නෙළුම් පොකුණේ ගාස්තු
නෙළුම් පොකුණ 'මහින්ද රාජපක්ෂ' රඟහලේ ගාස්තු කොහොමද දන්නවාද? රංග ශාලාවේ එක් දිනක සංදර්ශන දෙකක් සඳහා පමණක් ගෙඩි රුපියල් 1,050, 000කි. ඊට අමතරව තැබිය යුතු ආපසු ගෙවන තැන්පතුව රු. 150,000කි. මෙහි සංදර්ශනයක් පැවැත්වීම සාමාන්‍ය නාට්‍යකරුවකුට නම් සිහිනයකි. මෙයින් සිදු වන සංස්කෘතික නවෝදය කෙසේ වෙතත්, මෙහි සංදර්ශන පැවැත්වීම සඳහා සහන හා අනුග්‍රාහකත්වය හිඟා ගැනීමට පාලකයන් හා ධනපති ඉදිරියේ කොන්ද තවත් වකුටු කරන කලාකරුවන් පිරිසක් නම් මෙයින් බිහි වනු ඇත. විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න