Posts

Showing posts with the label කරු ජයසූරිය

කරු නිකම් ම නිකම් කරු ය. කරු දැරූ නියෝජ්‍ය නායකකම දැන් සජිත් ප්‍රේමදාස අතේ ය

Image
යූඇන්පීකාරයෝ උඩ බලාගෙන කෙළ ගසාගෙන, බඩ උලාගෙන මුත්‍රා කරගෙන, තමන්ගේ ම අසූචි තමන්ගේ ම කටේ රුවාගෙන සිය සැබෑ දේශපාලන ස්වරූපය පෙන්නුම් කළ හ.  සිරිකොත ඉදිරිපිට යකා නැටූ පිරිස ගෙන්වූයේ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් යයි කියනු ලැබේ. හැබැයි, කරු ජයසූරිය එජාප නායකයා කර ගන්නට බැරි වුණාට සජිත් ප්‍රේමදාස නම් පියවරක් ඉදිරියට පැමිණ ඇත.  දැන් කරු නිකම් ම නිකම් කරු ය. කරු දැරූ නියෝජ්‍ය නායකකම දැන් සජිත් ප්‍රේමදාස අතේ ය.  දැන් සජිත් කළ යුත්තේ සිය තනතුරින් ඉල්ලා අස් වී නායකකමට සුදුස්සා ලෙස තමන් විසින් ප්‍රවර්ධනය කරන ලද, එහෙත්, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලද කරු ජයසූරියට තම පුටුව හෙවත් නියෝජ්‍ය නායකකම දීමයි.  එහෙම නැතිනම් ආවොත් කරු පායන බව කී හිරු පායන්නේ නැත.  සිරිකොත ඉදිරිපිට යූඇන්පී බූරුවන්ගේ ජල්ලිය විසින් පහත සඳහන් කරුණ ද සංකේතවත් කරනු ලැබේ. මේ ආණ්ඩුව වෙනස් කරන්නට අවශ්‍ය විශාල පිරිසකගේ බලාපොරොත්තුව වූ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමනක් හෙවත් ගෝ එකක් නැතිකම නිසා එජාප සාමාජිකයෝ හා හිතවත්තු කිපී සිටිති.  ආණ්ඩුව‍ට සෙට් වුණා ය කියා ද වැඩක් නැත. මෝ...

ආවොත් කරු - පායයි ද හිරු

Image
(2011 අගෝස්තු 04,   W3Lanka )  එක්සත් ජාතික පක්ෂය මේ වන විට කිසිදා ගොඩ ආ නො හැකි වලක වැටී හමාර ය.  එජාප නායකයන්ට හා ක්‍රියාකාරිකයන්ට විපක්ෂයේ ඉඳලා එපා වෙලා ය. ඒ නිසා ඇත්තෙන් ම මේ වන විට වැඩි දෙනෙක් ආණ්ඩු පක්ෂයට පැනලා ඉවර ය. එජාපයේ ඉතිරි වී සිටින අය වර්ග කීපයකි.  එක් පිරිසක් කෙසේ හෝ මේ ආණ්ඩුව පෙරළා ආණ්ඩු බලය සියතට ගෙන ලොක්කන් වීමේ හා මේ ආණ්ඩුව දැන් කරන දූෂණය සියතට ගැනීමේ තදබල ආසාවකින් පෙළෙති. එක් පිරිසක් ආණ්ඩු බලය නැතත් විපක්ෂ නායකත්වයෙන් සෑහීමට පත් වන පිරිසකි.  තව පිරිසක්  ආණ්ඩුවට රිංගන්නට කුමක් හෝ දොරක් ඇරෙන තුරු බලා ඉන්නා පිරිසකි.  තවත් පිරිසක් එජාපය පාවිච්චි කරන්නේ දේශපාලනයට පිවිසෙන්නට පමණි.  එජාපයේ අඩුවෙන් ම සිටින්නේ කිසියම් ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන අයයි.  ඒ නිසා කරු ආවා කියා පායන ඉරක් නැත. කරු යනු තවත් බොරුවකි. තමන්ට නායකත්වය හිමි කර ගත නො හැකි පක්ෂය විනාශ කිරීමේ කඩාකප්පල්කාරී කාර්යක නියැලී සිටින සජිත් ප්‍රේමදාස නම් අපරිණත කොලු ගැටයාට අසු වූ අයෙකි. ප්‍රතිපත්තියක් නැතිව අතනින් මෙතැනට, මෙතැනින් අතනට පනින කෙළින් ත...