Posts

Showing posts with the label යුරෝපා සංගමය

ජී.එස්.පී. ප්ලස් එපා, ලංකාව කියයි: යුරෝපා සංගමයේ රෙදි ගැලවේ. | European Union stripped; Sri Lanka rejects conditions for GSP Plus

Image
(2010 ජුනි 25,  W3Lanka )  ලංකාවේ සිට යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරනු ලබන ඇගලුම් ඇතුළු භාණ්ඩ වර්ග 7200කට ලබා දෙන තීරු බදු සහනය දීර්ඝ කර ගැනීම සඳහා යයි කියමින් පසුගිය දිනවල ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් මහජන මුදලින් යුරෝපයේ රවුම් ගසමින් මහජන කාලය කා දමමින් සාකච්ඡා පැවැත්වූ හ.  මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ ඇමති මෙසේ මහජන මුදල් කෑ එක් අ‍යෙකි. එහෙත්, ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන ලබා ගැනීම සදහා යුරෝපය මානව හිමිකම් පිළිබඳ කොන්දේසි අනිවාර්යයෙන් ඉදිරිපත් කරන බව ද, යුද අපරාධ චෝදනා නිසා මව් රට වන ඇමරිකාවට පවා යන්නට බැරිව සිටින සාමාජිකයන් සිටින ලංකාවේ පාලක පවුලට මානව හිමිකම් ඇලජික් බැවින් ඒවාට එකඟ වන්නට බැරි බව ද තේරුම් ගැනීමට ලෝකය වටේ ගියත් මේ උත්තමයාට බැරි වී තිබේ.  යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහනය දෙන්නේ ලංකාවේ හෙළයන්ට ඒක නො දුන්නොත් උන්ට රෙදි නැතිව හෙළුවෙන් වන වනා ඉන්නට සිදු වන නිසා නොවේ. යුරෝපා සංගමය බලාපොරොත්තු වන අන්දමේ ශිෂ්ඨත්වයක් ලංකාව වැනි හිඟන රටවල ඇති කිරීම සඳහා ය. මෙවැනි හිඟන රටවල් තව ඕනැ තරම් ලෝකයේ ඇති බැවින් ඒ අතරින් කීපයක් තෝරා ගැනීම යුරෝපා ස...

ජී.එස්.පී ප්ලස් අහිමි වීමෙන් ලංකාවේ බයිසිකල් කර්මාන්තයත් අනතුරේ | Sri Lanka bicycle industry too is at peril with the loss of GSP Plus

(2010 පෙබරවාරි 24- W3Lanka )   යුරෝපා සංගමය විසින් සපයනු ලබන ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වීම නිසා සිදු වන හානි අතරින් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ ඇගලුම් කර්මාන්තයටයි. බොත්තම දක්වා ඇඟලුම් කර්මාන්තයේ සියලු යෙදවුම් ආනයනය කරනමුත් දෙලක්ෂයක් පමණ ජනයා ශ්‍රමිකයන් ලෙස ඍජුව ම සම්බන්ධ වන කර්මාන්තයක් බැවින් එයින් සිදු වන හානිය කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම සාධාරණය.  ඇඟලුම් හැර තවත් භාණ්ඩ වර්ග 6500කට අධික ප්‍රමාණයකට මෙම බදු සහනය හේතුවෙන් යුරෝපා සංගමය තුළ  හොඳ වෙළඳපලක් ලබා ගැනීමට හැකි  වී තිබේ. එම භාණ්ඩ ආශ්‍රිත කර්මානතවලට ද ජී.එස්.පී ප්ලස් අහිමි වීම නිසා දැඩි වෙළඳ තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු වේ.  සියයට සියයක් ම දේශීය අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කෙරෙන පෝසිලේන් කර්මාන්තය මෙහි විශේෂ අංශයකි.  තවත් කර්මාන්තයක් වන්නේ බයිසිකල් හා බයිසිකල් කොටස් නිෂ්පාදන කර්මාන්තයයි. 2008 වසරේදී යුරෝපා සංගමයේ බයිසිකල් සැපයුම්කරුවන් අතරින් සිව්වන ස්ථානයේ සිටි ලංකාව බයිසිකල් 700,000ක් එරටට යැවූ බව බයිසිකල් වෘත්තිකයන්ගේ වෙබ් අඩවියක් වන බයික් යුරොප් පවසයි. එසේම ප්‍රධාන වශයෙ...

ජී.එස්.පී. වෙනුවෙන් ලංකාව කටයුතු කරන්නේදැයි යුරෝපා සංගමය තවමත් අවදියෙන්

Image
(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) ලංකාවේ රජය ජී.එස්.පී. බදු සහන සඳහා අවශ්‍ය පරිදි මානව හිමිකම් තත්වය වර්ධනය කර ගනු ඇතැයි ඊයේ ලක්සම්බර්ග්හිදී රැස් වූ යුරෝපා සංගම් විදේශ ඇමතිවරු බලාපොරොත්තු පළ කර තිබේ. එසේ නොමැති වුවහොත් ඊළඟ පියවර ලෙස එම සහනය ඉවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් ‍කෙරෙනු ඇති බව යුරෝපා සංගමය පවසයි. දැනට යුරෝපා සංගමයේ සභාපතිත්වය දරන්නේ ස්වීඩනයයි. ලංකාව යුද අනාථයන්ට ස්වේච්ඡාවෙන් හා ගෞරවනීය ලෙස යළි ගම් බිම් කරා යාමට ඉඩ සැලැස්විය යුතු බව යුරෝපා සංගම් විදේශ ඇමති රැස්වීමේ සභාපතිත්වය හෙබවූ ස්වීඩන තානාපති කාල් බ්ලිඩ්ට් පැවසීය.  පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාව දෙමළ කැරැළිකරුවන්ට එරෙහිව අවසන් සටන දියත් කරමින් සිටියදී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් සමග එක්වීමට අපේක්ෂා කළ ස්වීඩන් විදේශ ඇමති කාල් බ්ලිඩට් හට ලංකාව විසින් වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික විරසකයක් ඇති විය.  ලංකාව බ්ලිඩ්ට් හට වෙනම චාරිකාවක් සදහා ඇරැයුම් කළත් එය භාර ගැනුණේ නැත. 1980 දශකයේදී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන ආධාරකරුවකු...

මහ බැංකුව ජී.එස්.පී. ප්ලස් මිදි ඇඹුල බව පවසයි.

Image
(2009 ඔක්තෝබර්  22 - W3Lanka ) ලංකාව යුරෝපයට කරන අපනයනවලින් ජී.එස්.පී. ප්ලස් බදු සහන හිමි වන්නේ 1.4%ක පමණ සුළු ප්‍රතිශතයකට නිසා මෙම බදු සහන අහිමි වීම ලංකාවේ අපනයන කෙරෙහි බල නො පාන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් 20දා පැවසීය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. "According to the European Commission’s estimate, the total value of benefits in terms of lower import duties under the GSP+ scheme for the year 2008 was euro 78 million which is only 1.4 per cent of Sri Lanka’s total exports in the same year. Therefore, the loss of preferential duty margin by around 6 to 7 percent arising from a potential withdrawal of the GSP plus facility is not expected to have an adverse impact on Sri Lanka’s exports."  ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි. ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් ලංකාවේ ඇඟලුම් අපනයනවල මිළ 10%කින් පමණ වැඩි වන අතර එය ඉල්ලුම...

ජී.එස්.පී. ප්ලස් නැති වන්නේ පොලිසිය හා කම්කරු දෙපාර්තමේන්තුව නිසා මිස යුද්ධය නිසා නොවෙයි

Image
(2009 ඔක්තෝබර්  20 - W3Lanka ) පොලිස් ප්‍රචණ්ඩත්වය, හිංසනය හා ළමයින් සේවයේ යෙදවීම වැනි කම්කරු නීති උල්ලංඝනය කිරීම් ලංකාවට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන නො ලැබීමට ප්‍රධාන හේතු බව යුරෝපා සංගම් මුලාශ්‍ර පවසයි.  පොලිසිය ප්‍රචණ්ඩව හැසිරෙන බව හා මිනිසුන් හිංසාවට පත් කරන බව යුරෝපයේ පමනක් නොව ලංකාවේ ද බොහෝ දෙනෙක් දන්නා කරුණකි. යුද්ධයේ අවසානයෙන් පසු ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය වෙමින් සිටිය ද ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ ප්‍රශ්න ලංකාවේ ඇත. කොළඹ හතේ බංගලාවක සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අභිරහස් අන්දමින් මිය ගොස් තවම මාස කීපයකි. ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුවට අයත් පඩිපාලක සභා විසින් විවිධ කම්කරු ශ්‍රේණි සඳහා අදාළ වැටුප් පිළිබඳ පළ කරන පුවත්පත් දැන්වීම්වල පවා ළමයින්ට ගෙවන වැටුප් පිළිබඳ සඳහන් වන සදර්භයක් තුළ ලංකාවේ ළමයින් සේවයේ යෙදවීම සිදු වන බවට ඕනෑවටත් වඩා සාක්කි තිබේ.  මෙතැන යුද්ධය හෝ ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග හා අදාළ කාරණා නැත. ලෝකයේ දිළිඳු රටවල් 16කට යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා දෙන්නේ මානව හිමිකම් හා අදාල ජාත්‍යන්තර ප්‍රඥප්ති...

ජී.එස්.පී. ප්ලස් ඉවරයි? ආණ්ඩුව යුරෝපයේ මිනිසුන්ට ලංකාවේ දුප්පතුන්ගේ මුදලින් යට ඇඳුම් ඇන්දවීමට යයි

Image
(2009 ඔක්තෝබර්  19 - W3Lanka ) ලංකාවේ කාන්තාවන් බහුතරයක් වන ඇඟලුම් කම්කරුවන්ගේ සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රයෙන් ජීවනෝපාය සරි කර ගන්නා දස ලක්ෂයක පමණ පිරිසකගේ ජීවිතවලට ඍජුව ම බලපාන යුරෝපා සංගමය විසින් සපයනු ලබන ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය පිළිබඳ වැදගත් පියවරක් අද ගැනීමට නියමිත ය. විශේෂඥයන් පිරිසක් විසින් කරනු ලබන නිර්දේශ ඇතුළත් වාර්තාවක් අද දින යුරෝපා සංගමයට භාර දෙනු ලබන අතර එතැන් සිට දෙමසක් ඇතුළත යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය පිළිබඳ අවසන් නිගමනයට එළඹෙනු ඇත. ලකාවේ රජය ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරන බවට මෙම විශේෂඥ පිරිස දැනටමත් චෝදනා කර තිබේ. රොයිටර් සහ තවත් ජාත්‍යන්තර ජනමාධ්‍ය කීපයක් ම යුරෝපා සංගමයේ මුලාශ්‍ර උපුටමින් පවසන්නේ ලංකාවට මෙම තීරුබදු සහනය නො ලැබීමට ඉඩ ඇති බවයි. ඇඟලුම් නිෂ්පාදන ඇතුළු භාණ්ඩ වර්ග 7200කට මෙම සහනය හිමි වේ. ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට යුරෝපා සංගමය විසින් කරනු ලැබූ ඉල්ලීම ජාත්‍යන්තර වෙළඳ ඇමති ජි.එල්. පීරිස් ප්‍රමුඛ රජයේ බලධාරීන් විසින් පුන පුනා ප්‍රතික්ෂේප කරන ලදී. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය අහිමි වුව...

යුරෝපා සංගමය කොන්දේසි පිට ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහන දෙන්නට යයි

Image
(2009 ඔක්තෝබර් 01 - W3Lanka ) යුරෝපා සංගමය විසින් ලංකාවට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය කොන්දේසි මත තවදුරටත් ලබා දීමට ඉඩ ඇතැයි ඒ හා සම්බන්ධ සාකච්ඡාවලට සහභාගි වූ නම සඳහන් නොකරන ලද තානාපති නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි. ජී.එස්.පී. ප්ලස් බදු සහන පිළිබඳ අවසන් තීන්දුව මෙම මස මැද භාගයේදී යුරෝපා සංගමය විසින් ගන්නට නියමිතය. ජී.එස්.පී. ප්ලස් බදු සහන ලැබීමට නම් එම රටවල් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, සංවර්ධනය හා යහපාලනය හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 27ක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ යුරෝපා සංගමය විසින් ලබාගෙන තිබෙන වාර්තා ලංකාවට අහිතකර වීම නිසා ජී.එස්.පී. ප්ලස් බදු සහන නොලැබීමට ඉඩ තිබෙන බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එස්. රනුග්ගේ පසුගියදා ප්‍රකාශ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා ඔහු පරිපාලන නිලධාරීන්ගේ සංචිතයට මාරු කළේය. බෙන්තර ගඟෙන් එහා ඉපදුණු කෙනෙක් ලෙස ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා ගන්නා ආකාරය තමන් දන්නා බව ජනාධිපතිවරයා පසුගියදා කීවේය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ආරංචි මාර්ග පවසන...

ඇඟලුම් කර්මාන්තයේ අනාගතය තීරණය කරන යුරෝපා සංගමයේ මානව හිමිකම් චෝදනාවලට ලංකාවේ ප්‍රතිචාර සඳහා අවසන් දිනය අද

Image
(2009 සැප්තැම්බර් 17 - W3Lanka) ශ්‍රී ලංකාවේ අපනයනවලට යුරෝපා සංගමය විසින් ලබා දී තිබුණු ජී.එස්.පී. ප්ලස් බදු සහනය දීර්ඝ කරන්නේ ද  යන්න තීරණය කිරීම හා අදාල වූ යුරෝපා සංගමය විසින් ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ ලබාගෙන තිබෙන වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට ලංකාවට ලබා දී තිබෙන කාල සීමාව අදින් අවසන් වේ. ලංකාවේ පිරිහුණු මානව හිමිකම් වාර්තාව හේතුවෙන් යුරෝපා සංගමය විසින් ලංකාවට සුනාමි ව්‍යසනයේ ආදීනවවලින් ගොඩ ඒම සඳහා ලබා දුන් ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි කරන තත්වයක් නිර්මානය කර තිබේ. ලංකාවේ ඇඟලූම් අපනයනවලින් 52%ක්ම මිළ දී ගන්නේ යුරෝපයේ නෙක්ස්ට්, ටෙස්කෝ, මාක් ඇන්ඞ් ස්පෙන්සර් වැනි අලෙවිකරුවන් විසිනි. ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් මෙම නිෂ්පාදනවල මිළ 10%කින් පමණ ඉහළ යනු ඇති අතර, එම සහනය ලබන බංග්ලාදේශය වැනි රටවලින් හා චීනය, වියට්නාමය වැනි ලාභ ශ‍්‍රමය මත පදනම් වූ මිළ අඩු නිෂ්පාදන වෙළඳපොළට එවන රටවලින් ලංකාව දැඩි තරගයකට මුහුණ දෙයි. 250,000ක් ශ‍්‍රමිකයන් ඍජුවම ඇඟලූම් කර්මාන්තයට සම්බන්ධ අතර දසලක්ෂයක් පමණ ලාංකිකයන් දිවි ගැට ගසා ගන්නේ එයිනි. ඇගලූම් අපනයනය ලංකාවේ ප‍්‍රධානම විදේශ ආදායම් උ...

ජී.එස්‌.පී. ප්ලස්‌ තීරුබදු සහනය අහිමි වීම ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගයට පහරක්

Image
(2009 සැප්තැම්බර් 03 - W3Lanka) ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ කර තිබෙන ඇගැයීම ශ්‍රී ලංකාවට හිතකර නොවන බැවින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දුන් ජී.එස්‌.පී. ප්ලස්‌ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට ලැබීම අවිනිශ්චිත බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්‌. රනුග්ගේ පවසයි. ජී.එස්‌.පී. තීරුබදු සහන අහිමි වුවහොත් මෙරට ඇඟලුම් ඇතුළු විවිධ අපනයන කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත. එයින් සමස්ත ආර්ථිකයටම දැඩි බලපෑමක් සිදු වේ. ලක්ෂ තුනක පමණ ශ්‍රමික පිරිසක් ඍජුවම රැකියාවේ යෙදි සිටින ඇගලුම් අපනයන ක්ෂේත්‍රය ලංකාවේ ඉහළම විදේශ ආදායම් උත්පාදන මාර්ගයයි. පසුගිය වසරේ මෙමගින් ඩොලර් බිලියන 3.47ක් උපයා දෙන ලදී.  ඊළඟට වැඩිම ආදායම ලබා දෙන්නේ විදේශ රටවල ලාංකික ශ්‍රමිකයන් විසිනි. එම ආදායම ඩොලර් බිලියන තුනකි. තේ අපනයනයෙන් ගිය වසරේ ඉපැයූ ආදායම ඩොලර් බිලියන 1.2කි.