Posts

Showing posts with the label බදු

හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වහන ආණ්ඩුවේ රඳවා ගැනීමේ බද්ද

Image
වානිජ බැංකු සහ මුල්‍ය ආයතනවල සියලු ම ස්ථාවර හා ඉතිරි කිරී‍මේ ගිනුම් හිමියන්ගේ පොළී ආදායම මත 2.5%ක රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සඳහා සහනයක් ලැබෙන්නේ වයස අවුරුදු හැටට වැඩි පුරවැසියන්ට පමණි. මේ අනුව සියලු පොළී ආදායම් වෙනුවෙන් බොහෝ විට වසර අවසානයේදී සෑම රුපියල් සියයක් වෙනුවෙන් ම රු. 2.50ක් අය කරනු ඇත. මේ බද්ද අය කරනු ලබන්නේ දැන් 4%ක පමණ මට්ටමක ඇති ඉතිරිකිරීමේ ගිනුම් පොළියෙන් හා 10%ක පමණ මට්ටමක ඇති ස්ථාවර ගිනුම් පොළියෙනි. මෙතෙක් මෙම රඳවා ගැනීමේ බද්ද අය කෙරුණේ ලක්ෂ පහකට වැඩි පොළී ආදායම් හිමියන්ගෙන් පමණි. මෙම බද්ද හඳුන්වා දීම ඇත්තෙන් ම ආණ්ඩුවේ බංකොලොත්කම ප්‍රකාශ කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. මෙම බද්ද අයවැයෙන් යෝජනා කරන ලද්දක් ද නො වේ. ආණ්ඩුව කරමින් සිටින්නේ අලුතින් බදු පැනවිය හැකි අංශ සෙවීම බව පෙනේ. මෙවැනි බදුවලට කිව හැක්කේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වහන බදු කියා ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය...

තව තව බදු ගැන නිර්මානාත්මක යෝජනා

Image
මේ කාටුන් එක තිබුණේ හවායි වෙබ් අඩවියක . බැලුවාම එහෙත් අපේ කට්ටිය ඉන්නවනේ. ආණ්ඩුවට දේශපාලුවන්ගේ නාස්තිකිරීම්වලට හැර රජයේ සේවකයන්ගේ පඩි වැඩිකිරීම් වැනි අන් දේට සල්ලි නැතිබව අප පිළිගතයුත ුයි. ඒ නිසා අ ප ේ යුතුකම වෙන්න ඕනෑ ආණ්ඩුවට මුදල් හම්බ කරගත හැකි මාධ්‍ය ස ොයාදීම. බදු කියලාත් ඉතින් ඔයහැටි පනවන්නේ කොහොමද? අලු තෙන් පනවා ති බෙන විවාහ බද්ද හොඳය. ළමයි හම්බුවුණාමත් බද්දක් අයකරන්න පුළුවන. දැන් බ ොදු බල ස ේනාව ළමයි බ ෝකරන ප ්‍ර ො ජෙක්ට් එකක් අලුතින් පටන් අර ගෙන න ේ. මැරුණාමත් බදු අයකරනවානේ. හලාල් බද්ද අයින් කරන් න ේ නැතිව ආණ්ඩුවට ‍ ඒ‍ කෙන් ක ොටසක් අය වන විධියක් හදන්නට පුළුවන. දැ නටත් ජමියතුල් උලමා එ කෙන් ලැ බෙන කුට්ටි ඇති න ේ. ආ ණ්ඩුවට ම ොකද ආණ්ඩු ව ේ අයියලාට වුණාම ම ොකද? ආණ්ඩුව කි යන් න ේ ම ො ක ෝ එ‍ ් ග ොල්ලන් මිසක් අපියැ.  දැන් හලාල් වි ර ෝ ධ යක් ති යෙනවා න ේ. ඒ නිසා හලාල් නැති ආහාරවලි නුත් බද්දක් අය කරන්න පුළුවන්. ද ේශ ප ්‍ර ේමි ය ෝ, ඒ කියන් න ේ මුස්ලිම් වි ර ෝ ධිය ෝ බ ො හ ොම සතුටින් ගෙවාවි.  නිර්මාංශ ආහාරවලින් වෙනම බද්දක් අයකරන්න පුළුවන්. දැන් ඒ වා කන් න ේ අපි ව ග ේ හිඟන...

මෙන්න දේශපාලුවන් අපේ බඩට ගහන අන්දම

Image
(2011 ජුනි 08,   W3Lanka )  කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවි කරුණානායක ඇසූ පැනයකට පිළිතුරු ලෙස මුදල් නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් ආණ්ඩුව බදු අය කරන අන්දම පහත් දැක්වේ. දරුවාගේ කිරි බෝතලයෙන්, බඩගින්නට කන බත් පතෙන්, ළූනු ගෙඩියෙන්, පරිප්පු හොද්දෙන්, වැඩට යන මෝටර් සයිකලයට, බසයට ගහන තෙල් ටිකෙන් ගසා කන මේ කෲර බදු මුදල්වලින් ඔබට සැලසෙන සේවය කුමක් ද යන්න සිතා බලමින් ඒවා කියවන්න. මේවා ප්‍රධාන වශයෙන් යෙදවෙන්නේ තරබාරු දේශපාලක හැතිකරයක් හා අන්තේවාසික නිලධාරි පැළැන්තියක් නඩත්තු කරන්නට ය. සංවර්ධනය නමින් සිදු වන උමතු කොමිස් ව්‍යාපෘති දියත් කිරීමට ය. අප නියෝජනය කරන බව කියන අයට මෙන් ම අපට ද ලජ්ජාව කියා දෙයක් නැත. 2009 වසරේදී කිරිපිටි ආනයනයෙන් රුපියල් කෝටි 676 ක්‌, ගෑස්‌ ආනයනයෙන් රුපියල් කෝටි 357 ක්‌, සීනි ආනයනයෙන් රුපියල් කෝටි 749 ක්‌, පරිප්පු ආනයනයෙන් රුපියල් කෝටි 81 ක්‌, ලූනු ආනයනයෙන් රුපියල් කෝටි 349 ක්‌, අර්තාපල් ආනයනයෙන් රුපියල් කෝටි 222 ක්‌, සහල් ආනයනයෙන් රුපියල් කෝටි 41 ක්‌, ටින් මාළු ආනය...

ලංකාවේ මිනිසුන් බදු නො ගෙවන බව පුන පුනා කීමේ ගොබෙල්ස් න්‍යාය

Image
( 2010 ඔක්තෝබර් 03,  W3Lanka )  ලංකාවේ කෝටි දෙකක් ජනතාව සිටියත් බදු ගෙවන්නේ ලක්ෂ තුනක් පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පොළොන්නරුවේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් පැවසූ බව රේඩියෝවක කියනු ඇසිණි.  මෙහි ඇති සත්‍ය කරුණ නම් මෙරට ආදායම් බදු ගෙවන්නන් සිටින්නේ ලක්ෂ තුනක් පමණක් බවයි. එක්කෝ ජනමාධ්‍යවලට වැරදී ඇත. නැතිනම් ජනාධිතිට වැරදී ඇත.  වැරදීම මිනිස් ගතියකි. ජනාධිපති සමාව තමන් කැමති අයට පමණක් දීම රාජ ගතියකි. එහෙත් මේ වැරදීම නිතර සිදු වන එකක් නිසා එය පසුබිමේ ඇති කරුණු ටිකක් ලිවිය යුතුව තිබේ.  මේ රටේ මහජනතාවගෙන් බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නේ තමන් බදු ගෙවන්නන් නො වන බවයි. තමන් බදු ගෙවන්නන් නො වන නිසා ආණ්ඩුව දෙන දෙයක් භාර ගෙන, ඔවුන් කරන දේ ප්‍රශ්න නො කර දීන ව සිටිය යුතු ය යන මානසිකත්වය ඔවුන් තුළ ඇති කර තිබේ.   ලක්ෂ දෙසීය ඉක්මවා තිබෙන ලංකාවේ ජනගහණයෙන් ආදායම් බදු ගෙවන මට්ටමේ ඉන්නේ ලක්ෂ තුනක් පමණක් නම් හෙවත් සියයට 1.5ක් පමණක් නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ රටේ ආදායම් විෂමතාවේ මට්ටමයි. එනම් රටේ ජනගහණයෙන් 98.5%ක් සාමාන්‍ය හෝ පහළ ආදායම් ඇති...

අයවැය ගැන W3Lanka ගැඹුරු විශ්ලේෂණය | A deep analysis on Sri Lanka's budget

Image
(2010 ජුනි 30,  W3Lanka )  මල් නො තලා රොන් ගන්නා බඹරුන් මෙන් බදු අය කරමින්, අප පාලනය කරමින්, රට සංවර්ධනය කරන්නට තුනෙන් දෙකකට කිට්ටු ජන වරමක් සහිතව අතින් අරන් පශ්චාත්භාගයෙන් තබා ගන්නා ලද ආණ්ඩුවේ මංගල අයවැය ඊයේ ඉදිරිපත් කරන ලදී. පහත පළ වන්නේ අප විසින් අය වැය පිළිබඳ ඉතා ගැඹුරින් ආර්ථික විද්‍යාත්මකව කරන ලද විශ්ලේෂණයකි. එය කියවා අවබෝධ කර ගන්න. අයවැය පිළිබඳ සාමාන්‍ය විස්තර වෙනත් වෙබ් අඩවිවල පළ වේ . ඇද්ද අ ප ට හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! ඇද්ද  අ ප ට  හූ! හූ! You may also like to read our English blog   Lanka Polity

ගහන ගැහිලි හමුවෙහි බලු ලෙසින් සිට - බදු ගෙවමින් බඩගින්නේ සිටියි රට

Image
(2009 නොවැම්බර් 06 - W3Lanka ) පෙට්‍රල් ලීටරයකින් අය කරනු ලබන රුපියල් 130 ක මුදලින් රුපියල් 63.58 ක්‌ බදු බව මුදල් හා දේශීය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා නොවැම්බර් 5දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙය 48.9% ක ප්‍රතිශතයක්‌ බවද ඇමැතිවරයා කීය. 2008 වසරේදී පෙට්‍රල් මගින් රජය ඉපයූ මුළු මුදල රුපියල් කෝටි 3388 ක්‌ වූ අතර 2007 දී එය රුපියල් කෝටි 2375 ක්‌ වූ බවද ඇමැතිවරයා කීය. ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය. සාමාන්‍ය මිල රුපියල් 1560 ක්‌ පමණ වන කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්‌ත ගෑස්‌ සිලින්ඩරයකින් රජය රුපියල් 426.56 ක බද්දක්‌ අය කරන බව මුදල් වෙනුවෙන් ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන හරහා ක්‍රම සම්පාදන ඇමැතිවරයා නොවැම්බර් 04දා පාර්ලිමේන්තුවේදී සභ...

ගෑස් සිලින්ඩරයකින් රු. 400ක බද්දක්; මෙන්න මුං අපේ බඩට ගහන හැටි

(2009 සැප්තැම්බර් 02 - W3Lanka) ගෑස් සිලින්ඩරයකින් රු. 400ක බද්දක් අය කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඊයේ පැවසුවේ බදු තීරණය කරන්නේ කාටවත් ඕනෑ විදියට නොව කැබිනට්‌ මණ්‌ඩලයට (ඕනෑ විදියට) බව ද එක් කරමිනි. රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රජයේ සංවර්ධන වැඩ සිදුකරන්නේ බදු මුදලින් නිසා බදු අඩු කරන්නට නොහැකි බව ද වෙළෙඳ ඇමැතිවරයා පැවැසීය. එසේම ඇමතිවරුන්ට පමණක් නොව නෝනලාට හා බල්ලන්ට පවා සුඛෝපභෝගී වාහන, ඒවාට ඉන්ධන, ගෙවල් කුලී, විදෙස් චාරිකා ඇතුළු වරප්‍රසාද, වෙනත් සම්තිං හා ආතල් සපයන්නේ ද දිළින්දන්ගෙන් මහ දවල් මංකොල්ල කන මේ බදු මුදල්වලින් බව කියන්නට උවමනා නැත. ආනයනය කරන සීනි කිලෝවකට රුපියල් 16ක්‌ද, බී ළූනු කිලෝවකට රුපියල් 25 ක්‌ ද, මිරිස්‌ කිලෝවකට රුපියල් 40 ක්‌ද, සහල් කිලෝවකට රුපියල් 25 ක්‌ ද වශයෙන් රජය බදු අයකරන බව ද ඇමැතිවරයා පැවැසීය. බඩගිනි නම්, කෑම රස නැති නම්, ගාන ...