Posts

Showing posts with the label මන්ත්‍රී වාහන බලපත්‍ර

මන්ත්‍රීට කාර්, පන්දමාට බාර්, අපට සූර්

Image
( 2010 දෙසැම්බර් 19,  W3Lanka ) මාතෘකාවේ ඇති පාඨය මෙම ලේඛකයා දුටුවේ ත්‍රිරෝද රියක පිටුපස සටහන් කර තිබියදී ය. එහෙත්, මෙහිදී අප කතා කරන්නේ බාර් ගැන නො වේ. කාර් ගැන ය.  ‍ රජය විසින් අය කරනු ලබන අධික බදු නිසා මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රියක්, මරුති 800 කාරයක්, ඩිමෝ බට්ටෙක් මිළ දී ගන්නා සාමාන්‍ය මිනිසෙකුට වාහනයේ ආනයන වටිනාකම මෙන් දෙගුණයක් පමණ වැය කරන්නට සිදු වී තිබේ.  මේ රටේ සාමාන්‍ය මහජනයා එසේ බදු බරින් මිරිකී සිටිති. එහෙත්, ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආදායම් බදුවලින් නිදහස් ය. ආදායම් බදු නො ගෙවනවා පමණක් නො ව ඔවුහු මහජන සේවයට ය කියා වාහනයක් මිළ දී ගැනීම සඳහා ද බදු සහන බලාපොරොත්තු වෙති. මහජන නියෝජිතයන් යයි කියන ඇතැම්හු ආණ්ඩු පක්ෂ විපක්ෂ ‍භේදයෙන් තොරව පල් ම පල් හොරුන් පිරිසක් බව පහත පුවතින් ඔප්පු වේ. නීතියේ සිදුරුවලින් රිංගා යන මොවුහු මහජන සේවය සඳහා ගමන් බිමන් යාමට බද්දෙන් තොරව ලබා දෙන වාහනය නීති විරෝධී අන්දමින් අන්සතු කරති. පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටක්‌ (60%) පමණ දෙනා සිය තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර විකුණා ඇතැයි දේශපාලන ආ...

වාහන බදු අඩු කිරීමේ ගැටයෙන් ආණ්ඩුව ගොඩ | Sri Lanka government advantaged due to reduction of vehicle taxes

(2010 ජුනි 04,  W3Lanka )  රජය වාහන මත අය කරන බදු අඩු කළේ කලින් ක්‍රියාත්මක වූ බදු හේතුවෙන් වාහන ආනයනය හොඳට ම අඩු වී ආනයන සමාගම් ද බංකොලොත් වන තත්වයක ඇති වී බදු ආදායම ද අඩු වූ නිසා ය. මේ බව නොදත් ලංකාවේ මධ්‍යම පංතිය දැන් ජීවත් වන්නේ ලීසිං කර මරුතියක්වත් ගන්නේ කෙසේද යන්න කල්පනා කරමිනි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන ගන්නට දෙන කෝටි 155ක බදු සහනය පියවන්නට සිදු වන්නේ තමන්ග් සාක්කුවෙන් බව දැන් ඔවුන්ට නො පෙනේ. එපමණක් නොව, මැති ඇමතිවරුන්ට දුන් පරිද්දෙන් රජය තමන්ට ද කලින් මෙන් වාහන ආනයනය සඳහා බදු සහන දෙනු ඇතැයි බලා සිටි මධ්‍යම මට්ටම්වල රාජ්‍ය නිලධාරීහු ද දැන් ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම අතහැර ළඟ තබාගෙන සිටි මුදලින් වාහනයක් ගැනීමට සැ‍රසෙමින් සිටිති. එක අතකට එය බුද්ධිමත් ය. මන්ද, වාහන වෙළඳපොළ ස්ථායී වී බදු ආදායම් යහපත් වන්නට පටන් ගත් විට රජය අනිවාර්යයෙන් ම වාහන සඳහා බදු වැඩි කරන හෙයිනි. බදු ආදායම් ඉහළ නංවා ගැනීමට රජය ළගදීම ඉන්ධන මිළ ද ඉහළ නංවන්නට නියමිත ය. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ පුවත්පත් සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසී ය...

වාහන බදු අඩු කිරීමේ ඇත්ත | The truth behind reduction of vehicle duties

Image
(2010 ජුනි 02,  W3Lanka )  තමන් තීරු බදු රහිතව වාහන ආනයනය කරන්නට බලපත්‍ර ලබා ගැනීමට නියමිතව සිටියදී වාහන ආනයන බදු හිටිහැටියේ 50%කින් පමණ අඩු කිරීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා මන්ත්‍රීවරු දැඩි කලකිරීමට පත් වී ඇති බව වාර්තා වේ. ඡන්දයට කළ වියදම් සොයා ගැනීමට තිබුණු පහසු මාර්ගයක් වූ වාහන බලපත්‍රය හොර පාරෙන් විකිණීමෙන් ලබන්නට තිබුණු ලාභය අඩු වීම පිළීබඳව විපක්ෂ මන්ත්‍රීන් පවා දුක් වන බව වාර්තා වේ. ඒගොල්ලන් සම්තිං හොඳ ම අමාත්‍යංශ ටික සියතේ තබාගෙන තමන්ට රොඩ්ඩ දී ඇති බව හා දුන් එකෙනුත් කීයක් හරි හොයා ගන්නට ඇති මාර්ග අවුරන බව ද මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවට බඳුන් වී ඇති බව දැනගන්නට ඇත. වාහන බදු අඩු කිරීමට අමතරව මන්ත්‍රී වාහන බලපත්‍රයෙන් 15%ක පමණ බද්දක් අය කරන්නට නියමිත වීමෙන් මන්ත්‍රීන්ට වාහන බලපත්‍රය විකිණීමෙන් ඉපැයිය හැකි අයුතු ආදායම තවත් අඩු වී තිබේ. ලංකාවේ වාහන ආනයනයේදී අය කරන බද්ද ඇතැම් අවස්ථාවලදී 300%ක් පමණ විය. එ‍හි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයනය අවම වී බදු ආදායම ද හොඳට ම අඩු විය.  2007දී සමස්ත බදු ආදායමෙන් 18%ක් පමණ වූයේ වාහන ආනයනයේදී අය කරන බද...

මන්ත්‍රී වාහනවලින් බදු අය කිරීමේ ප්‍රෝඩාව | The false taxation on Sri Lanka MP's vehicle import permit

Image
(2010 මැයි 29,  W3Lanka )  පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන් සහ වසර පහ සම්පූර්ණ කර සිටින මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමේ බලපත් ලබාදීමේදී 18% ත් 20% ත් අතර බද්දක්‌ අය කළ යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා යෝජනා කර ඇත. මෙම යෝජනාව ප්‍රගතිශීලී එකකැයි බැලූ බැල්මට පෙනෙනමුත් ඇත්තෙන් ම සිදු වන්නේ මන්ත්‍රීන් විසින් මග හරිනු ලබන බදු ප්‍රමාණය වැඩි වීම හා 'ඔන්න අපිත් බදු ගෙවනවා' යි කියමින් ජනතාව මත පටවන බදු බර සාධාරණීකරණය කිරීමට අවස්ථාවක් ‍පාලකයන්ට ලබා දීමයි. අනෙක් පැත්තෙන්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් ද හමදාමත් මේ කුඩු කන නිසා ඔවුන්ට ද අසාධාරණ බදුවලට එරෙහිව කතා කිරීමට 'ගට' නැති වේ. ටික කලකට ඉහතදී, එල්ලාවල මේධානන්ද හිමි සිය තීරු බදු රහිත ආනයන බලපත්‍රයෙන් ආනයනය කරන ලද වාහනය වෙනත් ‍කෙනෙකු ළඟ තිබීම මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් විය.  මෙතෙක්‌ මෙම බලපත් වෙනුවෙන් කිසිදු තීරු බද්දක් අය නොකෙරිණි. ඒ යටතේ ඩොලර් 35,000ක උපරිම වටිනාකමකට යටත්ව වාහන ආනයනය කිරීමේ අවස්ථාව මන්ත්‍රීන්ට ලැබිණි. දැන් එය ඩොලර් 45,000 හෙවත් ලක්ෂ පනහකට ආසන්න අගයක්...