Posts

Showing posts with the label බලය බෙදා ගැනීම

පොලිස් හා ඉඩම් බලතල ගැන ඩග්ලස් දේවානන්දා

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි විසඳුමක් ලෙස බලය බෙදා ගැනීමේදී පොලිස් හා ඉඩම් බලතල අත්‍යවශ්‍ය බව ආණ්ඩුවේ ප්‍රධාන ම දෙමළ හවුල්කාර පක්ෂය වන ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා පවසයි. ඔහු කියන පරිදි ජනාධිපතිතුමා පොලිස් හා ඉඩම් බලතල දීමට කැමති දේවානන්දාට පමණි. රජවරු හා හෙංචයියන් දේශපාලනය ගැන හිතන හැටි! Questioned, if the EPDP wanted land and police powers for the North and East, he said it was "essential’ but right now there was extreme suspicion at the very mention of the two words. "What I would suggest is that we forget about the subjects of land and police for the moment and deal with the other problems faced by the northern and eastern people, until greater trust is established between the Tamil and Sinhala communities," the EPDP leader said adding that when the apprehensions and fears had gone the contentious issues could be discussed. -The Island, February 04, 2012 දේවානන්දා කියන්නේ සිංහල -දෙමළ ජනතාවන් අතර විශ්වාසය ගොඩනැ‍ඟෙන තෙක් පොලිස්...

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යෝජනා කිරීම හා 'අපි විසඳුමක් නො දෙන්නෙමු' යන ප්‍රකාශය කිරීම අතර වෙනසක් නැත

Image
(2011 ජුලි 04,   W3Lanka )   ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා බව කියන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා වන යෝජනාව මේ සතියේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යන බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග කියයි.  යෝජනාව ඉදිරිපත් කරන නිමල් සිරිපාල ද සිල්වා දැන් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා පවත්වමින් සිටින රජයේ නියෝජිත පිරිසේ  ද සාමාජිකයෙකි.  මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත්‍රීන් 31ක් ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කුඩා පක්ෂවලට එකකට එක ආසනය බැගින් ලබා දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන හතරක් දී සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂයට ආසන 19ක් ද විපක්‍ෂයට ආසන 12ක් ද ලබා දීමට නියමිත ය.  ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යෝජනා කරන ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා පවසා තිබේ.  2005දී ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දසවීම සඳහා ය කියමින් සර්ව පාක්ෂික සම්මේලනයක් කැඳවූ අවස්ථාවේදී ද ජනාධිපත්වරයා එසේ කීවේ ය.  සර්ව පාක්ෂික සමුළුව විසින් පත් කරන ල...

රැඳී සිටිමින් ඉන් ඔබ්බට යන ආණ්ඩුවට සුබ පැතුම්!

(2011 ජුනි 10,   W3Lanka )   උතුරේ ගැටලුවට දේශපාලන විසැඳුමක් ලබාදීමේදී රජය 13 වැනි ව්‍යවස්ථා සංශෝධන රාමුවෙහි රැඳී සිටිමින් ඉන් ඔබ්බට ගිය විසැඳුමක් ලබාදීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා ඇත. හදිසි නීතිය හැකි ඉක්මනින් නිශ්චිත කාලසීමාවකදී සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුය යන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය බව ද ඔහු පවසා ඇත. හොඳ දෙයක් නම් එය කරන්නේ ඉන්දියාවට හා බටහිරට බයේ ද නැද්ද යන්න අපට අදාළ නැත. අපි එය අගය කරන්නෙමු. රැඳී සිටිමින් ඉන් ඔබ්බට යනවා ය කියන එක නම් කුමක්දැයි අපට නො තේරේ. කමක් නැත. රඹුක්වැල්ල මහතා දන්නවා ඇත.  Something is better than nothing. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න