ජනාධිපති අතින් විවෘත වුණු නෙළුම් පොකුණ වෙබ් අඩවිය ක්‍රෑෂ්!

අතිගරු ජනාධිපතිතුමා ඊයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ වෙබ් අඩවිය විවෘත.කළේ ය.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී ඊයේ එය විවෘත කෙරුණු අවස්ථාව ඇමැති ඩලස් අලහප්පෙරුම හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු නිරීක්ෂණය කරමින් සිටින අයුර ඡායාරූපයේ දිස් වේ.


ජනාධිපති අතින් විවෘත වූ වෙබ් අඩවියේ මේ වන විට හෙවත් 2011 දෙසැම්බර් මස 13 දින ප.ව. 4.30 ඇත්තේ පිංතූරයක් පමණි.


ඒ මේ පිංතූරයයි. එය වෙබ් අඩවියේ නම් කර ඇත්තේ පරීක්ෂණ රූපයක් ලෙසයි. පෙ.ව. 11.55ට පමණ මෙම වෙබ් ලිපිනය යොමු වූයේ මෙවැනි පණිවුඩයකට ය.


“Red Hat Enterprise Linux Test Page”.


“The fact that you are seeing this page indicates that the website you just visited is either experiencing problems, or is undergoing routine maintenance”.


අනේ අපේ ජනාධිපතිතුමාටත් මේ ගෝල බාලයෝ කරන වැඩ! උන්නැහේ අතින් විවෘත කරවලා, ප්‍රසිද්ධ කරපු සයිට් එක පැය 24ක් යන්න කලින් ඩවුන්! දැන්වත් හරි ද බලන්න

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. තමන්ගේ නම හැම වැසිකිලි වලකම යොදා ගැනීමේ උන්මාදය මහින්දට මේ තරම් තියෙන්නේ තමන්ට කලින් හිටිය අයගේ නම් මකා දැමීමේ කුහක චේතනාව හැර අන් කිසිවක් නිසා නොවේ. මහින්දගේ නම දැමූ හම්බන්තොට ලොකු වතුර වල ගොඩයාගන්නට බැරුව දඟලද්දී, ඒ වගේ තවත් එකක් බවට මෙය පත් නොවනු ඇතැයි අපි සිතමු. මේ ශාලාවේ දිනක කුලිය ගෙවා නාට්‍යයක් පෙන්වන්නට අපේ දුප්පත් නාට්‍ය කරුවන් කීයෙන් කීදෙනෙකුට හැකිවේද? දැනටත් දරාගත නොහැකි නාට්‍ය ප්‍රවේශ පත්‍රයක මිල මේ රඟහලේදී කීයක් වෙයිද? බෝල්ෂෙවික් හෝ ඇල්බට් ශාලාවේදී නාට්‍ය බලන මිනිසුන් භාෂාව, සාහිත්‍යය, කලාව ගැන උසස් දැනුමක් හෝ අවබෝධයක් තිබෙන අයයි. ඔවුන්ට එම රඟහල්වල ටිකට් පතක් ගැනීමේ ශක්තියද තියනවා. අපේ රටේ තත්වය කුමක්ද? මේ ශාලාව හරියට නඩත්තු කරන්නට මාසයකට එහි ප්‍රසංග කීයක් පැවැත්විය යුතුද? එපමණ ටිකට් විකිනෙයිද? නැත්නම් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අයට අනිවාර්යයෙන් බැලියයුතුයයි කියා නියෝග කොට ටිකට් විකුණා ගන්නවාද? එදා ඩී එස් සේනානායක මහතා ගල් ඔය ව්‍යාපාරයට ඩී එස් ව්‍යාපාරය කියා නම නොදැම්ම එකනම් හරිම සවුත්තුය. සමහරවිට, ලොක්කගේ අපාන වාත සිඹිමින් ගොම්පස් අල්ලන, කළා ව්‍යාපාරික ජැකා වගේ බම්මන්නන් එදා ඩී එස් ට නොසිටින්නට ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා