කරු නිකම් ම නිකම් කරු ය. කරු දැරූ නියෝජ්‍ය නායකකම දැන් සජිත් ප්‍රේමදාස අතේ ය

යූඇන්පීකාරයෝ උඩ බලාගෙන කෙළ ගසාගෙන, බඩ උලාගෙන මුත්‍රා කරගෙන, තමන්ගේ ම අසූචි තමන්ගේ ම කටේ රුවාගෙන සිය සැබෑ දේශපාලන ස්වරූපය පෙන්නුම් කළ හ. 


සිරිකොත ඉදිරිපිට යකා නැටූ පිරිස ගෙන්වූයේ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් යයි කියනු ලැබේ. හැබැයි, කරු ජයසූරිය එජාප නායකයා කර ගන්නට බැරි වුණාට සජිත් ප්‍රේමදාස නම් පියවරක් ඉදිරියට පැමිණ ඇත. 


දැන් කරු නිකම් ම නිකම් කරු ය. කරු දැරූ නියෝජ්‍ය නායකකම දැන් සජිත් ප්‍රේමදාස අතේ ය. 


දැන් සජිත් කළ යුත්තේ සිය තනතුරින් ඉල්ලා අස් වී නායකකමට සුදුස්සා ලෙස තමන් විසින් ප්‍රවර්ධනය කරන ලද, එහෙත්, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලද කරු ජයසූරියට තම පුටුව හෙවත් නියෝජ්‍ය නායකකම දීමයි. 


එහෙම නැතිනම් ආවොත් කරු පායන බව කී හිරු පායන්නේ නැත. 


සිරිකොත ඉදිරිපිට යූඇන්පී බූරුවන්ගේ ජල්ලිය විසින් පහත සඳහන් කරුණ ද සංකේතවත් කරනු ලැබේ. මේ ආණ්ඩුව වෙනස් කරන්නට අවශ්‍ය විශාල පිරිසකගේ බලාපොරොත්තුව වූ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමනක් හෙවත් ගෝ එකක් නැතිකම නිසා එජාප සාමාජිකයෝ හා හිතවත්තු කිපී සිටිති.  ආණ්ඩුව‍ට සෙට් වුණා ය කියා ද වැඩක් නැත. මෝහන් ලාල් ග්‍රේරෝට මෙන් ලැබෙන්නේ එක එකා සූප්පු කළ කටු ය. 


එහෙත්, එජාපයේ මූලික ගැටලුව රනිල් නොව, රනිල්ට විකල්ප වෙනත් නායකත්වයක් නැතිකම ය. කරු අසමත් වී ඇත්තේ 96ක් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දවලින් හතරෙන් එකක් පමණක් ලබා ගනිමිනි. ලෙඩකට දුකකට නම් බෙහෙත් ඇත. බැරිකමට ඉතින් මොනවා කරන්නද?


එජාප නායක රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර සම්මුතියක් ඇති කළේ තමන් බව හුණුපිටිය ගංගාරාමයේ ගලබොඩ ඥානිස්සර හාමුදුරුවෝ නොබෝදා එජාපයට හා නායකයාට සෙත් පතා පවත්වන ලද බෝධි පූජාවකදී ප්‍රසිද්ධියේ ම කීවේ ය. 


එජාප නායකත්ව ඡන්දයේදී රජයේ මාධ්‍ය වැඩ කළේ රනිල් වික්‍රමසිංහට ය. ඒ මේ කියන ගලබොඩ සම්මුතිය අනුව විය හැකි ය. 


රනිල්ට ඉදිරියට යන්නට බැරිකමට හේතුව ද යූඇන්පියේ සිටින සජිත් ප්‍රේමදාස වැනි අභ්‍යන්තර සතුරන්ගේ කකුල් මාට්ටු බව පිළි ගත යුතු ය. 


සජිත්ට නම් බැරි එක බෑ ම ය. 


යූඇන්පියට පව් ය. මෙම ලේඛකයාට මතක් වන්නේ මීට 26 වසරකට පමණ පෙර ඔහු හිරිමල් තරුණ වියේ සිටියදී පත්‍රිකාවක් බෙදුවා ය කියා ඔහු අල්ලා පොලිසියට භාර දී මාස තුනකට හිර ගෙදර යැවූ යූඇන්පී මැරයන්ගේ උජාරුව ය. ඒවා මතක් වන විට හිතෙන්නේ තොපිට තව මදි ය කියා ය. 


කොහොම වුණත්, සිරිකොතේ එජාප ජන රාශි සංදර්ශනය ගැන අපට කීමට ඇත්තේ කච්චිය පිච්චියට ගියත් බල්ලා තවම හෙළුවෙන් ම බව ය. 


මේ හැත්ත නම් නියම සාගත පොරවල් ටිකකි. බලය නැතුව උන්ගේ කුස පොත්ත පිටේ ඇලිලා වෙන්නට ඇත. 


නො දන්න යකාට වඩා දන්න යකා හොඳ වන්නට ද පුළුවන. මුන් ආවොත් ඉන්න එවුන්ට එහා වන්නට පුළුවන. 


1994 ජනාධිපති ඡන්දය වෙලාවේ ආණ්ඩුවට සහාය පළ කරන්නට රාජ්‍ය මාධ්‍යවලට සෙට් වුණු සිත්තර පත්තරේ නිර්මාතෘ චින්තන ජයසේන ඒ දවස්වල ලියූ උපමා කතාවක් ලේඛකයාට සිහිපත් වේ. මතක හැටියට ඒ මෙසේ ය:


එක්තරා (කකුල් හතරේ) බල්ලෙක් පංචතන්ත්‍ර මෙතඩ් එකට කෝටුවක් කටින් රැගෙන වතුර වලකට බැස ටිකින් ටික ගිලෙමින් මැක්කන් කෝටුවට නංවාගෙන පසුව කෝටුව අතහැර දමා මැක්කන්ගෙන් මිදී ෆ්‍රෙෂ් පිට ගොඩ ඇවිත් කස කසා සිටි වෙනත් බල්ලකුට තමන්ගේ ක්‍රමය අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේ ය. 


ඒ අසා සිටි කසන බල්ලා කිව්වේ 'මචං මේකයි වැඩේ. දැන් මුන් ටික මාව කාලා හොඳට බඩ පුරවාගෙන තර වෙලා ඉන්නෙ. මුන් ටික පන්නලා දැම්මොත් අලුත් එවුන් ටිකක් ඇවිත් ආයෙත් මුල ඉඳලා මාව කාවි. ඊට හොඳයි ඔන්න ඔහේ මුන් එක්ක ම ඉන්නවා' කියා ය. 


හෑ දීපන්කො පුළුවන් නම් ඌ........ත්තර!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. රනිල්ට බෑ! රනිල්ට බෑ! කියලා මහජනතාවගේ හදවත් වලට ඔබ්බවලා තිබුන මතය වෙනස් කළා. රනිල්ට 75%ක් ගන්න පුළුවන්

    ReplyDelete
  2. මේ ආණ්ඩුව පෙරලීමට යු ඇන් පි නායකයා සහ එය පසු පසින් එම පක්ෂයේ බලය මෙහෙවන ව්‍යාපාරික පන්තියට දැඩි අවශ්‍යතත්වයක් නැහැ...එයට හේතුව ඔවූන් සදහා එදා රනිල්ලා ගෙනාපු ගජමිතුරු ධනවාදී සැලැස්ම මෙයල ලස්සනට ක්‍රියාවට නංවන නිසා...ක්‍රිකෙට් වල ඉඳල උසස් අධ්‍යාපනය දක්වා සියලු දේ කොමොඩිටීස් කරන්නත්...එවායින් තම පුද්ගලික සුඛ විහරණය සහ හොරා කෑමත් සිදු කිරීමත් එදා වගේම අදත් කරනවා...පොඩි පොඩි අන්තර් පුද්ගල ගැටුම් තිබුනත් ...ඔහොම යන් තමා එයාලගේ ක්‍රමය...බලය නොලැබීමේ සාගතයට අහුඋන යු ඇන් පි කාරයෝ සිරිකොතට ගල් ගැහුවට අර ගොල්ලන්ට මෙහෙම හොඳා...මහින්ද විහින් පරාජිකා වෙලා ඔඩොක්කොට වැටෙන කල් ඉන්න එයාල ලේස්ති ඒකයි...අද අවශ්‍යව තිබෙන්නේ හුදු දේශපාලන බලය අල්ලන විකල්පයකට වඩා පුර්ණ මතවාදී වෙනසක් සදහා ඉදිරියට යන්න සුදානම් විකල්ප බලයක් ගොඩ නැගීමට ක්‍රියාවෙන් සහ අදහස් වලින් වැඩ කිරීම...

    ReplyDelete
  3. බංගලිදේශ කණ්ඩායමේ නායකයා තෝරා ඇත. මෙය බංගලිදේශ ක්‍රිකට් වලට මහත් වැදගත්කමක් ගත්තද ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට පෙන්වන විශේෂත්වය හෝ වැදගත් කමක් නැති.

    වඩා වැදගත් දෙයක් ගැන කිව්වොත්, චින්තනයා මොඩිෆයි කර පංච තන්ත්‍ර බොඩියක් සමග හයිබ්‍රිඩ් කරන්නේ ඊසොප් විසින් නිමවූ එන්ජිමකට බවයි. ඊසොප් ගෙ කතාවේ උන්නේ මැක්කන් නොව කූඩැල්ලන් වේ.

    ReplyDelete
  4. කොම්පුටෙර් ජිල් මාර්ට් වෙන්න බැරිද .. මහින්දගේ වැඩක්

    ReplyDelete
  5. රනිල් ඉන්නකම් මහින්දට ජොලිය. සජිත්ගෙනුත් අපිට වැඩක් නැත.

    ReplyDelete
  6. එක්සත් ජාතික පාක්ෂිකයන් හිටගෙන ඉන්නේ වලිගෙ උඩ,හේතුව මුන්ට ඕනේ කන්න .
    ජේ.ආර්.දසක ගණනාවක් කෙල හල,හල හිටිය දර්මිස්ට වෙන්න,චාන්ස් එක ලැබුන
    සිරිමාගේ මෝඩ හාල් පොලු මිරිස් පොලු හින්ද ,පස්සේ සිරීමට ජපන් පොලු හම්බුනා
    අපිට බැටන් පොලු හම්බුනා,කතාව මේකයි ,ජේ ආර් පිස්සු කෙලියේ නෑ ආණ්ඩුවක් නොර්මල්
    යනකොට ,මැරයන්ටත්,මුදලාලි ලටත් හොරකම් කරන්න උවමනාව හදිසි යි .දැන් සජිත් කරු වටේ ඉන්න
    හොරු රැල වගේ ,ජේ.ආර්. හිටිය තෙල් තාච්චිය රත් වෙනකම් ,මිරිස් කරල දාන්න,එතකොටනේ හොදට කර වෙන්නේ ,
    දැන් සජිත් සහ කරු ට ඕනේ අමු තෙලට මිරිස් කරල දාන්න ,කලේ එන්න ඕනේ ජෝන් අමරතුංග කියනවා වගේ.
    මුන්ට කන්න හදිස්සි උනාට රනිල මොනවා කරන්නද? ඕකුන් දහ අතේ ණයවෙලා ඇති පිස්සු යක්කු!

    ReplyDelete
  7. COMPUTERE JIL MART WENNA BERIDA " NIKAM GON KATHA KIYANNA EPA

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා