අන්තිමේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ද මහ නායක හිමිවරුන් නොතකා හැරිය හ

අපේ ගරුතර ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් කියන දෙයක් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැති වීම කණගාටුදායක තත්වයකි.. 


ජනාධිපතිතුමා නම් උන් වහන්සේලා කියන දේ පයිසෙකට මායිම් නො කරන බව සරත් ෆොන්සේකා නිදහස් කරන්නැයි උන්වහන්සේලා කළ ඉල්ලීමට වූ දෙයින් පෙනේ. 


අපේ මහ නායක හිමිවරුන්ට ගිය කල කෙසේද යත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයවත් උන් වහන්සේලාගේ ඉල්ලීම ගණන් ගෙන කරු ජයසූරිය එජාප නායකයා ලෙස පත් කර ගත්තේ නැත.


එපමණක් නො ව, මහ නායක හිමිවරුන්ගේ අනුග්‍රහය ලද කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස පිරිවර බුදු දහමට කෙතරම් නිගරු කළේ ද යත්, සිය ගෝල බාල මැරවරයන් ලවා සිරිකොතේ බුදු මැදුරට ද ගල් ගැස්සූ හ.


මහ නායක හිමිවරුන් කියන දේ අසපුකාර ගනින්නාන්සේලා හා දේශපාලන භික්ෂූහු ද නො සලකති. 


සාමාන්‍ය සංඝයා වහන්සේලාට මහ නායක හිමිවරුන් සමග ඇති සම්බන්ධයක් නැත. 


අනේ මන්දා ය. මේ හැම එක ම විජාතික කුමන්ත්‍රණ ය කියා කියන්නත් බැරි ය. තම තමන් නෙළා ගන්නේ තමන් විසින් ම වපුරන ලද බීජවල අස්වැන්න වන්නට පුළුවන.


අන්තෝ ජඨා බහි ජඨා-ජඨාය ජටිතෝ ජඨා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඒත් මැල්කං රංජිත් කිව්ව දේනම් ඇහුව..

    ReplyDelete
  2. අනිච්චා වත සංඛාරා...!!!

    ReplyDelete
  3. ajith daarshanikawa watila wage mata nam penne....shastruuuuuuuuuuuu???

    ReplyDelete
  4. සජිත්ගේ ගෝලයෝ වෙන්න පෙර මෙයාල රනිල්ගේ ගෝලයෝ කියලා මතක් කලා නම් තමා වඩා හොඳ... ඔය කලකට පෙර රනිල්ව වන්දනා කරපු ගෝලයෝ ...අන්ධානුකරණයෙන් බලය හොයාගෙන ගඩාෆිල පසුපස යන ගෝලයෝ තමන්ගේ අපේක්ෂා ඉටු නෙවෙනකොට අලුත් නායකයන් හොයාගෙන යනවා විතරක් නොවේ තමන් කලකට පෙර වන්දනා කරපු නායකයට ගල් ගහනවා...අතට අහු උන නම් ගඩාෆිට උනදේ වෙන්නත් තිබුන...
    රනිල් 2002 බලයට ආව වෙලාවේ විරුද්ධ පක්ෂයට අයිති තුන්දාහකට අධික පිරිසක් විවිධ චෝදනා යටතේ හිරේ දමාගෙන හිටිය...පක්ෂ අර්බුදයේදී එයාගේ ලිබරල් කලර් එක ආයිත් පෙන්නුවා...ගෝනවල සුනිල් ගෙන් පටන් ගෙන බටලන්දෙන් ගොඩවුන රනිල්ව ආයිත් මතක් කරලා දුන්න...මෙයත් එක්ක මේ රටේ අද තියෙන දේශපාලන ප්‍රශ්න වලට ලැබෙන විසදුම් ගැන හිතාගන්න පුළුවන් මේවා දිහා බලපුවම...

    සජිත් කරු මේ සියලු දෙනා එන්නේ එකම පෙකෙනි වැලකින්...ඒ නිසා යු ඇන් පිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයට විසදුමක් නෙවේ එය ප්‍රශ්නයේම කොටසක්...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා