මයි කාර් මයි පෙට්‍රල්! හැබැයි බදු ආණ්ඩුවට
(2011 අප්‍රේල් 26, W3Lanka ) ධනවත් ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් පාවිච්චි කරන එන්ජින් ධාරිතාව වැඩි මෝටර් රථවලින් අය කරන ආනයන බදු වැඩි නො කරමින් මධ්‍යම පංතිකයන් පාවිච්චි කරන මෝටර් රථවලින් අය කරන ආනයනික බදු පමණක් ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත. ස්වයං රැකියා කරන්නන් හා පහළ ම මධ්‍යම පංතික කොටස් විසින් පාවිච්චි කරනු ලබන ත්‍රිරෝද රියවල ද ආනයන බදු වැඩි කර තිබේ. සිලින්ඩර ධාරිතාව 1000ට අඩු කුඩා පෙට්‍රල් මෝටර් රථ සඳහා දැනට අය කරන සියයට 95ක මුළු බදු ප්‍රතිශතය සියයට 120 දක්වාද සිලින්ඩර ධාරිතාව 1001 - 1600 වාහන සඳහා වූ සියයට 119 ක් වූ බදු ප්‍රතිශතය 128 දක්වා ද වැඩි කර තිබේ. පෙට්‍රල් හා ඩීසල් ත්‍රීරෝද රථ ආනයනයේ දී අය කරන ලද සියයට 38 ක් වූ බදු ප්‍රතිශතය ඩීසල් ත්‍රීරෝද රථ සඳහා සියයට 60 ක් පෙට්‍රල් ත්‍රීරෝද රථ සඳහා සියයට 50 ක් වශයෙන් ඉහළ දමා ඇත. මේ අනුව, දැනට රු. 1,020,000කට විකිණෙන මරුති 800 කාරයක මිළ රු. 125,000කින් පමණ ද, ඇල්ටෝ කාරයක් රු. 150,000කින් පමණ ද වැඩි වනු ඇති බව ආරංචි මාර්ග පවසයි. එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර් 1000-1600 අතර වන මධ්‍යම පංතිකයන් අතර ජනප්‍ර...