IIFA මනමාලයන් මනමාලියන් නැති මඟුල කාගේ ජයක් ද? | Whose success is IIFA? Sri Lanka government or Tamil nationalist lobby?
ඇල්බමයට තවත් මෙවැනි ඡායාරූප කීයක් ගන්න තිබුණු චාන්ස් එකද මේ මග හැරුණේ, මගෙ දෙයියො! (2010 ජුනි 03, W3Lanka ) ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙල හෙවත් අයිෆා (IIFA) 2010 උළෙලේ සන්නාම ප්‍රවර්ධකයා (Brand Ambassador) ලෙස කටයුතු කරන බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සහ පවුලේ සාමාජිකයින් වන අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි සහ ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, අර්ජුන් රාම්පාල්, කත්‍රිනා කායිෆ්, කරීනා කපූර්, දීපිකා පදුකෝන්, රන්බීර් කපූර්, ඉම්රාන් ඛාන් ඇතුළු සුපිරි බොලිවුඩ් තාරකා රැසක් අදින් ඇරඹෙන අයිෆා උළෙල සඳහා ලංකාවට නොපැමිණෙන බව පවසා තිබේ. "I am not going to IIFA," යනුවෙන් සමාජ ජාල අඩවියක් වන ට්විටර්(Twitter) හරහා පවසා ඇති අමිතාබ් බච්චන් එම තීරණය තවමත් නිල වශයෙන් දැනුම් දී නැත. බොලිවුඩ් සිහින තරුව ශාරුක් ඛාන් ද තම නොපැමිණීම පිළිබඳව ට්විටර් හරහා ප්‍රකාශ කර තිබේ. ශාරුක් සහභාගි නොවන, සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී හෙට පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගි වීමට නියමිත සල්මන් ඛාන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා අවසන් මොහොතේ පවා දෙමළ ජාතිකවාදී කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. අය...