ඊලියන්ත ලින්ඩ්සේ වයිට් නැවත කරළියට
ඊනියා ජීවක ඊලියන්ත ලින්ඩ්සේ වයිට් නැවතත් කරළියට පැමිණ තිබේ. මෙවර ඔහු ආණ්ඩුව මෙන් ම විපක්ෂය ද අල්ලා ගෙන ඇත. මෙවර ඔහු පිළිබඳව පාර්ලිමේන්තුවේ කියැවුණේ දිවයින පුවත්පතට අනුව විකල්ප වෛද්‍ය ක්‍රමය නීත්‍යානුකූලව පිළිගැනීමේ වාදයකදී ය. මේ ඊනියා වෛකල්පික වෛද්‍ය විද්‍යාව නීත්‍යානුකූල යයි පිළි ගන්නවා නම් නුදුරු අනාගතයේදී ලංකාවේ ඕනෑම මානසික රෝගියකුට, කපටියකුට වෛද්‍යවරයකු වන්නට හැකියාව ලැබෙනු ඇත. ලංකාවේ වෛද්‍යවරු මෙන් ම වෛද්‍ය සභාව ද මෙම අවිද්‍යාවන්ට සිය නිහඬතාව තුළින් අනුබල දෙති. මේ වනාහි අවිද්‍යාව, මිථ්‍යාව, මුග්ධකම හා දූෂණය ලංකාවේ රජ කරන සමයකි. පහත දෙවැඩසටහන ඔස්සේ නෙත් ගුවන් විදුලියේ බැලුම්ගල වැඩසටහන මෙකී අවිද්‍යාවට එරෙහිව කළ සටනට සවන් දෙන්න. නෙත් එෆ්.එම්. මාධ්‍ය සටන් සගයන්ට අපේ ආචාරය! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න