Posts

Showing posts with the label මාෆියා

විදුලි බල මණ්ඩලයේ මාෆියා කල්ලියට එරෙහිව චණ්ඩියෙක් සටනක

Image
(2011 මැයි 30,   W3Lanka )  දැන් ලංකාව චණ්ඩින්ට ම ගිය රටකි. හැම තැන ම ඉන්නේ චණ්ඩි ය. රජයේ දේශපාලනඥයන් පමණක් නො ව, නිලධාරීන් පවා චණ්ඩි ය. මේ තවත් චණ්ඩියෙකුගේ චණ්ඩි කතාවකි.ඔහුගේ නම විද්‍යා අමරපාල ය. "විදුලි ඉංජිනේරු සංගමය පවසා තිබෙනවා පෙර සභාපති එම තනතුරින් නෙරපා දැම්මා සේ වත්මන් සභාපති වන මාවත් අදාළ තනතුරින් නෙරපා හරිනවා කියලා. නමුත් මට කිව හැක්‌කේ ඔවුන් කරන අවසාන සටන මෙය බවයි." රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු වන මෙම පුද්ගලයා ‍මෙම ප්‍රකාශය කරන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ය. ඔහුට අනුව, එක්කෝ මේ සටනින් පසු ලංකා විදුලිබල මණ්‌ඩල විදුලි ඉංජිනේරු සංගමය හෝ එහෙම නැතිනම් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් හෝ ඉවර විය යුතු ය. විද්‍යා අමරපාල පවසන පරිදි ලංකා විදුලිබල මණ්‌ඩල විදුලි ඉංජිනේරු සංගමය මහජනතාව නොමග යවන මාෆියා කල්ලියකි. ලංකාවේ තරම් මාෆියා කල්ලි ඉතාලියේ ද නැත. මාෆියා කල්ලිවල ඉන්නේ ද චණ්ඩි ය. ඒ නිසා ඒ සමග සටන් කරන්නට ද අවශ්‍ය වන්නේ චණ්ඩි ය.  දැන් විදුලි බල මණ්ඩලය පිස්සු හැදෙන තරම් කාර්යක්ෂම ය. මේ මාසයේ බිල නො ගෙව්වොත් ලබන මාසයේ එන්නේ රතු බිලකි. රුපියල් පන්සීයේ...

පත්තර විකුණන අලුත් ම උපාය: පාසල්වල බ්ලැක් ලයන් මාෆියා ඇති බව කීම | Black Lions: the latest sales gimmick of newspaper industry of Sri Lanka

Image
ලංකාවේ ඡායාරූපයක් නො වේ. ( 2010 ඔක්තෝබර් 30,  W3Lanka )  පාසලක ක්‍රියාත්මක වන බව කියන බ්ලැක් ලයන් නම් කල්ලියක් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ප්‍රධාන ධාරාවේ පුවත්පත් කීපයක් විසින් ආරම්භ කර තිබේ. මෙම ජනමාධ්‍ය විසින් කරමින් තිබෙන්නේ ඉතා සුළු තොරතුරක් හෝ ප්‍රබන්ධයක් හෝ අතිශයෝක්තියට නඟා ප්‍රචාරය කරමින් භීතිකාවක් නිර්මානය කිරීමයි. බ්ලැක් ලයන් කල්ලිය පිළිබඳ ලිපියක් මුලින් ම ගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතේ දක්නට ලැබුණු අතර, එය ජනප්‍රිය වීමත් සමග මේ සතියේ දිවයින පුවත්පත ද බ්ලැක් ලයන් වලිගය අල්ලාගෙන තිබේ. දිවයිනේ ලිපියට සබඳතා පුරුක මෙන්න . මෙවැනි කල්ලියක් පාසලක තිබෙන බව දන්නේ නම් මුලින් ම කළ යුතුව තිබෙන්නේ ඒ පිළිබඳව පාසලේ පරිපාලන හා විනය අංශ වෙත ඒ පිළිබඳව සොයා බලන ලෙස දැන්වීමයි. නැතිනම් පොලිසියට පැමිණිලි කිරීමයි. අවශ්‍ය නම්, රහස් පොලිසිය හෝ යොදවා පරීක්ෂණයක් පැවැත්විය හැකි ය. පත්තරකාරයන් කියන හැටියට එතරම් රහසිගත සංවිධානයක ස්වරූපයක් දක්නට නැති මෙම සංවිධානය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පොලිසියට පැයක්වත් ගත විය නො හැක. එහෙත්, මෙම සංවිධානය ගැන දන්නා බව කියන පුද්ගලයෝ පිරිසක් එසේ ...