සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්
සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්
මේ ජන අරගල ව්‍යාපාරයේ තේමා පාඨයයි.
ජන අරගල ව්‍යාපාරය දියත් වන්නටත් පෙර ම එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ඇතුළු යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන යන ලදී. ඒ ජන අරගල ව්‍යාපාරයට ඇති බිය නිසා නො ව, ජන අරගල ව්‍යාපාරය පිටුපස කොටි සංවිධානය සිටිනවාද යන්න සොයා දැන ගැනීමට විය හැකි යයි අපි අනුමාන කරමු.
කෙසේ වෙතත්, උතුරේ සාමාන්‍ය තත්වය අනුව මෙම තරුණයන් දෙදෙනා අතුරුදහන් වීමට ඇති ඉඩ වැඩි ය.
ජවිපෙ දේශපාලනය විසින් මෙතෙක් යටපත් කර දමා තිබුණු වාම හෘදය සාක්ෂිය අවදි වීම මෙම තරුණයන් මුදා ගැනීම සඳහා සිදු වන උද්‍ඝෝෂණවල පදනම විය හැකි ය.
උතුරේ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීම තවත් එක් සුලබ, සාමාන්‍ය සිද්ධියක් විනා කොළඹ තබා යාපනය සමාජයවත් කම්පනය කරන්නට සමත් සිද්ධියක් නො වේ.
ජවිපෙ සාමාජිකයන් වෙතින් පිළිබිඹු වන මෙකී හෘදය සාක්ෂියේ කිසියම් නො ගැලපෙන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ ඒ නිසා වන්නට හැකි ය.
කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණත් සමග ම ජන අරගල ව්‍යාපාරය ද දකුණෙන් උතුර දෙසට තල්ලු වෙමින් ඇති බවක් ද පෙනේ.
වෙනස් මිනිසෙක් නිර්මානය කිරීම පහසු කාර්යයක් නො වේ. වෙනස් මිනිසෙක් පිළිබඳ සදා නිම කළ පරමාදර්ශී ප්‍රතිරූපයක් නැත. අප කළ යුතුව තිබෙන්නේ වෙනස් මිනිසෙක් පිළිබඳ සංවාදයක් ඇරඹීමයි.
මෙහිදී අප අදහස් දක්වන්නට යන්නේ වෙනස් මිනිසෙකු යයි පෙනෙන තවත් එක් පරණ මිනිසෙකු ම අනුගමනය කිරීමට ජන අරගල ව්‍යාපාරය වෙතින් පිළිබිඹු වන නැඹුරුව ගැන පමණි.
ජාතික ප්‍රශ්නය විෂයෙහි ඉතිහාසය පුරා ම ජවිපෙ බොහෝ විට දෝලනය වී ඇත්තේ සිංහල හා දෙමළ ජාතිකවාදී අන්තයන් දෙක වෙත ය. 1971 කැරැල්ලෙන් පසු සිංහල ජාතිකවාදී අන්තය වෙත යොමු වෙම්න් සිටි ජවිපෙ අභ්‍යන්තරයේ වාම හෘදය සාක්ෂිය අවදි වීමේ ප්‍රතිඵලයක් ලෙස 1980 දශකය මුලදී ලයනල් බෝපගේ නායකත්වය දුන් ප්‍රවණතාව ජාතික ප්‍රශ්නය විෂයෙහි න්‍යායිකව වඩා මාක්ස්වාදී ස්ථාවරයක් වෙත නැඹුරු වන්නට උත්සාහ කළේ ය.
1990 දශකයේ අගභාගයේදී ජවිපෙන් කැඩී ගිය හිරු කණ්ඩායම ද එවැනි උත්සාහයක් දැරුවේ ය.
2011 අවසාන භාගයේදී ජවිපෙන් කැඩී යන ජන අරගල ව්‍යාපාරය ද පෙන්නුම් කරන්නේ එම ලක්ෂණ ම ය.
මෙහිදී ඇති වන මූලික ම ගැටලුව ලෙස අප හඳුනා ගන්නේ
පීඩිත හා ප්‍රතිචාරාත්මක ජාතිකවාදයක් ලෙස දෙමළ ජාතිකවාදය හඳුනා ගනිමින් යනය ගමන අවසානයේදී බොහෝ පිරිස් තමන් ද නො දැන ම දෙමළ ජාතිකවාදයට ගොදුරු වීමයි. දෙමළ සමාජයේ ඇති දැඩි ජාතිකවාදී හා ජාතිවාදී විභවයන්ගේ බලපෑමෙන් ගැලවීම පහසු නැත.
ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ වමේ කතිකාව අවසානයේදී දෙමළ අරගලය යොමු වන ඕනෑම දිශානතියක් අනුමත කරන තැනට තල්ලු වීමේ අත්දැකීම් අප සතු ය.
ලංකාවේ සිංහල සමාජය වෙතින් පැන නඟින වාම ව්‍යාපාර ජාතික ප්‍රශ්නය විෂයෙහි ගත යුත්තේ කුමන ස්ථාවරය ද යන්න අතිශය වැදගත් ය.
ජන අරගල ව්‍යාපාරය දෙමළ අරගලය පිළිබඳ දරන ස්ථාවරය ඔවුන් තවමත් පැහැදිලි කර නැත.
ජන අරගල ව්‍යාපාරයේ නායකත්වයෙන් දියත් වී ඇති 'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානයේ නමෙහි මූලික දේශපාලන ගැටලුවක් ඇත. දෙමළෙන් ඉලංකෛ වූ ලංකාව ශ්‍රී ලංකාව බවට පත් වූ සිංහල ස්වෝත්තමවාදී සංදර්භය අතහැර දමා ශ්‍රී ලංකාව යන වචනය සලකා බැලීම දේශපාලනිකව අව්‍යක්ත ය. ශ්‍රී ලංකාව යන නම ඍජුව ම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ ය.
දෙමළ ඊලාම් ජාතිකවාදයත්, සිංහල ස්වෝත්තමවාදී ශ්‍රී ලාංකික ජාතිකවාදයත් යන දෙක වෙනුවට ලාංකීය ජාතියක් ගොඩනැඟීමේ වාම මූලික දේශපාලන ව්‍යාපෘතියක් අවශ්‍ය බව අපි කලක සිට පෙන්වා දෙන්නෙමු. එය වාම මූලික ව්‍යාපෘතියක් විය යුතු බව අප කියන්නේ එය සමාජවාදය සඳහා අරගලයේ ම කොටසක් වන බැවිනි.
ලාංකීය ජාතියක් ගොඩනැඟෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතික අනන්‍යතාවන්ගේ සංවර්ධනයක් ලෙසයි. සුළු ජාතික අනන්‍යතා හා දේශපාලන හිමිකම් පිළි ගැනීමට ජන අරගල ව්‍යාපාරය සූදානම් ද?
කුමන පදනමකින් හෝ බලය බෙදා ගැනීම පිළි නො ගන්නා ජවිපෙ ස්ථාවරය සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ මතය කුමක් ද?
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.