ආණ්ඩුව හා ඩයස්(පෝරා) අතර සාකච්ඡා මෙන්න මෙහෙමයි
ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන්නට යයි. ඒ අතර ආණ්ඩුව නම් අද්භූත සත්වයාගේ වලිග වන විමල් වීරවංශ පක්ෂයට සම්බන්ධ කොටස් හා ජාතික හෙළ උරුමයට සම්බන්ධ පිරිස්ද, තවත් විවිධ බහුබූතයෝද ඉල්ලමින් සිටින්නේ පළාත් සභාවලට බලය විමධ්‍යගත කළ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසයි. අඩසියවසකට වැඩි කාලයක් දෙමළ ජාතිකවාදී ව්‍යාපාර අරගල කළේද, කොටි සංවිධානය දශක තුනක යුද්ධයක් දියත් කළේද, දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික තලයේ අරගලයක් කරන්නේද බලය වෙනුවෙනි. දෙමළ ජාතියට ජාතියක් ලෙස රාජ්‍ය බලය ලබාගැනීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ පවත්නා සංදර්භය තුළ ජාතික පදනමින් බලය වෙනුවෙන් අරගල කිරීම ප්‍රමාණාත්මකව සුළුතර ජාතීන්ගේ පැත්තෙන් සාධාරණය. එතකොට මේ සාකච්ඡා සිදුවිය යුත්තේ බලය බෙදාගැනීම සම්බන්ධයෙන් මිස අන් කරුණක් පිණිස නොවේ. එහෙම නොවෙයි නම් සාකච්ඡා සිදු වනු ඇත්තේ මෙසේය: "හායි, ඩයස්(පෝරා) කොහොමද?" යි ආණ්ඩුව අසනු ඇත. "ඔහෙ ඉන්නවා මෙයා,"යි ඩයස් කියනු ඇත. "ඉතින් ඩයස්, මේ දවස්වල එහෙට වහිනවද?" "දැන් මෙහෙ ඕටම්. ට්කක් හීතලයි." "මේ පැත්තට නම් වහ...