Posts

Showing posts with the label ලෝක කුසලාන පාපන්දු

කටාර් පාපන්දුව හා විදේශ ශ්‍රමිකයෝ

Image
තම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම් නො කරන්නැයි ලංකාව වැනි රටවල පාලකයෝ නිරතුරුව ඉල්ලා සිටිති. මෙම ඉල්ලීම සාධාරණ නො වන්නේ අපි දැන් ජීවත් වන්නේ ජාතීන් හුදකලාව ජීවත් වන ස්වයංපෝෂිත ජාතික රාජ්‍යවල නො වන නිසා ය. නිදසුනක් ලෙස ලංකාව ගත්තොත්, අපගේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන්නේ මෙරට අතිරික්තව පවතින ශ්‍රමය විදෙස් රටවලට විකිණීමයි. එම රැකියා අවස්ථා සොයාගෙන, අතින් වියදම් කරගෙන පිටරට යන්නේ මේ රටේ මිනිස්සු ය. දරුණු ගැටුම් පවතින උතුරුදිග කුර්දිස්තානය ඇතුළුව ඉරාකයේ විවිධ කොටස්වල ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 2000ත් 3000ත් අතර සංඛ්‍යාවක් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාස කරයි. මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි යයි තමන් විශ්වාස කරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ඉරාකයට යාම සඳහා ශ්‍රී ලාංකිකයන්ට සතියක වීසා 20ක් පමණ නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය විසින් දැනුම් දී තිබීමයි. එහෙත් තමන් සතුව තිබෙන්නේ ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 300කගේ තොරතුරු පමණක් බව තානාපති කාර්යාලය පවසයි. තමන් රැකියා සොයාගෙන, ඉතා අනාරක්ෂිත තත්වයන් ...

පාපන්දු ලෝක කුසලානයට පයින් ගැසූ බ්‍රසීලය

Image
බ්‍රසීලය පාපන්දු ක්‍රීඩා ලෝලී දේශයකි. එරට හය වතාවක් ම පාපන්දු ලෝක කුසලානය දිනාගෙන ඇත. මේ වතාවේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ බ්‍රසීලයේ නිසා ඔවුන්ට තමන්ගේ ර‍ටේදීම ජය තහවුරු කර ගැනීමේ අවස්ථාවක් උදා වී තිබේ. බ්‍රසීලය 2014 පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය දිනා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ අතර 2007දී ඒ අවස්ථාව තහවුරු වූ මොහොතේ ලක්ෂ ගණනින් බ්‍රසීල ජනයා වීදි බැස ප්‍රීති ඝෝෂා කළ හ. එහෙත්, සත් වසකට පසු පාපන්දු ලෝක කුසලානය ඇරඹෙන මොහො‍තේ බ්‍රසීලයේ එතරම් උත්සවශ්‍රීයක් තිබුණේ නැත. ඒ ඇයි? බ්‍රසීලය ක්‍රොඒෂියාව සමග තරග වදිමින් ලෝක කුසලානය ආරම්භ කිරීමට නියමිතව තිබුණු සාවෝ පෝලෝ නගරයේ වීදි විරෝධතාවාදීන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. නගරයේ උමං දුම්රිය මාර්ග සේවකයන් දින ගණනක සිට වැඩි වැටුප් ඉල්ලා වර්ජනය කරමින් තිබිණි. නගරයේ ප්‍රවාහන පද්ධතිය මුළුමනින් ම පාහේ අක්‍රිය වී තිබිණි. කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල විය. පාපන්දු ලෝලීන්ට සමාරම්භක උත්සවය පැවති ඇරීනා කොරින්තියන්ස් ක්‍රීඩාංගනයට පැමිණීම ද ගැටලුවක් වී තිබිණි. උමං දුම්රිය සේවකයන් සිය වර්ජනය අත්හළේ අන්තිම මො‍හොතේ ය. මේ අතර ගුවන් තොටුපළ සේවකයෝ ද වර්...

එංගලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වුණේ ලංකාව කියූ දේ නො ඇසූ නිසයි | England out of World Cup since she did not listen to Sri Lanka

Image
(2010 ජුනි 29,  W3Lanka )  ගෝල 4-1කින් ජර්මනියට පැරදීම නිසා එංගලන්ත පාපන්දු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වීම අද එංගලන්තයේ පාපන්දු ලෝලීන්ගේ මහත් කම්පාවට හේතු වී තිබේ. එංගලන්ත මාධ්‍ය රැසක් ම පරාජය ගැන දොස් පවරන්නේ පුහුණුකරු ෆේබියෝ කැපෙලෝටයි. ඊට අමතරව විනිසුරුවන්ගේ දෝෂ පිළිබඳව ද දොස් පැවරෙමින් තිබේ. එහෙත්, අප නම් කියන්නේ වරද එය නොව, එංගලන්තය ලංකාව කියූ දේ නො ඇසූ එක ය. අප මේ පිළිබඳව ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White යන මැයෙන් ලිපියක් ලියූ අතර එහි මාතෘකාව ඉංග්‍රීසියෙන් ද ලියුවේ සුද්දන්ට හොඳින් තේරෙන්නට ය. ලංකාව ලෝකෙන් උතුම් රට බැවින් සුද්දෝ සිංහල ඉගෙන ගත යුතු ය. නැතිනම්, ලංකාව ආසියාවේ ආශ්චර්යය වන දාට ලංකාවට හිඟා කන්නට එන සුද්දන්ට පිච්චියක් සොයා ගැනුමට ලැබෙන්නේ නැත. එංගලන්ත පාපන්දු පිලේ හිටපු නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ පාදයේ ආබාධය සුවකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 මාර්තු මාසයේ ආරාධනාවක් යැව්වේ ලංකාවේ යුද්ධයෙන් අත පය කඩා ගත් දස දහස් ගණනක් සිටියදී...