මිනිස් කසල බැහැර කරන නවතම ක්රමය ගල්වලින් ඔලු තලා සිඟන්නන් මැරීම
(2010 ජුනි 16, W3Lanka ) මෑතක සිට ලංකාවේ සිඟන්නන්ට මාරක අපල කාලයක් උදා වී තිබේ. නිදා සිටින විට සිඟන්නන්ගේ හිස මතට හිටි ගමන් දැවැන්ත ගල් පත බෑවේ. මේ අන්දමින් සිඟන්නන් ගණනාවක් පසුගිය දිනවල අවසන් ගමන් ගිය හ. මෙහෙම වන්නේ ඇයි ද යන්න අපට තේරෙන හැටියට නම් මෙසේ ය. සිඟන්නන්ගේ හිස ගල්වලින් තලා පොඩි කර මරා දමන්නේ ඔවුන් වෙනුවෙන් වෙඩි උණ්ඩයක් වැය කිරීම තේරුමක් නැති යයි සිතන නිසා විය හැකි ය. මන්ද, අපේ බ්ලොගයේ අදහස් දක්වන ඇතැමුන් පවා සිතන්නේ සිඟන්නන් මේ රටේ පුරවැසියන් නො වන ආදි කාලීන වහලුන්ගේ නූතන ස්වරූපයක් ය කියා ය. සිඟන්නකුට වෙඩි තැබූ විට ඒ වෙඩි හඬින් මේ සිඟන්නන් ජීවත් වන කොලොම් පුරයේ ඉසුරුමතුන්ගේ සාමකාමී නින්ද කැඩෙන්නට පුළුවන. රෑට ගල්වලින් හිස තළා පොඩි කර මරා දමන මෙම අද්භූත පිල්ලුව පිළිබඳ සිගන්නන් දන්නා දේ ගැන අසන්නට ජනමාධ්යවලට උවමනාවක් නැති බැවින් සිඟන්නන්ගේ කතාව කවුරුවත් දන්නේ නැත. සිගන්නා මිනිසකු නො වන බැවින් හා ඔහුගේ ජීවිතය සතකුට ද අන්ත බැවින් ඔහු මරා දැමීම පිළිබඳ මේ බුදුන්ගේ දේශයයි කියා වාහනවල ස්ටිකර් ඇලවෙන රටේ ආගමික නායකයින්වත් කතා කරන්න...