කොළඹ පාරවල්වලට අලුත් නම් දැමීමේ තේරුම කුමක් ද? Is there any meaning of renaming Colombo roads
(2011 ජුලි 23, W3Lanka ) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට උපහාර පිණිස මෑතදී කොළඹ ඩ්ක්මන් පාර ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ලෙස නම් කරන ලදී. කාලාන්තරයක් තිස්සේ භාවිතා කරන ලද වෙනත් නම් මිනිසුන්ගේ කටට හුරු වී තිබෙන මෙවැනි පාරවල් හදිසියේ වෙනත් අයගේ නමින් නම් කිරීම ඇත්තෙන් ම විකාරයකි. ඩුප්ලිකේෂන් පාර ආර්.ඒ.ද මැල් මාවත ලෙස නම් කර දැන් බොහෝ කලකි. මේ මැල් කවුරු ද යන්න දන්නේ දෙවියන් සහ තවත් කීපදෙනෙක් පමණි. අප දන්නේ ඔහු දකුණු කොළඹ හිටපු මන්ත්‍රීවරයකු ය යන කරුණ පමණි. මෙවැනි පාරවල් හා ස්ථාන තවත් රැසක් කොළඹ නගරයේ ඇත. පහත සඳහන් දිවයින පුව්පතෙන් උපුටා ගන්නා ලද පුවත නිරීක්ෂණය කරන්න. කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා ගාලු පාරෙහි සහ ඩුප්ලිකේෂන් පාරෙහි (ආර්.ඒ. ද මෙල් මාවත) දැනට ක්‍රියාත්මක වන රථවාහන සැලැස්‌ම ගාලු පාර ඩික්‌මන් පාර (ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මාවත) හංදිය සහ ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදිය දක්‌වාද දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. මෙම රථවාහන සැලැස්‌ම අද (23 වැනිදා) පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට නියමිතය. නව සැලැස්‌ම පරිදි රථවාහන ගමනාගමනය සිදුකෙරෙ...