Posts

Showing posts with the label හම්බන්තොට

පහර දිය යුත්තේ බොන්නට වතුර ඉල්ලූ ජනතාවට ද?

Image
හම්බන්තොට බඳගිරියේ ජනතාව බොන්නට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ හ. එහිදී පහර දීම් හා අත්අඩංගුවට ගැනීම් ද සිදු වී තිබේ. ජනතා ප්‍ර‍ශ්න විසඳාගැනීම සඳහා සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතිය ජනතාවට තිබේ.  ශුෂ්ක ප්‍රදේශයක පිහිටි බඳගිරියට උග්‍ර‍ පානීය ජල ගැටලුවක් තිබේ. පසුගිය මාර්තු 21දා ඇමති සජිත් ප්‍රේමදාස බඳගිරියේ හා බරවාකුඹුරේ ජනතාව හමු වී මෙම ප්‍ර‍දේශයේ පානීය ජල ප්‍ර‍ශ්නය විසඳීම පිළිබඳ සාකච්ඡා කළේ ය. එපමණක් නොව, ඒ වෙනුවෙන් රු. මිලියන 400ක් වෙන් කර තිබෙන බව ද පැවසුවේ ය. ජනතාව උද්ඝෝෂණය කරන්නට ඇත්තේ විසඳුම් පමා වන නිසා ය.  පිරිසිදු පානීය ජලය ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයකි. එය ලබා ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. 2012 වසර අවසන් වන විට පිරිසිදු පානීය ජලය පාවිච්චි කරනු පිරිස ජනගහනයෙන් 87.7%ක් පමණ වෙනවා. මේ රටේ ජනගහනයෙන් 41%ක් තවමත් තම පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නේ ළිං, අත්පොම්ප, නළ ළිං, වැනි ජල මුලාශ්‍ර මඟින්. ( දිනමිණ 2014 - 02 - 27 ) ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 10%කටවත් තවමත් පිරිසිදු පානීය ජලය වෙත ප්‍රවේශය නැත. මේ අතර විෂ රසායනික ආදිය හේතුවෙන් භූගත ජලය දූෂණය වීම ද ඉහළ යමින් තිබේ. හම්බන්තොට ...

හම්බන්තොට වරායේ දේශපාලනය නො තේරෙන එක්සත් ජාතික පක්ෂය

Image
අජිත් පී. පෙරේරා ගත් සියල්ල විස්තර කරන කතා කරන පිංතූයක් හම්බන්තොට වරායේ සිද්ධිය ගැන පළ වූ ඕපාදූප කොලමක මෙසේ සඳහන් විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම චාරිකාව සංවිධානය කරමින් සිට ඇත්තේ රවි කරුණානායක ඇතුළු පිරිසකි. එහෙත් අජිත් පී. පෙරේරා ඇතුළු පිරිස එය බ්‍රහස්පතින්දාට යොදාගෙන රවිට ආරාධනා කර තිබෙන්නේ බදාදා ය. එය අසා රවිට‍ කේන්ති ගොසිනි. ඔහු ගමන නෑවිත් මාරු වී තිබේ. එහෙත්, එහිදී මන්ත්‍රීන්ට සිදු වූ දේ ගැන රවි සතුටින් සිටින බව ද වාර්තා වි්‍ය.  එක්සත් ජාතික පක්ෂය දන්නා උලව් දේශපාලනයක් නැති බවට වෙනත් සාධක මොනවාද? මෙම සිද්ධිය වනාහි කියලාවත් කර ගන්නට බැරි දෙයකි. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිවල අකාර්යක්ෂමතාව හා දූෂිතභාවය රටටත්, ලෝකයටත් හෙළිදරව් කරන්නට එය තරම් ඉවහල් වූ තවත් සිද්ධියක් මෙතෙක් නම් සිදු වී නැත.  එක්සත් ජාතික පක්ෂයේ තවත් අදේශපාලනික දේශපාලනඥයකු වන සජිත් ප්‍රේමදාස හම්බන්තොට පදිංචි වී සිටත් මෙවැනි හෙළිදරව්වකට අවශ්‍ය පසුබිම සකසා නැත.  එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී. පෙරේර‍ා ඇතුළු මන්ත්‍රී පිරිස අතට ලැබුණු මෙම අවස්ථාව මනා ලෙස කළමනාකරණය කර ගත් හ. එහිදී මාධ්‍යකරු...

හම්බන්තොට අම්මට සිරි හම්බන්තොට

Image
මහ පොළවේ කේන්දරේ හම්බන්තොට ඉර හඳ තරු උපදින්නේ හම්බන්තොට වෙන්නට බැරි දේ සිදුවන හම්බන්තොට අපේ හීන අගනුවරයි හම්බන්තොට උඩින් මහා නැව් යනවා හම්බන්තොට බිමින් ගුවන් නැව් යනවා හම්බන්තොට කෝච්චියෙන් අපි යනවා හම්බන්තොට ලංකාවෙම ඉරිසියාව හම්බන්තොට හම්බන්තොට ළමයි තමයි හම්බන්තොට හම්බන්තොට අපි හෙල්පිං හම්බන්තොට හම්බන්තොට දෙයි ය ො ම ැව්ව හම්බන්තොට හම්බන් ත ොට  ල ණු සහ ලුණු හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට අම්මට සිරි හම්බන්තොට මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

හම්බන්තොට ගලේ පැහැරූ අසූචි රොයිටර්ට පෙන්නයි

Image
ැා නියෝජ්‍ය ඇමති රත්තරං සහ ආණ්ඩුව පර සක්වල ගහමින් අර ෂෝක් එකට තියෙනවා ය කියූ හම්බන්තොට වරාය කටේ ගල් පර්වතයක් තියනවා ය කියා ඒක හැදූ විශ්වකර්මයා වන ඇඹිලිපිටියේ ගලප්පත්ති‍ගෙන් අසූ නමයේදී බේරී රටේ අනාගතය වෙනුවෙන් තිලිණ වූ බන්දු වික්කරම ආචාරිතුමා රොයිටර්ට කියා තිබේ.  මේ ගල කඩන්නට ආණ්ඩුව චීනයෙන් ඩොලර් මිලියන 40ක් හෙවත් කජු ඇට, කොස් ඇට නො වන රුපියල්   4,404,147,200ක් හෙවත් කෝටි 440ක් වැනි සොච්චම් මුදලක් ණයට ඉල්ලා ඇති බව උන්නැහේ රොයිටර්ට කියා ඇත.  එපමණක් නො ව, මේ වරාය හදන්නට පෙර පටන් ම මේ ගල එතැන ඇති බව උන්නැහේලා දැන සිටි බව ද රොයිටර්ට කියා ඇත.  අවුරුද්දකට පෙර 2010 අගොස්තුවේදී ඩෙඟා නටා මේ වරායට වතුර පිරවූ අතර, වරාය නිකම් තිබුණත් අපි චීනයට පොලී ගෙවමින් සිටිමු.  උන්නැහේලාට මොකද ඉතින්? තවත් ලිපි:  හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද? වැලිඔය සම්පත්නුවර, මිහින්තලේ රේල් පාර හා හම්බන්තොට මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ආණ්ඩුව හම්බන්තොට ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයේ යෙදෙන හැටි / Sri Lanka government entangled in evangelical Christianism spread

Image
(2011 ජුලි 25,   W3Lanka )  වරායකට නැවක් ආවා කීවා ම එහි කිසිදු විශේෂත්ටයක් නැතත්, හම්බන්තොට වරායට නැවක් ආවා ය කීවා ම නම් ඇත්තට ම අති විශේෂ දෙයකි.  ඇත්තෙන් ම බලන්න වටින දර්ශනයකි.  ඒ නිසා පසුගිය දිනවල ආසියාවේ ආශ්චර්යයේ අගනුවර වන හම්බන්තොට පදිංචි වාසනාවන්ත ජනතාව රැස් කකා නැවක් බැලූ බව ආරංචි ය. නැව පොත් නැවකි.  නැවේ නම ලෝගොස් හෝප් (Logos Hope) ය. කලින් ගාලු වරායේ නැංගුරම් ලා තිබියදී මෙම ලේඛකයා ද එම නැව බලන්නට දෙවරක් ම ගියේ ය. හේතුව එහි පොත් මිළ අඩු වීමයි.  නැව බලන්නට සූ ගා සෙනග ආවත් ඒ වැඩි දෙනෙක් පොත් බලන බවක් හෝ මිළ දී ගන්නා බවක් දක්නට නො ලැබිණි. සෙනග රැස් කෑවේ එහි ඇති විවිධ සමරු භාණ්ඩ සොරකම් කර ගන්නට ය. පොත් ගත්තාදැයි නැව බලන්නට පාසල් දරුවන් කැටුව පැමිණි ගුරුවරියකගෙන් ඇසූ විට ඇය කීවේ පොත් හරි ගණන් ය කියා ය. එහෙත්, පොත් මිළ දන්නා අය එහි පොත් ලාභ බව දැන ගත් හ.  කලින් සැලසුම් කර නො තිබුණ ද, නැව හම්බන්තොට වරායට ගෙන යාමට ද ආණ්ඩුව සමත් විය. ප්‍රමාණයෙන් එතරම් විශාල නැවක් නො වන නිසා ගල් පර අස්සෙන් ඇදගෙන එන්නට පුළුවන් වන්නට ඇත. මේ නැව ගැන කිව යුතු ...

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට රු. කෝටි 26,500ක්; ඒත් රෝහලේ ශල්‍යාගාරයේ වායු සමීකරණ හදන්න සල්ලි නැහැ

Image
ගෝල්ඩ් කෝස්ට් (2011 ජුනි 29, W3Lanka ) වායුසමීකරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ පවතින එකම ශල්‍යාගාරයේ සිදු කෙරෙන සියලු සැත්කම් මෙම දිනවල ඇනහිට ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන බව දිවයින වාර්තා කරයි. හම්බන්තොට රෝහල් ශල්‍යාගාරයෙහි දිනකට සැත්කම් 60 ක්‌ පමණ සිදු කෙරෙන අතර එම සැත්කම් ඇනහිට තිබීම හේතුවෙන් දෛනික සැත්කම් ලේඛන අවලංගු කිරීමට සිදුව ඇති බව පුවත්පත පවසයි. රෝහලේ තත්වය එසේ ය. එහෙත්, ඊයේ දිනමිණ වාර්තා කළ පරිදි 'වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන හම්බන්තොට නගරයේ සංවිධාන කටයුතු සිදුවන ආකාරය පරීක්ෂා කිරීම උදෙසා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ ඇගැයුම් නිලධාරී' පිරිසක් ඊයේ හම්බන්තොට ගිය හ. දිනමිණට අනුව, හම්බන්තොට යනු 'වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන' නගරයයි. එහෙත්, ඇත්ත නම්, හම්බන්තොට මෙකී ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා ද නැද්ද යන්න තීරණය වන්නේ මෙම ඇගයුම් නිලධාරි පිරිස විසින් සකසනු ලබන වාර්තාව පදනම් කරගෙන නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා මහ සමු...

ආදරයෙන් හෝ වෛරයෙන් තොරව දෙවන ධුර ප්‍රාප්ති දිනයේ එතුමාට විවෘත ලිපියක් | An open letter to the Sri Lanka President on the first day of his second term office

Image
( 2010 නොවැම්බර් 19,  W3Lanka )  එතුමා අද දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි.  2010 ජනවාරි 26දා එතුමාට ඡන්දය දුන් ජනයා පවා මේ පදවි ප්‍රාප්ති සැණකෙළිය දෙස බලා සිටින්නේ උදාසීනව බව එතුමන් වට කරගෙන සිටින කපටීන් එතුමන්ට කියන බොරු නිසා එතුමන්ට තේරෙන්නේ නැතුව ඇත. එතුමන්ට ඡන්දය දුන් අය පවා කඩෙන් බඩු අරගෙන ගෙදර එන්නේ ගලේ පැහැරූ බළලුන් පරිද්නේ මූණ විරිවිට්ටන් කරගෙනයි.  ඉදිරි අයවැයෙන් හෝ සහනයක් ලැබෙතැයි එතුමාගේ සහායක පදනම වූ රජයේ සේවකයන්ට විශ්වාසයක් නැත. පඩි වැඩි කළත් අනෙක් පැත්තෙන් සෑහෙන්න බදු වැඩි කරනු ඇති බව ඔවුහු දනිති.  මෙම ලේඛකයා එතුමාට ඡන්දය දුන්නේ නැත. එහෙත්, ලේඛකයාට එතුමා සමග කිසිදු තරහක්, වෛරයක් ද නැත. එහෙම එකක් තිබෙන බව පෙන්වීමෙන් ලේඛකයාට වෙන ඇතැම් ජනමාධ්‍යවලට මෙන් මුදල් ලැබෙන්නේ ද නැත. එහෙයින් එතුමා දෙස තරමක් මධ්‍යස්ථව බලා අදහසක් ලියන්නට තරම් ලේඛකයා නිදහස් ය.  එතුමා සම්බන්ධයෙන් ලේඛකයාට ඇති ප්‍රබල ම විවේචනය වන්නේ එතුමා සිංහල ජාතිවාදීන්ට යට වීමට කලින් දැක්වූ කැමැත්තයි. එහෙත්, එතුමා ජාතිවාදියකුට වඩා ජාතිකවාදී නැඹුරුවක් සහිත, සුළු ධනේශ්වර චින්තනයකින් මෙ...

වැලිඔය සම්පත්නුවර, මිහින්තලේ රේල් පාර හා හම්බන්තොට | Sampathnuwara of Welioya, Mihinthale rail track and Hambanthota

Image
( 2010 නොවැම්බර් 14,  W3Lanka )   සංවර්ධනය කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන නෙවෙයි කියා කියන්නේ රෙජිනෝල්ඩ් කුරේ අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා ය. "සංවර්ධනය කියන්නේ සිතූ පැතුම් ඉටුවන ඇලඩින්ගේ පුදුම පහනක් නොවෙයි. මතුපිටින් අර්ථ ගැන්වීම අනුව ලාභය හා සුඛවිහරණය පමණක්ම නොවෙයි. අප පිළිගත යුතු තිත්ත ඇත්තක් තිබෙනවා. සංවර්ධනයේ මූලික අවදියේදී අප විශාල කැප කිරීම් සිදු කළ යුතුයි. අඟහිඟකම් අඩුපාඩු තිබෙන්න පුළුවන් ඒ සියල්ලම තාවකාලිකයි. අප දුක් වින්දොත් තමයි ඊළඟට සැප විඳීමට පුළුවන්කම ලැබෙන්නෙ," යි ඔහු දිනමිණට පවසයි. එහෙත්, කලක් වරාය කෑ ඇමති කෙනෙකු වූ මංගල සමරවීර කියන පරිදි හම්බන්තොට වරාය ලංකාවේ මෙතෙක් ඉදිවූ විශාලතම සුදුඅලියා ය. ලබන 18 දාට මේ වරායට ජාත්‍යන්තර මට්ටමේ වාණිජ නැවක් ඇතුළුවන බව ආණ්ඩුව කියනවා නම්, දෙවන ජාත්‍යන්තර වාණිජ නැව හම්බන්තොට වරායට සේන්දු වන්නේ කවදාදැයි ප‍්‍රකාශ කරන ලෙස අභියෝග කරන සමරවීර, මෙය මහින්ද රාජපක්ෂ හෙවත් මායාරත්නගේ තවත් මායාවක් පමණක් බවත් ඔහු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සඳහන් කරයි. තමා වරාය ඇමැති ලෙස සිටියදී එම සියලූ ශක්‍යතා වාර්තා සලකා බලා අවසානයේ උපදෙස් ලැබුණේ නැව්වලට ...

මාධ්‍ය තුළින් ඇහැ ගිනි කණ වට්ටන සංවර්ධනය හා ලාංකිකයන්ගේ ජීවිතවල සංවර්ධනය

Image
( 2010 ඔක්තෝබර් 29,  W3Lanka )   ජනමාධ්‍ය තුළ නම් ලංකාව අධි වේගයෙන් සංවර්ධනය වෙමින් තිබේ. ඒක පුද්ගල ආදායම කිසි කිසි ගා දෙගුණ වෙමින් ඇත. ලංකාවට මේ වසරේ තව ම සංචාරකයන් ලක්ෂ පහක් ආවේ නැති මුත්, සංචාරකයන් ලක්ෂ 25ක් එන ලංකාවක් ගැන මාධ්‍ය කතා කරති. 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා සත්කාරක නගරය තෝරා ගන්නේ 2011 නොවැම්බරයේ මුත්, ලංකාවේ මාධ්‍ය කියන පරිදි හම්බන්තොට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ් කෝස්ට් නගරය පරදවා ඒ තැන අත් පත් කරගෙන හමාර ය. මාධ්‍යවලින් මැවෙන සිහිනය අනුව, හම්බන්තොට සුර පුරයක් වී හමාර ය.  ලංකාවේ පරිගණක සාක්ෂරතාව යන්තම් 20% ඉක්මවූවා පමණි. ආණ්ඩුවේ ඊ රාජ්‍යය ඊ ග්‍රාමසේවක දක්වා පැතිරී ඇති බව මාධ්‍යවලින් ප්‍රකාශ කෙරේ. නුදුරු අනාගතයේදී හැම ගෙදරකට ම අන්තර්ජාලය දෙන බව ජනාධිපති කියයි. එහෙත්, ලංකාවේ නිවෙස්වලින් 15%කට විදුලිය නැති බව කියන්නේ ද ඒ ආණ්ඩුව ම ය. ජනතාව සංවර්ධන වන්දනාවේ යති. වරාය බලන්නට ගිය අයට දැන් මත්තල හැදෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලන්නට යන්නට පුළුවන. ඊළඟට දක්ෂිණ අධිවේගී මාර්ගය බලන්නට යා හැකි ය. ඉන් පසු ගාලු මුවදොර ගොඩ කරන හැටි පෙන්විය හැකි ය. ...

ජවිපෙට හම්බන්තොටින් ආසනය අහිමි වීම | JVP losing seat from Hambanthota

Image
(2010 අප්‍රේල් 10 -  W3Lanka )  ජවිපෙ 1994 ඡන්දයේදී සිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන ආරම්භ කළේ ආරිය බුලේගොඩගේ ශ්‍රි ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ මල් පෝච්චිය ලකුණෙන් තරග කර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනයක් දිනා ගැනීමෙනි. මෙම ආසනය දිගට ම හෙබවූයේ ජවිපෙ පැරණි සාමාජිකයකු වන නිහාල් ගලප්පත්ති විසිනි. වැඩි ම පාර්ලිමේන්තු අත්දැකීම් ප්‍රමාණයක් ඇති ජවිපෙ සාමාජිකයා නිහාල් ගලප්පත්ති ය. එහෙත්, ගලප්පත්ති යනු විමල් වීරවංශ ඉවත් කිරීමෙන් පසු පවා ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වීමට සුදුස්සෙක් නොවීය. එහෙත් පැරණි සාමාජිකයකු වීම නිසා ඔහු හැමදාමත් ජවිපෙ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී විය.  හැත්තෑව දශකයේ සිට ජවිපෙ හිතවතකු වූ විජිත රණවීර නම් වලව්කාර සුරුවම ද 2004දී ජවිපෙ මන්ත්‍රී ලැයිස්තුව එක් වූ බව දන්නෙ ජවිපෙ සාමාජිකයන් ම පමණි.  සංකේතාත්මකව වැදගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනය ජවිපෙට  අහිමි කිරීමේ වගකීමෙන් සැලකිය යුතු පංගුවක් මෙම අකාර්යක්ෂම මන්ත්‍රීන් දෙබාන භාර ගත යුතු ය.  ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වැඩි පිරිසක් මෙවැනි සුරුවම් වුණා විනා බිම් ...