වැහි නැති කාලෙට නැති ගල් අඟුරු බලාගාර ගිනි තපින්න ද?
(2011 ජුලි 05, W3Lanka ) 2002න් පසු පළමු වරට රට පුරා තැනින් තැන පැය ගණන් විදුලිය කපන්නට විදුලි බල මණ්ඩලය ඊයේ සිට තීරණය කර තිබේ. විදුලිය කපන්නට හේතුව වැස්ස නැතිකමයි. ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්‌ටම සියයට 25 කින් පමණ පහළ බැස තිබේ. වැඩේ කියන්නේ හරියට ම ඒ වෙලාවට ම රුපියල් කෝටි 45,000ක් ණය චීනයෙන් පොළියට ගෙන ඉදි කළ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කැඩිලා ය. හැබැයි මේක හදලාත් තව ම මාස හය හතකට වඩා නැත. යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද කීවා සේ වැහි නැති කාලෙට නැති ගල් අඟුරු බලාගාර ගිනි තපින්නයැ. ඔය අස්සෙ කෙරවලපිටිය තාප විදුලි බලාගාරයත් කැඩිලාලු. කෝ අර මක බාස්? පසුගිය කාලෙ කියපු නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන නිසා හැංගිලද? නැතිනම්, එක මාසයක විදුලි බිල ගෙවන්න බැරි වූ අයට ඊළඟ මාසෙ එවන්න රතු බිල් ලියනව ද? නැතිනම් බටහිර ගල අඟුරු වෙනුවට දේශීය පොල්කටු අඟුරුවලින් විදුලිය නිපදවීම ගැන රිසර්ච් කරනව ද? මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න