Posts

Showing posts with the label ගාලු මුවදොර

ලාංකීය පාරිසරික හා ජන උරුමයන් විකුණා ආණ්ඩුව උපයන මුදල් යන මකර කටවල්

Image
(2011 ජුලි17,   W3Lanka )  ඇතැම් පැරණි වලව්කාරයන් සිය බොරු ෂෝක් පවත්වාගෙන යාමට කරන දෙයක් වන්නේ ඉඩම් විකිණීමයි. එහෙම විකුණාගෙන ගොස් ඉතිරි වී ඇති ඕවිටවල් ද අවසානයේ විකුණන්නට දෙයක් නැති වූ විට පවුලේ සොහොන් බිම ද විකුණති. ලංකාවේ ආණ්ඩුවත් දැන් කරමින් ඉන්නේ එයයි. ලාංකීය පාරිසරික හා ජන උරුමයක් ‍වන ගාලු මුවදොර පිටිය ආශ්‍රිත පොදු ඉඩම් රජයේ ඉඩම් ලෙස හඳුන්වමින් දැන් රජය චීන හා වෙනත් සමාගම්වලට විකුණමින් සිටියි. හෝටල් ව්‍යාපෘතියක් සඳහා අක්කර 10ක් හොංකොං මූලස්ථාන කර ගත් ෂැංග්‍රිලා සමාගමට විකුණා දැමුවේ ඩොලර් මිලියන 125කට බව වාර්තා වේ. ගාලු මුවදොර තවත් ඉඩම් අක්‌කර දහයක්‌ චීනයේ ප්‍රහාරක ගුවන් යානා හා මිසයිල නිෂ්පාදනය කරන කැතික්‌ නමැති සමාගමකට හෝටල් ව්‍යාපෘතියක් සඳහා  ඩොලර් මිලියන 136 කට විකිණීමට යන්නේ අවලංගු වූ ගිවිසුමක්‌ යටතේනීති විරෝධී ලෙස බව ද දැන ගන්නට තිබේ. ඉඩම් අක්‌කර දහය ඇමරිකානු ඩොලර් මිලියන 136 කට ලබාදෙන බවට කැතික්‌ සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක්‌ අත්සන් කළද නියමිත පරිදි සමාගම මුදල් නොගෙවූ නිසා එම ගිවිසුම මේ වන විට අවලංගු වී තිබියදී ඉඩම ලබාදීමට කට...

රජය ගාලු මුවදොර ඉඩම් චීනයට විකුණයි

Image
( 2011 ජනවාරි 16,  W3Lanka )  "ගාලූමුවදොර පිටියට මුහුණ ලා තවත් දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබෙනවා. හොංකොං හි ෂාන්ග‍්‍රි - ලා හෝටල් සමූහය ගාලූමුවදොර අභියස කාමර 500ක සුපිරි තරු හතේ පන්තියේ හෝටලයක් ඉදිකිරීමට මීට පෙර ගිවිස ගත්තා. නව හෝටල් ව්‍යාපෘතිය ඉදිකරන්නේ, චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන සහ අපනයන සංස්ථාවයි. එය තරු පහේ හෝටලයක් සහිත ගොඩනැගිලි සංකීර්ණයක්. නව ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් වැය කිරීමට අපේක්ෂිතයි. ගාලූ මුවදොර ආසන්නයේ නව සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ඉඩම් විකිණීමෙන් පමණක් රජය උපයා ඇති ආදායම ඩොලර් මිලියන 250කට අධිකයි. මේ අතර, ගාලූමුවදොරට මුහුණ ලා පිහිටි ටාජ් සමුද්‍ර හෝටලයේ හිමිකරුවන් විසින් එහි තවත් හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්." ඉහත සදහන් වුණේ රජයට සම්බන්ධ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් වන හිරු එෆ්.එම්.හි 2011 ජනවාරි 15දා විකාශය වූ පුවතකි.  ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට මුල් වූ ප්‍රධාන හේතුවක් වන්නේ භූමියේ අයිතිය හෙවත් ඉඩම් පිළිබඳ කාරණයයි. මෙම ප්‍රශ්නය පැන නැඟුණේ 1940, 50 දශකවලදී ...

සංවර්ධන උන්මාදය ගාලු මුවදොර බිලි ගනියි ද? | Will the development craze destroy Colombo Galle Face

Image
(2010 ජුනි 05,  W3Lanka )  කොළඹ නගරයේ තද බද වී ජීවත් වන වැසියන් නිදහසේ හුස්ම ටිකක් ගන්නට යන ගාලු මුවදොර පිටිය අසබඩ සොබා දහම දුන් සොඳුරු දායාදයක් වන වෙරළ කිලෝ මීටර කීපයක් දුරට ගොඩ කර කොළඹ නගරය පුළුල් කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලසුම පෙරට ගනිමින් සිටි සමයේ ඉදිරිපත් වී තිබිණි. දැන් එය නැවතත් ආණ්ඩුවේ කතා බහට ලක් වෙමින් ඇති බව දැන ගන්නට තිබේ. අද දිනමිණ පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදී ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ බව ප්‍රසිද්ධියේ පවසන්නේ මෙසේ ය. "ඉදිරියේ දී ගාලු මුවදොර කි. මි. 3 – 4 ප්‍රමාණයක් මුහුද ගොඩකර අතිරේක ඉඩම් ප්‍රමාණයක් ඇති කොට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා එම භූමිය යොදා ගැනීම කෙරෙහිත් රජයේ අවධානය යොමුවී තිබෙනවා." ඔහු එසේ පවසන අද දිනය ලෝක පරිසර දිනය වීම අහම්බයක් ද? නැතිනම් සොබා දහමට අපි කරන්නේ මේ යයි කියන සංකේතාත්මක ප්‍රකාශක් ද? හද්දා පිටිසර ගමකින් කොළඹ පැමිණ, එක්ස් කණ්ඩායමෙන් කරළියට පැමිණ, තමන් නො යන ගම රූපවාහිනියෙන් විකුණමින්, කැහැලා, කැහැලා අමාරුවෙන් ජන සභා හා ආර්ථික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල...