විසින් විදුලි සංදේශ නියාමන කොමිෂමට ආයතනික් සංවර්ධන ආධාරයක් සපයා ඇත. ලංකාවේ අන්තර්ජාල වාරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා චීන යුද ඔත්තු ඒකකයේ නිලධාරීන් ඉදිරි සති කීපය තුළ ලංකාවට පැමිණෙන බව පසුගිය ඉරිදා සන්ඩේ ටයිමිස් පුවත්පත වාර්තා කර තිබිණි. සියලු පුවත් වෙබ් අඩවි විදුලි සංදේශ නියාමන කොමිෂමේ අවසරයට යටත් කිරීමට හා ගූගල් සෙවුම් යන්තය පාලනය කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇති බව පුවත්පත වාර්තා කර තිබිණි. 2009 මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් 162වන නින්දිත ස්ථානයේ සිටින ලංකාවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝකය ඉදිරියේ ඇති චිත්‍රය තවත් දුර්වර්ණ වන මෙම පියවරවලින් රජය තවදුරටත් අපහසුතාවට පත් වීමට ඉඩ ඇති බව ද, යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා ගැනීම වැනි කාරණාවලදී මෙවැනි වාරණයන් අහිතකර ලෙස බල පෑ හැකි බව ද විශ්ලේෂකයෝ පවසති. රජය මේ වන විටත් ලංකා නිව්ස් වෙබ් හා ටැමිල්නෙට් වැනි ප්‍රවෘත්ති වෙබ් අඩවි කීපයක් ම අනියමින් බාධා ක...

ලොකු අයියා ෆේස්බුක් එකටත් ඇහැ ගහගෙන

Image
(2010 ජනවාරි 31 - W3Lanka )   වි‍දුලි සංදේශ නියාමන කොමිෂමේ විශේෂ කණ්ඩායමක් විසින් ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල නිරීක්ෂනය කරමින් සිටින බව අද ලක්බිම නිව්ස් පුවත්පත පවසයි. එම පුවත් වාර්තාව අනුව මෙම නිලධාරීන් විසින් අධ්‍යයනය කරමින් සිටින්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵල කෙරෙහි අතෘප්තිය පළ කරන අයගේ කටයුතු ය.  මේ සඳහා මෙවැනි කටයුතු පිළිබඳ හසල අත්දැකීම් ඇති චීන රටෙන් විශේෂඥයන් ගෙන්වා ඇති බව ද පුවත්පත පවසයි. 

අපරාධ අනුරූපණය කරන පරිගණක ක්‍රීඩා චීනයේ තහනම්

Image
(2009 ජුලි 30 - W3Lanka) ලංකාවේ 'සුචරිතවාදී' ආණ්ඩුව වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට වැඩිහිටියන්ටත් තහනම් කරන්නට කටයුතු කරමින් සිටියි.  රහස් පොලිසියේ මහත්වරුන් බලා තිබෙන 'කාමුක' දර්ශන අඩංගු වෙබ් අඩවි 12ක්ද තහනම් කර ඇත. රජය විවේචනය කරන වෙබ් අඩවිවලට බාධා පමුණුවා තිබෙන්නේ නීති විරෝධී අන්දමිනි.  බොහෝ දේවලදී දැන් දැන් ලංකාවට ගුරූපදේශ දෙන චීනය මේ සතියේ ලංකාවට ආදර්ශයට ගත හැකි වැඩක් කළේය.  චීන රජය තමන්ට පාලනය කළ නොහැකි කිසිදු ආකාරයක සංවිධානය වීමකට මහජනයාට ඉඩ දෙන්නේ නැත. පසුගිය සඳුදා සිට සංවිධානාත්මක අපරාධ අනුරූපණය කරන පරිගණක ක්‍රීඩා ද තහනම් කර තිබේ. “Godfather,” “Gangster” සහ “Mafioso Hitman,” වැනි ජනප්‍රිය පරිගණක ක්‍රීඩා රැසක් මේ අනුව තහනම් කර තිබේ.  ලංකාව ද මෙය අනුගමනය කිරීම ඇත්තෙන් ම නරක නැත. මක් නිසා ද යත් ඝාතන, පහර දීම්, දූෂණය කිරීම් ආදී ක්‍රියා මනසින් කරවන මෙබඳු ක්‍රීඩා සමාජයේ යහපැවැත්මට අහිතකර යයි තර්ක කළ හැකි බැවිනි.  ඒ සමගම පරිගණක ක්‍රීඩාවල නොව හැබෑ ලෝකයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ද මර්දනය කළ යුතුය. දැන් කරන පරිදි තෝරා ගත් පාතාල අපරාධකරුවන් පමණ...

ලංකාවේ අන්තර්ජාල වාරණය ඉහළ යන ලකුණු

Image
(2009 ජුලි 17) රජයට එරෙහිව 'මඩ ප්‍රහාර එල්ල කරන' වෙබ් අඩවි 'ඉබේම වැසී යන තත්ත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව' ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කී බව අද දිනමිණ පුවත්පතේ ආරක්ෂක තොරතුරු වාර්තාකාරිනී විජයානි එදිරිසිංහ වාර්තා කරයි. නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ රහස් පොලිස් නිලධාරින් කණ්ඩායමක් විවිධ තාක්ෂණික ක‍්‍රම සොයා ගනිමින් මෙකී වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණවලට ඊයේ සිට යොමු වී ඇති බව ද දිනමිණ පුවත් පවසයි. රජයට එරෙහිව 'මඩ' ප්‍රහාර එල්ල කරන්නේ යයි රජය විසින් චෝදනා කරනු ලබන ලංකා නිව්ස් වෙබ් අඩවිය වෙත පසුගිය 11දා සිට ලංකාවේ පාඨකයන්ට පිවිසීමට නොහැකිය. එහෙත් රජය එවැනි බාධා කිරීමක් කර නොමැති බව ජනමාධ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ටැමිල්නෙට් වෙබ් අඩවිය ද වසර තීපයක සිට මෙසේ බාධා කර ඇතිමුත් රජය ඒ සම්බන්ධ වගකීම ද භාර නොගනියි. ලංකාවේ ප්‍රධානම අන්තර්ජාල සේවා සපයන්නා වන්නේ රජයට 51%ක කොටස් හිමිකාරිත්වයක් ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි.  (ඉහත දැක්වෙන දේශ සීමා නැත...