ලංකාවේ බුද්ධිමතුන් ය කියන්නේ අධිවේගී මාර්ගයේ ආපස්සට පයින් යන පිරිසකි

අධිවේගී මාර්ගයෙහි ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් බැස අවට සිරි නරඹමින් සිටි සහකාර කථිකාචාර්යවරයෙකු කිලෝ මීටර් අසූව කණුව අසලදී පෙරේදා (15) සවස අත්අඩංගුවට ගත් බව දක්‌ෂිණ අධිවේගී මාර්ග කොට්‌ඨාසය කියයි.
බද්දේගම පිවිසුම් පොලිස්‌ මුරපළේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා අධිවේගී මාර්ගයෙහි පයින් ගමන් කරද්දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොළඹ සිට මෝටර් රථයෙන් පැමිණෙන අතර බද්දේගම පිවිසුම් මාර්ගය නොපෙණුනු සෙයින් මෝටර් රථය ගාල්ල දෙසට යවා පිටවීම සඳහා පා ගමනින් පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත.


දිවයින පුවත්පතින් උපුටා ගත් මෙම ප්‍රවෘත්ති ඛන්ඩයේ වරදතරු විශ්ව විද්‍යාල ආචාර්යවරයතු බව හුවා දැක්වීම විශ්ව විද්‍යාල ගුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවෙන් කරන ලද්දකැයි කෙනෙකුට තර්ක කළ හැකි ය.


ඒ වුණාට මෙහෙම එකකුත් ඇත. මෙම සිද්ධියෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ යම් කිසි කරුණක් සංකේතාත්මකව පැවසේ. අධිවේගී මාර්ගයේ පිටවීම් ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමේ පුවරු අදාළ පිටවීම් ස්ථානයට කිලෝමීටර ගණනාවකට පෙර සවි කර තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ කියවීමේ කුසලතා දුර්වල මට්ටමක ඇත. ඔවුන් දක්ෂ සටහන් කට පාඩම් කිරීමට හා තවත් අයට ලියා ගැනීම සඳහා කියවීමට ය. ලංකාවේ බුද්ධිමතුන් ය කියන්නේ කල් තබා අවශ්‍ය දෙය නො දකින පිරිසකි. ඔවුන්ට වරද තේරෙන්නේ එය කළ පසු ය. ඉන් පසු, ඔවුහු කළ වරද වසා ගන්නට තවත් වැරදි ගොඩක් කරති.


ලංකාවට මෙහෙම වී තිබෙන්නේ මෙවැනි බුද්ධිමතුන් පිරිසක් සිටින නිසා ය.


ලංකාවේ බුද්ධිමතුන් ය කියන්නේ අධිවේගී මාර්ගයේ ආපස්සට පයින් යන පිරිසකි.


ලංකාවේ මහා ම සරසවි ඇදුරා තමා ය කියා සිතාගෙන සිටින නලින් ද සිල්වා මේ සඳහා හොඳ ම උදාහරණයකි. බටහිර දැනුම යයි සිතින් මවා ගත් දෙයකට විරුද්ධව දුම්මල වරම අතින් ගත් කපුවකු සේ හැසිරෙන විද්‍යාව හදි හූනියම්වලින් ආදේශ කිරීමට උත්සාහ කරන මේ ඇදුරාට එරෙහිව 21දා කැලනිය සරසවියේ ආචාර්යවරු වර්ජනයක් ද කරන්නට සැලසුම් කර ඇත. 


විස්තර මෙතැනින්


Comments

  1. tho thamai buddimatha...

    ReplyDelete
  2. තමුසෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල්... අදත් කාට හරි මඩක් ගැහුව නිසා හොඳට නින්ද යයි නේද?

    අනික තමුසෙ කියන්න හදන්නේ දැන් ඔක්කොටම වඩා තමුසෙ නුවනක්කාරය කියලද?

    පිස්සෙක් ඕයි තමුසෙ...

    ReplyDelete
  3. අපි බුද්ධිමත්තුවත්, මෝඩයෝවත් නොවෙයි. අපි බුද්ධිමතුන් ය කියා ඇඳගෙන ඉන්න උපාධිකාරයන්ව ගණන් නො ගන්නා වාමාංශිකයෝ.යමෙකු බුද්ධිමතෙක්ද නැද්ද යන්න සැබැවින් ම තීරණය වන්නේ උපාධිවලින් නො ව භාවිතාවෙනි.

    ReplyDelete
  4. අතරමං වූ කතිකාචාර්යවරයෙක්.... පවු.. උපාධිය ඇත්තේ කළාවට වෙන්නෑ.. සෞන්දර්ය විඳ විඳ උන්නේ...

    ReplyDelete
  5. උපාධියක් තියෙන එකෙක් බුද්ධිමතෙක් කියල උපාධිකාරයෙක්වත් හිතන්නෙ නෑ. එහෙම හිතෙන්නේ විශ්ව විද්‍යාලයකට නොගිය එකෙකුටයි... ඒ හීනමානෙටයි නිවටකමටයි....

    ReplyDelete
  6. කොහොම උනත් අධිවේගී මාර්ගයේ පයින් ගිය එකා මොකෙක් උනත් මැටි කළයක්.

    ReplyDelete
  7. හෙහ්...w3lankaත් කබර මස් වලට ආසයි වගේ. ඒකනෙ මේ හදිස්සියෙම තලගොයි කබරගොයි සමාන කරන්න හදන්නෙ. w3lanka, තමුන්නැහේලට නලීන් ද සිල්වත් එක්ක ගැටළුවක් තියෙනව නම් මනුස්සය ඔය ලියපු මහා සාගරයක් වගේ ලිපි ගොනුවක් තියෙනවනෙ. ඒ ඔක්කොටම විරුද්ධ වෙන්න අමාරු නම් ඒ එකක හරි ලියල තියෙන කරුණක් අරං තර්කානුකූලව ක්‍රමේකට ඇද ගන්න බලන්න. ට්‍රයි කළොත් බැරිම වෙන එකක් නැහැ. නලීනුත් පෘතග්ජනයෙක්නෙ.

    එහෙම නැතුව නලීන් ද සිල්ව කියන ඒවට හාත්පසින්ම විරුද්ධ කරුණු කොහොමහරි වදෙන් පොරෙන් නලීන්ට ආදේශ කරල නලීන්ට කෙළවන්න පුළුවං කියල හිතාගෙන ඉන්නව නම් ඒක ලොකු වැරදීමක්. මෙහෙම බාළ වැඩ කරන්න යාමෙන් වෙන්නෙ w3lanka බයිට් වෙන එක විතරයි.

    ගුඩ් ලක් හොඳේ.

    ReplyDelete
  8. ඇත්ත කතාවක්. මේ රටට විවිධ වැඩවලට එන ලංකාවේ වි.වි කථිකාචාර්ය වරුන් අතරින් මට හමු වූ බොහොමයක් දෙනා සාමාන්‍ය ජීවිත භාවිතාව ගැනවත් (common sense), රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැනවත් (current affairs) හරි වැටහීමක් නැති අය බව මගෙත් හැගීමයි. ඔවුන්ගේ විෂය දැනුම ගැන මට කිව නොහැකි නමුත්, ඔවුන් 'ගුරුවරුන්' වශයෙන් සාර්ථක වීමේ හැකියාව නම් ඉතා අඩු බව පෙනුනි.

    විභාග සමත් වීමෙන් හෝ උපාධි ලබාගැනීමෙන් බුද්ධිමතෙකු බිහි නොවන නමුත්, රටක වි. වි. ආචාර්ය වරුන් අනිවාර්යෙන්ම (උපාධිධාරී) බුද්ධිමතුන් විය යුතු බව

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා